ගාස්තු අඩු නොකළ බස් 100 ක් ගැන පැමිණිලි ! තවත් පැමිණිලි ඇත්නම් 0112860860 ට කියන්න

Published in පුවත්
Saturday, 05 October 2024 10:09

ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමග අඩුකරන ලද බස් ගාස්තුව ක්‍රියාත්මක නොකිරීම, ඉතිරි මුදල් ලබානොදීම ඇතුළු තවත් වැරදි සිදුකළ බස් රථ 100කට අධික ප්‍රමාණයකට එරෙහිව ගතවූ දින දෙකක කාලය තුළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම බලධාරීහු පැවසූහ.

මහජනතාවගෙන් පැමිණිලි 100ක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී ඇතැයි එහි පැමිණිලි අංශයේ නිලධාරි ප්‍රගීත් රත්නායක මහතා පැවසීය.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ රුපියල් 3, 5 ආදී ඉතිරි මුදල් ලබානොදීම සම්බන්ධයෙන් බවද හෙතෙම කීය.

තවදුරටත් බස් ගාස්තු සංශෝධනයට අනුව එම ගාස්තුව අය කරන්නේ නැති නම් වැඩිපුර මුදල් අයකර ගන්නේ නම් හා ඉතිරි මුදල් ලබා නොදෙන්නේ නම් ඒ ගැන 0112860860 ට දැනුම් දෙන ලෙස ද හෙතෙම මගී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එසේම බස් ගාස්තු සංශෝධනය සිදු නොකළ දුරසේවා බස් රථ 20කට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්‍ෂිකා ෂෙරින් අතුකෝරාළ මහත්මිය ඊයේ (04දා) පැවසුවාය.

මීගමුව, හයිලෙවල්, නුවර පාර මාර්ගයේ ධාවනය වන දුරසේවා බස් රථවලින් සිදුකළ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද ඇය කියා සිටියාය.

ඉතිරි මුදල් රුපියල් 2, 3 ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ඇය සඳහන් කළාය.

මේ අතර බස් ගාස්තු දැන්වීම් පත්‍රය තවමත් බස් රථවල ප්‍රදර්ශනය කර නොමැති නම් ඒ ගැන 1855 ක්‍ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කළ හැකි බවද ඇය මගී ජනතාවට දන්වා සිටින්නීය.

-p.m

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us