ධනවත් මුග්ධයෝ වනසන පරිසරයට අපේ සම්බන්ධයක් නැත

Published in පුවත්
Tuesday, 15 July 2014 12:30
'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 07 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙන් four wheel drive club හී වැඩ බලන ලේකම් අජිත් ප්‍රනාන්දු මහතා, එම ලිපියෙහි ඇතුළත් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අපවෙත එවා ඇත. ඒ පහත පලකර සිටිමු.
 
 
 
හිමාෂි කරුණාරත්න,
සංස්කාරක,
“ලංකා ඩේලි”
 
හිතවත් කරුණාරත්න මහත්මිය,
 
 
 'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 7 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙනි
 
   
 
මෙම ලිපිය ඉහත පුවත්පත් ලිපිය සම්බන්ධව ඔබ හා මා අතර පැවැති සාකච්ඡාව සමග බැඳේ.
 
උක්ත පුවත මගින් “four wheel drive club.” ලෙසට යොදා ඇති ආමන්ත්‍රණය වහාම නිවැරදි කරන මෙන් අප විසින් අවධාරණය කර සිටිමු.
 
අප සංගමය විසින් ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව සමග මෙම පුවතේ සඳහන් වන ආකාරයේ තරගාවලියන් සම්බන්ධ කිසිදු සබඳතාවක් නොමැති අතර එමෙන්ම එම පුවතට යොදා ඇති ඡායාරූපය ද ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූපයක් නොව “RAIN FOREST CHALLENGE MALAYSIA ” නමින් මැලේසියාවේ දී පවත්වන ලද තරගාවලියකදී ගත් ඡායාරූපයක් බව අවධාරණය කරමු. 
 
මෙම ලිපියේ සඳහන් දින යේ සිට දින 07ක් ඇතුලත මෙම නිවැරදි කිරීම සිදු කිරීමට ඔබ අපොහොසත් වන්නේ නම් මේ සම්බන්ධව අපහාස කිරීම යටතේ නීති මගින් ක්‍රියාමාර්ග ගැනීමට කණගාටුවෙන් වුවත් අප හට සිදුවන බවට දැනුම් දීමට කැමැත්තෙමු.
 
ස්තූතියි,
මෙයට විශ්වාසී,
 
අජිත් ප්‍රනාන්දු, 
වැඩබලන ලේකම් 
 
 
 
 
සංස්කාරක සටහන,
 
අප විසින් පළ කරන ලද අදාල ලිපිය, අප විසින් සකස් කරන ලද්දක් නොවන අතර 'සොබදහම් අධ්‍යයන මධ්‍යස්ථානය 'විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි. පරිසර හා සොහාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ප්‍රකට පරිසරවේදියකු වන කතිකාචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතාගේ වගකීම සහිතව  එම  නිවේදනය  අප වෙත යොමුකර තිබුණි. 
 
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා හා පරිසර හා සොහාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය දීර්ග කාලයක් මෙරට පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරයි. එම නිසා ඔවුන් දරණ මත හා හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් අපට අවබෝධයක් තිබේ. ඒ අනුව මෙම නිවේදනය පළ කළ අතර. ඒ සම්බන්ධයෙන්  අපට දෙගිඩියාවක් නැත. 
 
කෙසේ නමුත්  අදාල නිවැරදි කිරීමේ දැන්වීමෙහි සඳහන් ආකාරයට  මෙම ලිපිය සඳහා යොදා ගත් ඡායාරූපය ඒ වන විට පවත්වා නොමැති මෙම තරගාවලියට සම්බන්ධ නැති බව අපි පිලිගන්නා අතර එය අපගේ ඡායාරූප ගැලරියෙහි තැන්පත් ඡායාරූපයකි. එය මෙම තරගවලියේ ස්වභාවය අනුව පාඨකයාගේ දැනුම්වත් භාවය පිණිස තොරා ගත් ඡායාරූපයකි. එයට ඔබ සංගමයේ විරෝධය අපට වටහා ගත නොහැක. 


එමෙන්ම අදාල ලිපියෙහි සඳහන් වන්නේ "යුධ හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four wheel vehicle club) සමාජය විසින්" බව මිසක ඔබ four wheel drive club සම්බන්ධයෙන් නොවේ. ඒ නිසා ඔබගේ නිවැරදි කිරීම මේ ලිපියට අදාල නැති බව අපගේ වැටහීමයි. 

 
ඒ අනුව මේ ධාවන තරගය සඳහා ඔබ  four wheel drive club හි සම්බන්ධයක් නොමැති බව ඔබගේ නිවේදනය අනුව සත්‍ය විය හැකිය.
 
 කෙසේ නමුත් ඔබ අනවබෝධයෙන් නිකුත් කළ මෙම කලබලකාරී  නිවැරදි කිරීමේ ලිපියෙන් මෙම තරගාවලිය හේතුවෙන් වන පරිසර විනාශය නිශේධනය වන්නේ නැති බවද අපි අවධාරණය කරමු.
 
අප රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ නිවේදනය පළ කර සිටියේ මෙම සිදුවන පරිසර විනාශය වලක්වා ගැනීම රට වෙනුවෙන් වගවීමක් ඇති මාධ්‍යවේදීන් ලෙස අපගේද වුවමණාව වන බැවිනි. ශ්‍රී ලංකා යුධහමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට වුව මේ රටේ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීමක් ඇත. රට දැය ආරක්ෂා කිරීම යන්නට මේ සුන්දර පරිසරයද අයත්ය.
 
ඔබගේ නිවැරදි කිරීමට ස්තුතියි.
අප විසින් පළ කළ ලිපිය 
 
 
(මෙම ප්‍රවෘත්තිය සමග පළ වන ඡායාරූපය මෙම තරඟාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පැවැත්වූ මාධ්‍ය හමුවේ ඡායාරූපයකි. )

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us