මෛත්‍රී ගිය එක බරපතල පහරක් -වාසු

Published in පුවත්
Saturday, 22 November 2014 09:16

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ජනපතිවරණයට ඉදිරිපත් වන බව සිකුරාදා නිවේදනය කළේය.

කෙසේ නමුත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයකුට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මැලිකමක් දක්වනු ඇති බව පවසන ජාතික භාෂා සහ ඒකාග්‍රතාවය පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර, විශේෂයෙන්ම සිරිසේන හිටපු අමාත්‍යවරයා මැතිවරණයේදී "බටහිර අධිරාජ්‍යවාදී, ප්‍රතිගාමී කඳවුර" නියෝජනය කිරීම ඔහුට අවාසියක් වනු ඇති බවත් සඳහන් කළේය.

එබැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කරන බව පවසන අමාත්‍යවරයා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම සිය 'අධිෂ්ඨානය' බවත් සඳහන් කළේය.


18 සංශෝධනය: 'කණගාටුවක් නෑ'


කොළඹ පැවති මාධ්‍ය හමුව ඇමතූ හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව දිගින් දිගටම සමාව ඉල්ලා සිටියේය.


18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තමාද විරුද්ධ නමුත්, "කඳවුර ආරක්ෂා කරගැනීම පිණිස" එයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව කිසිදු කණගාටුවක් නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.

මැතිවරණයෙන් ජයග්‍රණය කිරීමෙන් අනතුරුව දින 60 ත්, 100 ත් අතර කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

දින 100 ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂයේ පොදු අපේක්ෂකයාත් ප්‍රතිඥා දී තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අමාත්‍ය නානායක්කාර කියා සිටියේ හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විට සිටින්නේ 'ජනතාවාදී බලවේග සමඟ නොවන' බවයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්වීම පිළිබඳව විමසීම පිණිස කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ජනාධිපතිවරණය ලබන ජනවාරි 08 වැනි දින පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us