ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබේ.
අද දෙරණ වෙත වාර්තා වන පරිදි අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්“ බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් මේ දක්වා නිල වශයෙන් ශ්‍රී ලංකා රජය හෝ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමක් සිදුකර නොමැත.