පොලිස්‌ බල්ලා, අටහැවිරිදි සිසුවිය මරා දැමු සාහසිකයා හඳුනාගනී

Published in පුවත්
Friday, 19 September 2014 09:31

අක්‌මීමන ජනබල ගම්මානයේ නිවසක පදිංචිව සිටි අට හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස්‌ අතවර කර එම දැරියගේ ගෙල සිර කර මරා දැමූ සාහසිකයා අක්‌මීමන පොලිසිය මගින් ඊයේ (18 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

'රොනී' නමැති පොලිස්‌ නිල සුනඛයා යොදාගෙන පොලිස්‌ නිලධාරීන් කළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම කෲර ඝාතනය සිදු වූ ස්‌ථානයට රොනී සුනඛයා ගෙන එනු ලැබුවේ ඊයේ දහවල්ය. සැකකරුගේ ඉව පාරේ ගිය "රොනී" ඝාතනය සිදුවූ ස්‌ථානය ආසන්නයේ පිහිටි නිවසකට ගොස්‌ ඇත.

පසුව 'රොනී' එම නිවසේ සැකකාර තරුණයා නිදා සිටි ඇඳ යටට ගොස්‌ බුරන්නට පටන් ගෙන තිබේ.

ඒ අනුව පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම දැරිය ඝාතනය කළේ ඔහු බවට හෙළි වී ඇත.

සැකකාර තරුණයා රැකියාවක්‌ නොකරන 28 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ දැරිය රැගෙන ගොස්‌ අතවර කර පසුව ඇයගේ ගෙල සිරකර මරා දැමූ බවයි. දැරිය මියගිය බව තහවුරු කර ගැනීමට ඇයගේ ගෙල ලණුවකින් සිර කළ බවද ඔහු පවසා තිබේ.

මෙසේ ඝාතනය කරනු ලැබුවේ දේමුනි පූජනී අසන්ති සොයිසා නමැති අට හැවිරිදි දැරියකි.

ඝාතනයට ලක්‌වූ දැරියගේ සිරුර අක්‌මීමන පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගත්තේ නිවස ආසන්නයේ තිබූ තේ පඳුරක්‌ අසල සඟවා තිබියදීය.

මෙම දැරිය අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමත් සමගම ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රංජිත් මාසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කෙරිණි.

පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම ආරම්භ කළ අතර සැකකරු හඳුනා ගැනීමට ගාල්ල පොලිස්‌ කොට්‌ඨාසයෙන් "රොනී" නමැති පොලිස්‌ නිල සුනඛයා ද ගෙන ආවේය.

අපරාධකරුවන් සෙවීමේ හසල දැනුමක්‌ ඇති "රොනී" නමැති නිල සුනඛයා ඉතාම කෙටි කාලයකදී මෙම සැකකරු හඳුනා ගත් බව පොලිසිය පවසයි.

සැකකාර තරුණයා අක්‌මීමන පොලිසිය වෙත රැගෙන ආ අතර ඊයේ සවස්‌ වනතුරු ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටියේය.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ පූජනී අසන්ති දැරිය අන්ත දිළිඳු ජීවිතයක්‌ ගත කරමින් සිටි අයෙකි.

ඇය තම වැඩිමහල් සහෝදරිය සමග පාසල් ගොස්‌ (17 දා) පස්‌වරුවේ නිවසට පැමිණ ඇත. නැගනිය නිවසේ සිටියදී වැඩිමහල් දියණිය උපකාරක පංතියකට ගොස්‌ තිබේ. මව වන එම්. රසාංජලී එදින උදෑසන තේ වත්තක දලු කැඩීම සඳහා ගොස්‌ ඇත. මේ නිසා නිවසේ සිට ඇත්තේ දැරිය පමණි. දැරියගේ පියා පෙදරේරුවෙකි. ඔහු ද රැකියාවට ගොස්‌ සිටියේය.

දැරියගේ මව පස්‌වරුවේ නිවසට එනවිට බාල දැරිය නිවසේ සිට නැත. ඒ වනවිට වෙලාව පස්‌වරු 5.15 ට වන්නට ඇත. මව රසාංජලී දැරියට "චූටි මැණිකේ" කියා කතා කර ඇතත් දැරිය ආගිය තැනක්‌ සොයා ගැනීමට නොහැකි වූයෙන් මව දැරියගේ අතුරුදන්වීම ගැන අක්‌මීමන පොලිසියට පැමිණිලි කොට ඇත. ඒ පස්‌වරු 6.30 ට පමණය. පොලිස්‌ නිලධාරීන් හා ගම්වාසීන් එක්‌ව දැරිය සොයා ඇති අතර ඇගේ මළ සිරුර තේ පඳුරක්‌ යට තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුණේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා ඊයේ (18 දා) අලුයම සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ සිදු කළ අතර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. ඩී. පී. පෙරේරා මහතා ද ඒ සඳහා සහභාගි විය.

මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා දැරියගේ දේහය කරාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.

(මුලාශ්‍රය - දිවයින)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us