බදු අඩු කරලා සහන දෙන්න පුළුවන්ද? පෙසපයට ගැටළුවක්

Published in පුවත්
Friday, 23 January 2015 21:33

ජනවාරි 29 වන දා ගෙන ඒමට නියමිත අතුරු අය වැය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය සුදානම් වෙමින් සිටී යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටී. අද මරදාන සමාජ හා සාමයීක කේද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ ඔහු වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.


"ලක්‍ෂ්මන් කිරිඇල්ල ජනරල පුවත පතට කියලා තියෙනවා අතුරු අයවැයක් එන්නේ නැහැ මුදල් අමත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කීරීමක් පමණයි 29 වන දා වෙන්නේ කියලා. විශෙෂ් මූල්‍ය රෙගුලාසි මගින් බඩු මිල අඩු කරන්න පුලවන් කියලා ඔවුන් කියනවා. ඒ විතරක් නෙවෙයි, පසුගිය 20 වැනිදා පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදීත් අතුරු අයවැයක් වෙනුවට මුදල් ඇමතිවරයා ප්‍රකාශයක් කරන බව සාකච්චා කර තිබෙනවා.

එය ජනතාවට දුන් පොරොන්දු අමුඅමුවේ කඩ කිරීමක්. මේකට විපක්ෂය එකඟ වුනාද යන්න ඔවුන් පැහැදිලි කල යුතුයි. දැන් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර තිබෙන්නේ සම්මුතියක්. පාර්ලිමේන්තුවට පිටතින් ජනතා විපක්ෂ බලවේගයක් පෙළ ගැස්විය යුතුයි. 2014 නොවැ.මාසයේදී මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කල ජනතා විරොධී අය වැය වෙනුවට ජනතාවාදී අය වැයක් ඉදිරිපත් කරනවා කියලා මේ ජනාධිපතිවරයා මැතිවරණ සමයේදී කිව්වා.

නමුත් දැන් ඒක වෙන්නේ නැති බවක් තමයි පේන්නේ. අමාත්‍ය මන්ඩල විශාල කිරීම්, දේශපාලන පත් කිරීම් නිසා ජනතාව අතර අපේක්‍ෂා භංගත්වයක් ඇති වෙමින් පවතිනවා. මේ කියන්න හදන්නේ අපි ඕක කිවුවා කියලා නෙවෙයි. මේ අයට වෙනස් ප්‍රතිපත්තිමය විකල්පයක් නෑ. අපි ඒ බව මැතිවරණයට පෙරත් කිව්වා. දැන් ජනතාවටත් ඒ බව ක්‍රමයෙන් ඒත්තු යමින් තිබෙනවා. අපි මේ කියන්නේ අපි කියපු දේ හරිගියා කියන්න නෙවෙයි. අපට අනාවැකි හරිගියා කියලා කියන්න අවශ්‍යතාවක් නෑ.

අනාවැකි කියන රස්සාවක් හොයා ගන්න අපට බලාපොරොත්තුවක් නෑ. අපි මේක කියන්නේ දැන් සමාජ අපේක්ෂා කඩවෙලා. ඒකට මොකද කරන්නේ? ඒ සඳහා විසඳුමක් සෙවිය යුතුයි. මේ සාකච්චාව ගෙනෙන්නේ ඒ සඳහා.

අතුරු අය වැයකින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික උපාය මාර්ගයේ වෙනස මොකක් ද කියලා දැන ගන්නයි. බදු මිල අඩු කරන ප්‍රකාශයක් කරනවාලු. ඇයි අතුරු අයවැයක් නොගෙනෙන්නේ? අතුරු අයවැයක් ගෙනාවොත් ආණ්ඩුවට ඔවුන්ගේ ආර්ථික උපායමාර්ගය හෙළි කරන්න වෙනවා. වෙනස් ප්‍රතිපත්තියක් තිබෙනවානම් එය කිව යුතුයි. වෙනස් ප්‍රතිපත්තියක් නැති නිසා තමයි ප්‍රකාශයක් කරලා මග හරින්න හදන්නේ. අයවැය ගේනවානම් කරන්නේ භාණ්ඩයක දෙකක මිල අඩු කිරීමද නැතිනම් පොහොසතුන් නිදහස් කරලා දුප්පතුන් මත බර පටවන බදු ප්‍රතිපත්තිය වෙනස් කරනවාද කියලා කිව යුතුයි.

රජයේ ආදායමෙන් 88%ක්ම බදු ආදායම්. බදු නොවන ආදායම් ඉතා අඩුයි. බදු ආදායමෙන් ඉහල ආදායම්ලාභීන්ගෙන් ය කරන බදු ප්‍රතිශතය 20%ක් පමණයි. බදු මුදලින් 80%ක්ම ය කරන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ජනතාවගෙන්. ඒ බදු මුදල් වියදම් කරන විට ප්‍රමුඛත්වය දෙන්නේ මර්ධනයට සහ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගත් යටි තල පහසුකම් වලට. ජනතාවගේ සැබෑ අවශ්‍යතා නොසලකා හරිනවා. ඒවාට වෙන්කරන මුදල් දිනෙන් දින කප්පාදු කරනවා. අපි අහන්නේ මේක වෙනස් කරනවාද, මේ ප්‍රතිපත්තියම පවත්වාගෙන යනවාද? එකට උත්තර නොදී පොඩි පොඩි පැලැස්තර දාලා වැඩක් නෑ. ඒ සහන දිගුකාලීන නෑ.

මේ බදු ඉවත් කිරීමෙන් අහිමි වන මුදල පියවා ගන්නේ කොහොමද කියලා කිව යුතුයි. ඒකට ණය ගන්නවාද, නැත්නම් වෙනත් බඩු වල බදු වැඩිකරනවාද, එහෙමත් නැත්නම් මහජන සේවා වලට වෙන්කරන මුදලින් අඩු කරනවාද, ආණ්ඩුවට වෙනත් විකල්ප තිබෙනවාද? මේවට උත්තර දෙන්න කියලා අපි බල කරනවා. බදු ප්‍රතිපත්තියම වෙනස් නොකර එකක දෙකක බදු අඩු කරනවා කියන්නේ දකුණු අතින් දෙන දේ වම අතින් උදුරා ගන්නවා කියන එක. ජනතාවට වංචා නොකර මේවාට පිළිතුරු දිය යුතුයි. "

මෙම මාධ්‍ය හමුවට කම්කරු අරගල මධ්‍යස්ථානයේ රන්ජිත් පියතිලකද සහභාගී විය.


Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us