පවිත්‍රා හෙලිකල ගල් අඟුරු ගෙනාවේ මාදිමාදන් ! Featured

Published in පුවත්
Saturday, 25 October 2014 18:33

රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුකරමින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කල ඉන්දුනීසියාවේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටිල් පෞද්ගලික සමාගමේ (Taurian Iron and Steel Company (Pvt) Ltd ) දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ, මනිවන්නම් නමැති ව්‍යාපාරිකයකු බව විදුලි බල අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ඇසූ ප්‍රශ්නයකට, පෙරේදා (23) පාර්ලිමේන්තුවේදී පිළිතුරු සැපයූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ,  2012 වර්ෂයේ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කිරීමේදී රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුවී ඇති බවයි.

මේ චෝදනාවට ලක්ව ඇති ආර්.එම්.මනිවන්නම් මහතා සුප්‍රීම්සැට් සමාගමේ සභාපතිවරයා වේ.

ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව යයි පවසමින්, 2012 ඔක්තෝම්බර් මස 22 වැනි දින චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීමට දායක වුයේ මෙම සුප්‍රීම්සැට් සමාගමයි. 

ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබුවේය.



ගල් අඟුරු චෝදනාවට චම්පිකගෙන් පිළිතුරු :


කෙසේවුවද, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ හෙළිදරව්ව සම්බන්ධයෙන්, එවකට විදුලිබල ඇමති වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් ගත් තීන්දු සහ ඊට අදාළ ලිපි ලේඛන හා සාක්ෂිද පදනම් කරගෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (24) උදෑසන කැඳවා තිබිණ.

එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක මහතා පහත කරුණු අනාවරණය කළේය. 

2012 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කර ඇති බවත් ඒ වනවිටත් ඒවා ගොඩබා අවසන් බවත් සති අන්ත පුවත්පතකින් අනාවරණය කළේය. 


ඒ පිළිබඳව විමසීමේදී වරාය අධිකාරියේ සහ නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමේ ගල් අඟුරු සහිත නැව් දෙකක් දිවයිනට ආසන්න මුහුදු තීරයට ගෙන්වා ඇති බවත් ඒවා මිලට ගැනීමට ගල් අඟුරු සමාගම සූදානම් බවටත් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව 2012.12.03 වන දින අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ රැස්වීමක් කැඳවීය. ඒ සඳහා ලංවිම, ලංකා කෝල් සමාගම සහ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගී විය.

එහිදී ගත් තීරණය වූයේ නිවැරදි පිරිවිතරයන්ට අදාළ නොවන සියළුම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ගොඩබා හෝ මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයේ ඊට අදාළ නැව් පවතින්නේ නම් ඒවා හරවා යැවිය යුතු බවත්ය. එමෙන්ම අවශ්‍ය ගල් අඟුරු රු ලංවිම පවතින රෙගුලාසි මත දැනට ගල් අඟුරු සපයන නොඛෙල් සමාගමෙන් මිලදී ගන්නා ලෙසට ද තීරණය විය. කෙසේ වෙතත් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමට විවිධ පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව තෝරියන් සමාගමට අයත් නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග බලාගාර භූමියට ගොඩබෑමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.

එහිදී ඇමතිවරයෙකුට හිමි බලතල භාවිත කරමින් විදුලිබල අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පිළිනොගත් ලංකා ගල් අඟුරු සමාගමේ එවක සභාපති තිස්ස හේරත් මැතිතුමාව 2013.01.21 වන දින ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද තමන් නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.  



ධුරයෙන් ඉවත් කලා :



පරීක්ෂණය ආරම්භ කර දින හයකින් තමන්ට එම ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

මේ වංචා සහගත ගණුදෙනුව පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙයට සම්බන්ධ පිරිස්වලට වහා දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙවැනි තාක්ෂණික වංචාවන් අති විශාල වශයෙන් රටපුරා සිදුවන අතර දැනට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද ඉතාම ගැටළුකාරී තත්ත්වයක් තිබේ. 


මෙම දූෂණ සහ වංචා සොයාබැලීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් රටේ පිහිටුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙවැනි ප්‍රශ්න නැවත මතුවීම මහජනතාවගේ අනාගතයට සුභදායී අතර වංචා දූෂණ සිදුකරනු ලබන පුද්ගලයන් සොයා බලා දඬුවම් දීමට ද ඉන් හැකිවේ. 

මෙම වංචාව පිළිබඳව නැවත මතුකිරීම පිළබඳව තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමියට සහ ප්‍රශ්නය නැගූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


වීඩියෝව  බලන්න 



Last modified on Saturday, 25 October 2014 18:57

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us