ජනාධිපතිවරණයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Published in පුවත්
Tuesday, 02 December 2014 10:50

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් කොට්ඨාශ මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ පොලිස් ඒකක පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ව දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී පුහුණු කිරීම මෙම සතිය තුළ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මෙම සති අන්තයෙන් පසුව පාසල්වල නිවාඩුව ලබාදෙන බැවින් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන අනෙක් රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණුවීම් දෙසැම්බර් මස දෙවන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us