උපත් පාලනයටත් චිපයක්.

Published in පුවත්
Monday, 14 July 2014 11:16

කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.



මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මිලිමිටර 20 20 7 ප‍්‍රමාණයේ වන මෙම චිපය සැත්කමක් ආධාරයෙන් තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප‍්‍රදේශ වලින් එකක තැන්පත් කිරීම සිදුවේ.

චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද ඇත.මෙම කුටි වල අන්තර්ගත වන්නේ ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් නම් හෝමෝනයකි.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියෙන් සිදුවන අතර ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් ආධාරයෙනි.

ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත වන හෝමෝනයකි.එය කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකයි.

මේ කරුණ සැළකිල්ලට ගෙන නිර්මානය කර ඇති චිපයෙන් සිදුවෙන්නේ එහි කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් රුධිරයට එක් කිරීමයි.පරිශීලකයාට අවැසි වූ විටකදී ඇත්තේ දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්දතිය කි‍්‍රයාත්මක වීමට විධානය ලබා දීම වන අතර එවිට ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටෙ‍්‍රල් රුධිරයට එකතුවේ.

එක්වරක් රුධිරයට එක්කෙරුණු පසු හෝමෝනය කොපමණ කාලයක් කි‍්‍රයාකාරීව පවතින්නේදැයි සම්බන්ධයෙන් පරිශීලකයින්ව දැනුම්වත් කිරීම වෛද්‍යවරුන් මගින් සිදුකිරීමට නිර්මාපකයින් බලාපොරොත්තු වේ.

ඔවුනට අනුව එක් චිපයකින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.

මෙම චිපය යොදාගෙන සිදුකෙරුණු අත්හදාබැලීම් සාර්ථක වුනු බවද නුදුරේදීම එය වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද නිර්මාපකයෝ කියති.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us