TRC දූෂිත පාලනය අවසන් කරන ලෙස සේවකයන් ඉල්ලා සිටී

Published in පුවත්
Friday, 23 January 2015 20:27

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මේවන විටත් තනතුරුවල සිටින දූෂිත නිළධාරීන් ඉවත් කර එහි දූෂණ වංචා පරික්ෂා කරන ලෙස එහි සේවක පිරිස ඉල්ලා සිටී.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට යොමුකර තිබෙන ලිපියක මෙසේ දැක්වේ.

"විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දැනට අවුරුදු 04 ක පමණ සිට පාලනය පවත්වා ගෙන යන ලද්දේ පහත සඳහන් නිලධාරින් විසිනි.


01. අධ්‍යක්‍ෂ ජනරාල්- අනූෂ පැල්පිට (දේශපාලන පත්වීමකි)
02. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ- ජනරාල් යූ.එච.සී. ප්‍රියන්ත (ද්විතීයන පදනම මත)
03. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ- ඊ.එල්.කේ. දිසානායක (ද්විතීයන පදනම මත)
04. සහකාර අධ්‍යක්‍ෂ- ඩබ.එල්.ඒ.කේ.ඒ. ගුණතිලක (ද්විතීයන පදනම මත)


ඉහත සඳහන් කිසිදු නිලධාරියෙකු අදාල තනතුරු දැරීම සඳහා සුදුසුකම. සපුරා නැත. එමෙන්ම රජයේ සේවයේ සිටි තනතුරුවලට වඩා ඉහළ තනතුරු ලබා දී (අවිධිමත් පරිදි) එම තනතුරුවල පිහිටුවා ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී 2014 දෙසැමබර් මාසයේදී කොමිෂන් සභාවෙ වියදමින් ලක්‍ෂ 1 ක පමණ මුදලකට ලොන්ඩන් පෙදෙසින් නිවසක් මිලට ගෙන ඒ සඳහා වෙනම කාර්ය මණඩලයක් පත්කොට වැටුප්, අතිකාල, ආහාර, දුරකථන හා විවිධ පහසුකම ලබා ගෙන රහසිගත ස්ථානයක් ලෙස එම ස්ථානය පවත්වා ගෙන යන ලදී. දහවලට එය ජනාධිපතිවරණය පිළිබඳ සමීක්‍ෂණ හා විමර්ශන මධ්‍යස්ථානයකි.

රාත්‍රියට මැති ඇමතිවරුන්ගේ පවා දුරකථනයන්ට සවන් දෙමින් පරිගණක ජාලය මගින් කළ හැකි අකටයුතුකම කරමින් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා අඩපන කරමින් වැඩ කරන ස්ථානයකි. ඒ සඳහා යොදවනු ලැබූ පෞද්ගලික, විශ්වාසවත්, තාවකාලික කාර්ය මණ්ඩලය පැරණි දිනයන් යොදා ස්ථීර කරන ලදී. මෙ සඳහා මිලදී ගත් පරිගණක, කැමරා උපකරණ හා ප්‍රින්ටින් මැෂින් හා කාර්යාල උපකරණවල වටිනාකම කෝටි ගණනකි.

නෙඵම් කුඵණ ව්‍යාපෘතිය සඳහාද උපදේශකවරුන් ලෙස හිතවතුන් හා වන්දිභට සේවකයින්ද පත් කරමින් වැටුපට අමතරව ලක්‍ෂ ගණන් විශේෂ දීමනා ලබා දෙමින් වැටුප් දෙක දෙකද ලබා ගන්නා ලදී.

(නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ සිටින අයෙකු) එයින් කරන ලද වංචා කෝටි ගණනකි.

අධ්‍යක්‍ෂ ජනරාල්තුමා මේ අවුරුදු හතරටම ලබා ගත් වැටුප් මෙන් දහස් ගණනක වටිනාකමක් ඇති කෝටි 20 ක පමණ වටිනාකමකින් යුත් නිවසක් නුගේගොඩ ප්‍රදේශයේ අලුතෙන් ඉදිකර ඇත.

ඔවුන් 2013 දී ඊනියා වැටුප් වැඩි කිරීමක් සිදු කර තම තමන්ගේ තනතුරු සඳහා ඉහළ වැටුප් සකසා ගෙන ඒවා ලබා ගනිමින් සිටී. ඊට අමතරව වෙනත් පරිබාහිර කටයුතුවල නියැලෙන බව දක්වමින් කොමිෂන් සභාව ලවා විවිධ අමතර දීමනාවන් මාසිකව ලබා ගනී. තම හිතවතුන් හා රාජ්‍ය පාක්‍ෂිකයින් උපදේශකයන් ලෙස බඳවා ගෙන රුපියල් ලක්‍ෂය බැගින් වන මාසික දීමනා සහ වෙනත් වාහන, දුරකථන, ඉන්ධන, වෛද්‍ය රක්‍ෂණ පහසුකම‘ ලබා දෙමින් පෝෂණය කරන ලදී.

