අක්ෂි රෝහලේ මුළුතැන්ගෙයි සේවකයන් බිත්තර ,මාළු සොරා ගෙන - හොරු ටික ඇල්ලු දොස්තරට පහර දෙන්න යයි Featured

Published in පුවත්
Thursday, 13 February 2025 09:14

කොළඹ අක්ෂි රෝහලේ මුළුතැන්ගෙයි සේවකයන් විසින් සිදුකරනු ලබන සොරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සේවක පිරිසක් පහරදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම රෝහලේ මුළුතැන්ගෙයි සේවකයන් 14 දෙනකු සේවය කරන අතර ඉන් කිහිපදෙනෙකු එළවළු, මාළු, බිත්තර වැනි දේ නිවෙස් වෙත රැගෙන යන බවට තොරතුරු වාර්තා වීමත් සමග රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර තිබේ.

එලෙස සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රෝහලේ නේවාසික රෝගීන් සඳහා ලැබෙන එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය සේවකයන් කිහිපදෙනෙකු විසින් සොරකම් කර නිවෙස් කරා රැගෙන යන බවටය.

සී.සී.ටී.වී දර්ශන හරහාද මේ බව තහවුරු කරගැනීමෙන් පසු වෛද්‍යවරයා විසින් පෙරේදා (11 වැනිදා) දින මුළුතැන්ගේ වැඩ පරීක්ෂක සහ අරක්ඇමියකු කැඳවා අවවාද කර තිබිණි.

එලෙස අවවාද කර පැය කිහිපයකට පසුව මුළුතැන්ගෙයි සේවකයන් තම කාර්යාලයට පැමිණ නොසන්සුන් ලෙස හැසිරුණු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

එලෙස පැමිණි ඇතැම් සේවකයන් තමාට පහරදීමට සැලසුම් කර තිබූ බවට තොරතුරු වාර්තා වූ බවද හෙතෙම කීවේය. පසුව වෛද්‍යවරයා ඔවුන් සිය කාර්යාලයෙන් පිටත් කර හැර ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙරද මෙහි සිදු වූ සොරකම් හේතුවෙන් සේවකයන් දෙදෙනෙකුට ස්ථාන මාරු ලබාදුන් බවත් එවැනි පියවරක් ගෙන තිබියදී නැවතත් එවැනි ක්‍රියාවන් සිදුවීම පිළිබඳව දැඩිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us