නාගරික සංවර්ධනය, ගොඨගේ ගොලයෝ නවතා දමයි.

Published in පුවත්
Thursday, 22 January 2015 21:17
නාගරික සංවර්‍ධන අධිකාරියේ තවමත් අරක් ගෙන සිටින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාබය රාජපක්ෂගේ හෙංචයියන් විසින් එම අධිකාරිය යටතේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන ව්‍යපෘති කඩාකප්පල් කරමින් සිටින බව වාර්තාවේ.
 
මේවන විට එම අධිකාරියට නව සභාපතිවරයකු හෝ අනෙක් නිසි බලධාරියෙක් හෝ නව ආණ්ඩුව විසින් පත් කර නොමැත. මේ තත්වය මත මෙහි ඉහළ නිළයන් දරමින් සිටින  ගෝඨාබය රාජපක්ෂගේ හෙංචයියන් විසින් එම අධිකාරිය මඟින් සිදු කෙරුණු සංවර්ධන කටයුතු නවතා දමා ඇති බවත් එමෙන්ම එම කොන්ත්‍රාත්කරුවන්ට අදාල මුදල් හෝ ලබා දීමට නොහැකි බවත් ප්‍රචාරය කරමින් සිටී.
 
අද දින එහි මුදල් ගනු දෙනුවක් පියවා ගැනීමට ගිය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුටම මෙම නිළධාරීන් එලෙස පවසා ඇත.
 
මේ සම්බන්ධයෙන් අප විසින් කළ සොය බැලීමේදී අනාවරණය වූයේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියන් නතර කිරීමට රජය තීරණය කර නැති බවත් පසුගිය රාජපක්ෂ පාලනයේ සිටි දූෂිත නිලධාරීන් මෙම නව ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන ලෙස කටයුතු කරන බවත්ය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ මෙම සිදුවීම ගැන අගමැතිවරයා දැනුවත් කරන බවද අප කළ විමසීමට පිළිතුරු දුන් අගමැති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
 
Last modified on Thursday, 22 January 2015 21:19

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us