කොමිෂන් සභාවේ මුදලින් හිතවතුන් හා පරිබාහිර පුද්ගලයින් විදේශ පුහුණුවීම් හා ශීෂ්‍යත්ව ලබා දී රට යවා ඇත්තේ කොමිෂන් සභාවේ මුදලින්ය. මේ පිළිබඳ වියදම් 2014 දී පමණක් කෝටි එකහමාරක් පමණ වන අතර වෙනත් පෞද්ගලික ආයතනවල විශ්‍රාම යන නිලධාරින් හට තෑගි සහ භෝජන සංග්‍රහ පැවැත්වීම සඳහා කොමිෂන් සභාවෙ. මුදල් භාවිතා කරන ලදී.

ඊට අමතරව වාහන මගඩි, ටෙන්ඩර් මගඩි, ආපනශාලාව හා වෛද්‍ය හා ජීවිත රක්‍ෂණ ටෙන්ඩර් කැඳවීම තුළින්ද එම මිළ ගණන් නොසලකා කොමිෂන් සභාවේ ටෙන්ඩර් පටිපාටියට බාහිරින් තම හිතවතුන් සඳහා එම ටෙන්ඩර් ලබා දී ඇත.

එම සියලු දූෂණයන්ගේ තොරතුරු ආයතනය තුළ ඇති ලිපිගොනුවල සඳහන්ව ඇත.

මේ සියලු දූෂණවලට ඉහත නිලධාරින් සෘජුව සම්බන්ධ වී ඇති අතර මේ සියලු දේ සිදුකොට අනූෂ පැල්පිට මහතා විදේශගත වීමට සූදානම් වී සිටී. එබැවින් මුලින්ම එය නතර කළ යුතුව ඇත.

එම පරීක්‍ෂණ සඳහා සෑම ආකාරයකින්ම සහයෝගය ලබා දීමට කොමිෂන් සභාවේ සේවකයන් වන අප පොරොන්දු වෙමු.

තවද කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීමේ උත්සවයේ වියදම කෝටි ගණනකි, ඒ සඳහා සියලු වියදම් කරන ලද්දේ කොමිෂන් සභාව විසිනි. එම වියදම් කිසිදු පටිපාටියකට අනුව සිදු වී නොමැති අතර මෙවැනි අක්‍රමිකතා බොහොමයක් සිදුවී ඇත.

මෙම සිදුවීම් වලට අදාල තොරතුරු සියලු ලිපිලේඛන අප ආයතනයේ පාලන අංශයේ ලිපිගොනු අත්පත් කර ගැනී මෙන් සියලු දූෂණ වංචා අනාවරණය කර ගත හැක. එම ලිපිගොනු පරිහරණය කරන සේවක පිරිසෙන්ද සාක්‍ෂි ලබා ගත හැක.

දැනට ඉහත සඳහන් කළ නිලධාරින් විසින් ආයතනික සේවකයන් වෙත කරන ලද චෝදනා හා පලි ගැනීම තුලින් ඔවුන්ගේ රැකියා අහිමි කර ඇති අතර චෝදනාවලට ලක් වූ අයගේ ජීවිත පවා ඔවුන්ට අහිමි වී ඇත. එබැවින් මේ, පිළිබඳ සොයා බලා හැකි ඉක්මණින් මෙම නිලධාරින් හතර දෙනා ඉවත් කොට අපගේ ආයතනය රැක දීමට කටයුතු කරන මෙන් කොමිෂන් සභාවේ සේවක පිරිස ඉල්ලා සිටීන අතර මොවුන විසින් සිදුකර ඇති වංචා දූෂණ කිපයක් සැකවින් පහතින් දැක්වේ.

 

මැතිවරණ සමයේ විමර්ශන කාර්යාලය නමින් පවත්වා ගෙන ගිය මැතිවරණ දූෂණ ඒකකය සඳහා මිලදී ගැනීම්

 

උපකරණය මිලදී ගත් ආයතනය මුදල
පරිගණක අබාන්ස් මෙට්‍රොපොලිටන්
සොප්ට්ලොජික්
මිලියන 06 අධික
දුරකථන පද්ධති කැමරා සීඩ්ල්ස් (සෝනී) 2,000000.00
දිනපොත්    8,805000.00
සිල් රෙදි    මිලියන 600 අධික

 

 

 

Last modified on Friday, 23 January 2015 21:27

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us