හදිසි කැබිනට් සංශෝධනයක් !

Published in පුවත්
Friday, 21 November 2014 11:42

ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ අද හෝ හෙට  විශේෂ ප්‍රකාශයක්‌ කර විපක්‍ෂයේ අසුන් ගැනීමේ උත්සාහයක්‌ පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිරිස ඊයේ (20 දා) හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නිව සේදී හමුවී රහසිගත සාකච්ඡාවක්‌ ද පවත්වා ඇතැයි 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.



ප්‍රබල ඇමැතිවරුන් සහ ආණ්‌ඩුවේ දිස්‌ත්‍රික්‌ නායකයන් කිහිප දෙනෙක්‌ද මේ පිරිසට අයත් බව පැවසේ.

මේ අතර විපක්‍ෂයට යන බව පැවසෙන අය තවදුරටත් ආණ්‌ඩු පක්‍ෂයේ රඳවා ගැනීම සඳහා ආණ්‌ඩුවේ තවත් ප්‍රබලයන් පිරිසක්‌ එසේ යන බවට සැකකරන අය සමග සාකච්ඡා වට කිහිපයක්‌ද පවත්වා ඇතැයි දැනගන්නට තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ආණ්‌ඩුවට සම්බන්ධවී ඇමැති ධුර දැරූ කිහිප දෙනෙක්‌ද මේ අතර සිටින බව සඳහන් වේ. 


විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණයකදී එම පිරිසට ආණ්‌ඩු පක්‍ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති අපහසුතාව මෙලෙස එම පිරිස්‌ යළි එජාපයට එක්‌වීමට හේතුව බවද තවදුරටත් පැවැසේ.

මතුව ඇති වර්තමාන තත්ත්වය හමුවේ හදිසි කැබිනට්‌ සංශෝධනයක්‌ කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙහිදී මෙතෙක්‌ එතරම් වැදගත් ඇමැති ධුර හිමිව නොතිබූ ශ්‍රීලනි පක්‍ෂයේ ප්‍රබලයන්ට ඉදිරියේදී ප්‍රධාන පෙළේ ඇමැති ධුර ලැබීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම ජනාධිපතිවරයා සතුව පවතින අමාත්‍යාංශ සහ චම්පික රණවක ඇමැතිවරයා විසින් දරන ලද අමාත්‍යාංශය සහ විපක්‍ෂයට එක්‌වන බවට පැවසෙන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙලෙස ශ්‍රීලනිප ප්‍රබලයන්ට ලබාදීමට නියමිතය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us