ජනපතිගේ විදුලි සහනයේ බර යළි දුප්පතාගේ කරට !

Published in පුවත්
Friday, 19 September 2014 09:55

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් දුප්පත් විදුලි පාරිභෝගිකයාට එතරම් සහනයක් ලැබී නැති බවත්, ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

ජනාධිපති දුන් විදුලි බිල් සහනය නිසා විදුලි බලමණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 55 ක පමණ මුදලක් අහිමි වන අතර සමස්ත ධාරීතාව ලබා ගැනීමට නොහැකිව අඩපණව තිබෙන නොරච්චෝලයේ ගල් අගුරු ජනනය කාර්යක්ෂම කිරීම සිදු නොවුණොත් මෙම පාඩුව මහා භාණ්ඩාගාරය මගින් දැරීමටත්, එය යළි දුප්පත් පාරිහෝගිකයා මත පැටවීමත් නියත වශයෙන්ම සිදුවනු ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයේ උපදේශක, බන්දුල චන්ද්‍රසේකර මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

වැඩි විදුලියක් පරිහෝජනය කරමින් අධික විදුලිබිලක් ගෙවන පොහොසතාටත් අඩු විදුලි පරිහෝජනයක් ඇති අගයෙන් අඩු විදුලි බිලක් ගෙවන දුප්පතාගෙත් එකම ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීම මගින් සිදු කර ඇත්තේ දුප්පතාට වඩා පොහොසතාට වැඩි සහණයක් සැළසීම බවද ද එම නිවේදනයේ දැක්වේ.


ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ නිවේදනය පහත පළවේ.

චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමඟ මෙගවොට් 900ක මුළු ධාරිතාවෙන් යුත් නොරච්චෝල ගල් අඟුරු බලාගාරය බල ගන්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියළු විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල් පත් වලින් සියයට විසි පහක් අඩු කරන බැව් ප්‍රකාශ කළේය. ඊට අමතරව භුමිතෙල්, ඩීසල් සහ පෙට්රල් මිළ ද සුළු වශයෙන් අඩු කළේය.


සමස්ත විදුලි බිලෙන් සියයට 25 ක් අඩු කර ඉදිරි මාසයේ සිට බිල්පත් නිකුත් කරන බැව් විදුලිබල මණ්ඩලයේ සභාපති ඉන් අනතුරුව මාධ්‍යයට පවසා තිබේ.


නියාමන ආයතනය නිහඬයි :

කෙසේවෙතත් විදුලිබල ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිෂම මේ පිළිබඳ තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැත.


තමන්ට දැරිය නොහැකි විදුලි බිලක් ගෙවමින් සිටි පාරිහෝගිකයාට ජනාධිපතිගේ මෙම සහණය අස්වැසිල්ලක් වුවාට කිසිදු සැකක් නැත. සහනය බැලූ බැල්මට කාටත් පොදුවේ දුන් එකක් බැව් පෙණේ.


එහෙත් වැඩි විදුලියක් පරිහෝජනය කරමින් අධික විදුලිබිලක් ගෙවන පොහොසතාටත් අඩු විදුලි පරිහෝජනයක් ඇති අගයෙන් අඩු විදුලි බිලක් ගෙවන දුප්පතාගෙත් එකම ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීම මගින් සිදු කර ඇත්තේ දුප්පතාට වඩා පොහොසතාට වැඩි සහණයක් සැළසීමය.

තවත් අඩු කරන්න පුළුවන් :

ගල් අඟුරු බලාගාරය මෙගවොට් 900 යුත් මුළු ධාරිතාවෙන් පද්ධතියට සමිබන්ධ කිරීමට හැකි වුවහොත් රටේ විදුලි ඉල්ලූමෙන් සියයට 55 ක් පමණ ගල් අඟුරු බලාගාරයෙන් සැපයිය හැකිය.


වැසි අඩු තත්වයක් යටතේ වුවත් ජල විදුලිය සියයට 25 ක් හා පුනර්ජනනීය(සුළං, කුඩා ජල විදුලි බලාගාර) විදුලියෙන් සියයට 10 ක් ලබා ගතහොත් මිළ අධික දැවිතෙල් හා ඩීසල් බලාගාර මගින් ලබාගත යුතු වන්නේ සියයට 10 පමණ සුළු ප්‍රමාණයක් පමණි.

