IMF හතර වන වාරික තව මාස ගනනාවකට ප්‍රමාද වෙයි. රනිල් හිටියා නම් මෙහෙම වෙන්නේ නැතිලු. Featured

Published in පුවත්
Sunday, 27 October 2024 12:41


ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එතඟතා අනුව සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධ තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් රොයිටර් පුවත් සේවය පවසයි.

එය සිදුවන්නේ කවදාද යන්න හෝ එය මේ වසර අවසන් වීමට පෙර වේද යන්න පිළිබඳව කාලසටහනක් ලබාදී නැති බවද රොයිටර් වාර්තා කරයි.

වොෂින්ටනයේ ජාමූඅ/ලෝක බැංකු රැස්වීම්වලට සමගාමීව සිදු වූ සාකච්ඡා අතර තුරදී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

විදේශ ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් එහිදී බැඳුම්කරණය හිමියන් සමඟ යම් එකඟතාවයන් ඇති කර ගැනීමට කටයුතු කර ඇතැයි ද ඔහු පවසා තිබේ.

කෙසේ නමුත් තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගින් දිගටම කටයුතු කරන බව මුල්‍ය අරමුදල මේ මස මුලදී සිදු කළ කොළඹ සංචාරයේදී සඳහන් කළේය. මෙහිදී මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ නව ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලනයේ ප්‍රමාදයය. වත්මන් රජය මුල්‍ය අරමුදල සමඟ වන ගනුදෙනු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක පසුවීම මෙයට හේතුව වී ඇතැයි පැවැසේ. 

මෙම තුන්වන සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය අනුව හතරවන ණය වාරිකය නිදහස් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙයි. 

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේ කණ්ඩායම බලයේ හිටියා නම් අපි පළමුවැනි කාර්තුව තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හතරවැනි වාරිකය නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයතු සිදු කරනවා.. යැයි හිටපු මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

කුමන තර්ක විතර්ක ඉදිරිපත් කළද මෙරටේ ඉදිරි ගමන තීන්දු කළ හැකි වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග රටේ ආර්ථික රාමුව සකස් කිරීම සඳහා ඇති කර ගත් එකඟතා සම්පූර්ණ කිරීමෙන් පමණක් බවද හෙතෙම කීවේය.

එම නිසා එම අභියෝගය ජයග්‍රහණය කිරීම වර්තමාන ආණ්ඩුව සතු බවත් එසේ නොවුණ හොත් නැවත කඩාවැටීමකට ලක් වන බවත් හිටපු රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

‘‘අපේ රජය විසින් සුරක්ෂිත ආර්ථිකයක් තමයි වර්තමාන රජයට බාර දීලා තියෙන්නේ. ඒ අනුව මේ රට බංකොලොත්භාවයෙන් තොර රටක් බවට පරිවර්තනය කරලා තමයි වර්තමාන ජනාධිපතිවරයාට රට බාර දීලා තියෙන්නේ. ඒ නිසා එය ආරක්ෂා කර ගැනීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයා සතු වගකීමක්.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගැනීම සඳහා රට හමුවේ තබපු පොරොන්දු ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි එම පොරොන්දු ඉටු කිරීමේදී අපි විශ්වාස කරනවා මේ රටේ සමස්ත ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට පොරොන්දු ඉටු කරන්න කටයුතු කරයි කියලා.

මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ආදායම සියයට දහතුනයි දශම එකක් (13.1). එතකොට ලබන වසර වන විට රාජ්‍ය ආදායම සාමාන්‍ය සේවාවන් පවත්වාගෙන ගිහින් ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය වෙන්න සියයට 15ක් දක්වා වැඩි කර ගත යුතුයි.

සෑම දේශපාලන පක්ෂයකම වගකීම වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තවත් ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යාමට වර්තමාන ආණ්ඩුවට සහාය දැක්වීම. මොකද යම්කිසි කණ්ඩායමක් හිතනවා නම් දේශපාලනිකව වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධා කරනවා කියලා ඒක මේ රටේ මිලියන 22ක් වූ ජනතාවට කරන විශාල බරපතළ අපරාධයක් බවට පත්වෙනවා.’’

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us