මුරලිට චෝදනා කළ විනිසුරු එමර්සන් ඇත්ත හෙළි කරයි

Published in පුවත්
Tuesday, 16 September 2014 09:58

ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තමන් පළමුවරට චෝදනා කළේ වෙනත් පාර්ශ්වයක බලපෑම මත බව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රෝස් එමර්සන් පවසයි.

එබැවින් අදාල තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බව 'ඩේලි ටෙලිග‍්‍රාෆ්ට්' පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් රෝස් එමර්සන් ප‍්‍රකාශ කර තිබේ.


1996 වසරේ බි‍්‍රස්බේන් හී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලි යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට එමර්සන් පළමුවරට චෝදනා කළේය.

ඒ, ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පළමුවන ජාත්‍යන්තර තරගයේ දී වීම ද විශේෂත්වයකි.

පසුව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් ද මුරලිට මෙවැනිම චෝදනාවක් එල්ල කළේය.


කෙසේවෙතත් අදාල චෝදනාවලින් මුරලි නිදහස් වු අතර මේ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවා වන්නේ ද මුරලි වීම විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us