මැතිවරණයට පෙර ලක්ෂ 4කට හැදුණුම්පත්

Published in පුවත්
Wednesday, 12 November 2014 13:33

නොවැම්බර් 10 වනදායින් ඇරඹුනු ජාතික හැදුණුම්පත් ලබා ගැනීම පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ සතිය යටතේ ක්‍රියාත්මක ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවය ඊයේ (11)වන දින අති සාර්ථක ලෙස ඌව පරණගම ප්‍රා.ලේ කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදී ජාතික හැදුනුම්පත් 487 ක් නිකුත් කිරීමට හැකිවු අතර උප්පැන්න සහතික 292 ක් නිකුත් කිරීමට හැකිවිය.

අද (නොවැ 12 ) දිනයේ ද මෙම ජංගම සේවාව ඌව පරණගම ප්‍රා.ලේ කාර්යාලයේදී පැවැත්වෙන අතර නොවැ 14 වන දින මෙම ජංගම සේවාව හපුතලේ ප්‍රා ලේ කාර්යාලයේදී පැවැත්වෙයි.

මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මහජනතාව දැනුවත් කිරීමේ සතියට සමගාමීව කැෆේ සංවිධානය , ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව බදුල්ල දිස්ත්‍රික්කයේ මෙම ජංගම සේවා පවත්වනු ලබයි.

2014 ඡන්ද හිමි නාමලේඛණයට අනුව ඉදිරියේ දී පැවැත්වෙන කුමන හෝ ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින් ලක්ෂ 4 කට ඉදිරි මාස දෙකක කාලය තුල හැදුණුම්පත් ලබාදීය යුතුව ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ දී නොවැම්බර් 10 දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සහ මැතිවරණ නිරීක්ෂකයින් පැවැත්වූ සාකච්ඡාවේ තීරණය වූවේ මේ සදහා දිවයින පුරා ජංගම සේවාවන් පැවැත්වීමටය.

බදුල්ල දිස්ත්‍රික්කයේ අදියර තුනකින් ජාතික හැදුණුම්පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්යේ 9800 දෙනෙකුට හැදුණුම්පත් ලබාදීමට කැෆේ සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

සායනයේ දී හැදුණුම්පත් ලබාදීම සදහා මුද්දර ගාස්තු, ඡායාරූප සදහා යන වියදම්, සහ උප්පැන්න සහතික ලබාදීම සදහා යන වියදම් ද කැෆේ සංවිධානය විසින් දරනු ලබයි. ජනතාවට අවශ්‍ය සියලු සේවාවන් අද දින නොමිලේ සපයන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

id1

id2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us