මැතිවරණය ඉලක්ක කර ජනපති බොරු කියනවා-සොල්හයිම්

Published in පුවත්
Tuesday, 18 November 2014 13:25

නෝර්වේ රාජ්‍ය එල්.ටී.ටී,ඊයට කිසිවිටෙකත් මුදල් හෝ යුධ උපකරණ නොදුන්නා මෙන්ම සාම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට ආර්ථික සහන පමණක් ලබාදුන් බවත්, එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා ලෙස දැනුවත්ව සිටි බව නෝර්වේ හිටපු සාම නි‍යෝජිත එරික් සොල්හයිම් පවසයි.

එසේම එල්.ටී.ටී,ඊයත් ශ්‍රී ලංකා රජයත් අතර පැවැති සාමක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීමට තමන් කළ කැපවීම අගමැතිවරයා ලෙස එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්වූ බවද සොල්හයිම් පවසයි.

ඔහු මේ බව අවධාරණය කරන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා කුරුණෑගල පැවැති ජනහමුවකදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.

නෝර්වේ විසින් එල්.ටී.ටී,ඊයට මුදල් දුන් බවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ජනහමුවේදී චෝදනා කළ අතර ඊට පිළිතුරු ලෙස නෝර්වේ හිටපු සාම නියෝජිතයා ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය ඉලක්ක කර ජනපති බොරු කියන බවකි.

ජනාධිපතිවරයාගේ එම චෝදනාවට තමන් යළි පිළිතුරු ලබාදෙන බව ට්විටර් පණිවිඩයක් මගින් සොල්හයිම් සඳහන් කර තිබිණ.

ඒ අනූව ජනාධිපතිවරයා විසින් කළ එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිසේත් මූදල් නොදුන් බවත්, ශ්‍රී ලංකා රජයත් එල්.ටී.ටී,ඊයත් අතර එවකට පැවැති සාම ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට ආර්ථික සහන ලබාදුන් බවය.

මෙය වත්මන් ජනපතිවරයා එවකට අගමැතිවරයා ලෙස දැනුවත්ව සිටි බවත්, සාම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා නෝර්වේ රාජ්‍ය කරන කැපවීම එහිදී ඔහුගේ පැසසුමට ලක්වූ බවත් සොල්හයිම් පෙන්වාදෙයි.

ඒ යටතේ එල්.ටී.ටී,ඊ සාම ලේකම් කාර්යාලයට අවශ්‍ය විදුලි සම්ප්‍රේෂණ උපකරණ ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය ආර්ථික සහන ලබාදුන් බවත් එය කිසිසේත් යුද්ධය සඳහා දුන් මූල්‍යාධාරයක් නොවන අතර එම කටයුතු සිදුකළේ සම්පූර්ණ විනිවිද භාවයකින් යුතුව බව ඔහු අවධාරණය කරයි.

විශේෂයෙන් එල්.ටී.ටී,ඊය සමග සාම ක්‍රියාවලිය ගැන මහින්ද රාජපක්ෂ මහතා නෝර්වේ රාජ්‍යයේ කැපවීම අගය කරමින් එම ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන දැනුවත් කරන්නැයි තමන්ට පවසා ඇති අතරම එම කටයුතුවලදී තමාගේ මැදිහත්වීම ඔහු පෞද්ගලිකවම ඇගයීමකට ලක් කළේ යැයිද සොල්හයිම් සිය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us