යුවන්ජන විජයතිලක නීතිපති ලෙස දිවුරුම් දෙයි

Published in පුවත්
Friday, 24 October 2014 13:21

ශී‍්‍ර ලංකාවේ 28 වන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  ඒ අරලියගහ මන්දිරයේදීය. 



1979 වසරේ නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ විජයතිලක මහතා 1980 වසරේදී රජයේ අධිනීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්විය. 

 එහි වසර 34 ක සිය සේවා කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥවරයෙකු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු හා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වශයෙන්ද විජයතිලක මහතා කටයුතු කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන එස් ආර් විජයතිලක මහතාගේ පුතණුවන්ද වේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us