ලැජ්ජයි මානෙල් ලැජ්ජයි !

Published in පුවත්
Friday, 23 January 2015 14:20

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි මැයෙන් ඊයේ දිනයේ පළකෙරුණු පුවතකින් රිදුණු පිරිසක් ඉතා පහත් අන්දමින් ෆේස් බුක් හරහා ප්‍රතිචාර දක්වා තිබුණි. ශ්‍රී ලංකාව තුළ බොහෝ ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වන්නේ ඒවායේ නිලධාරීගේ පෞද්ගලික ව්‍යාපෘති ලෙසට බව රහසක් නොවේ.

වුෂු ක්‍රීඩාව සම්බන්ධයෙන් ද තත්වය එසේ ම ය. ක්‍රීඩා පුවත් වාර්තාකාරියක් වශයෙන් ඔවුන්ගේ ක්‍රියාවන් මා හෙළිදරව් කළේ අද ඊයේක සිට නොවේ. වසර ගණනක් පුරාවට පිළිතුරු නොලද චෝදනා බොහෝ ප්‍රමාණයක් අප සතුව ඇත. පිළිතුරු දීම ඔවුන්ගේ අයිතියකි. එය කළ යුතුව තිබුණේ ඔහු මෙතෙක් කළක් ප්‍රගුණ කළායැයි කියන ක්‍රීඩාවට හෝ අදාල සංයමය සහිතව ය.

මානෙල් හෝ ඔහුගේ ගෝලයින් සටන් කලාවට අදාල අතපය වැනවීම් හැරුණු කොට ඊට එහා කිසිවක් ඔවුන් ඒ සඳහා වැය කළ ජීවිත කාලය තුළ උපයාගෙන නොමැති බව ඊයේ දිනයේ නැවතත් ඔප්පු කර ඇත.

ගැහැණියකට පහර දීමට ඇති පහසුම ක්‍රමය ලෙස නින්දාසහගත මඩ අවලාදයක් නැඟීම හැර වෙනත් යමක් කරකියාගැනීමට නොහැකි තැනකට ඇදවැටී ඇති ක්‍රීඩා සංගම් නිලධාරියා පසුගිය වසර පහළවක් පුරා කළ කෙරුවාව ඒ හරහා ම තේරුම් ගැනීමට පහසුය.

අප වෙබ් අඩවිය හරහා පළවූ පුවතකට ප්‍රතිචාර ලෙස මුඩුක්කු කතා, වෛශ්‍යා වෘත්තිය සහ 'බෙඩ් රගර්' දක්වා පල්ලම් බහිනා මානෙල් වැන්නවුන්ට හෝ ඊට එහා ලොක්කන්ට වුව හෙට දවසේ ද ක්‍රීඩව විකුණා කන්නට ඉඩ දී නිහඬව සිටීමට අප සූදානම් නැත.

ඔබලාගේ ප්‍රතිචාර වූෂු ක්‍රීඩාවට තබා අවම පිරිමි කමට ද ලැජ්ජාවකි.

 

ManelDarmakeerth

ManelDarmakeerthi

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us