මේ අනුව සියයට 60 ක් පමණ තෙල් මත යැපෙන විදුලි ජනනය අඩු කිරීම යනු විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තුව ද නිසි ක්‍රම වේදයකට අනුව අඩු කිරීමට හැකි වනු ඇත.

දැනට විදුලිබල මණ්ඩලය ඉන්ධන ගැලැපුම් ගාස්තුව මගින් පමණක් රුපියල් බිලියන 34 ක් වාර්ෂිකව උපයා ගන්නා අතර එම ආදායම බිලියන 6 ට පමණ අඩු කළ හැකි විද්‍යාත්මක ක්‍රමවේදයකට මෙම අඩු කිරීම කළ හැකිය.


ඉන්ධන ගැලැපුම් ගාස්තුව :


ඒ සඳහා ඒකක 180 අඩුවෙන් විදුලිය භාවිතා කරන සියළුම ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිලට එකතු කර ඇති ඉන්ධන ගැලපුම් ගාස්තු ඉවත් කළ හැකිය. එනම් ඒකක 90-180 අතර සියළු දෙනාට සියයට 40 ක අඩු වීමක් ලැබේ. ඒකක 90 ට අඩු පරිභෝජනයක් ඇති පිරිසට සියයට 25 ක අඩු වීමක් අපේක්ෂා කළ හැකිය.


ඒකක 180 සිට 300 ක් දක්වා පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට සියයට එම ගැලපුම් ගාස්තුව සියයට 40 සිට 25 දක්වා අඩුකොට සියයට 15 ක සහනයක් ලබා දිය හැක.


ඒකක 300 ට වැඩි පිරිසට සියයට 5 ක අඩු වීමක් ලබා දිය හැක. කර්මාන්ත සඳහා දෙන දිරි ගැන්වීමක් ලෙස එම ක්ෂේත්‍රයට බලපාන සියයට 25 ඉන්ධන ගැලපුම් ගාස්තුව ද ඉවත් කළ හැක.


වානිජ හා හෝටල් ක්ෂේත්‍රයේ සියයට 25 වු එම ගැලපුම් ගාස්තුව සියයට 10 ට අඩු කළ හැක.


මෙමගින් බිලියන 6 ට ආසන්න ආදායමක් ඉන්ධන ගැලපුම් ගාස්තු ලෙස ලංවීම ට උපයා ගත හැකි වනු ඇත. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන පාරිහෝගිකයාට දිරි දීමක් ලැඛෙන අතර නාස්තිකාර පරිභෝජකයාට සංරක්ෂණයට ඉන් බලපෑමක් ද ඇති වනු ඇත.

විදුලි සහනයේ බර යළි දුප්පතා මතට :


මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත ජනාධිපති දුන් සහණය නිසා විදුලි බලමණ්ඩලයට රුපියල් බිලියන 55 ක පමණ මුදලක් අහිමි වන අතර නොරච්චෝලයේ ගල් අගුරු ජනනය කාර්යක්ෂම කිරීමට ලංවීමට මින් අනිවාර්ය බලපෑමක් ඇති වී ඇත.

එය එසේ සිදු නොවුණොත් ලංවීමේ පාඩුව මහා භාණ්ඩාගාරය මගින් දැරීමටත් එය යළි දුප්පත් පාරිහෝගිකයා මත පැටවීමටත් හේතු වුව හොත් ලැඛෙන සහණයක් නැත.

ගල් අගුරු බලාගාරය බලගැන්වීමත් තෙල් මිල පහත දැමීමත් අතර ඍජු සම්බන්ධයක් නොමැති වුවත් මෙම සහණ ලබාදීම බලශක්ති ක්ෂේත්‍රය හා එහි අසාධාරණ මිළ සුත්‍රයන් පිලිබඳව මෑත කාලයේ ඇති වු ආන්දෝලනයේ ප්‍රතිඵලයක් ද විය හැක.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us