ක්‍රිකට් කුසලානෙන් රූපවාහිනිය හිඟමනට වැටෙන ලකුණු

Published in පුවත්
Friday, 13 February 2015 15:57
නව දේශපාලන අධිකාරියේ බලපෑමෙන්  සී එස් එන් රූපවාහිනිය සතුව තිබූ ක්‍රිකට් තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනිය වෙත ලබා ගැනීමට කඩිමුඩියේ කටයුතු කළද, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි වාර්තා වේ.
මීට හේතුවී ඇත්තේ ඔවුන්ට ප්‍රමාණවත් තරම් අනුග්‍රාහයකයන් සොයා ගැනීමට නොහැකි වීමයි.
 
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විකාශන අයිතිය වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.
 
එහෙත්, රූපවාහිනි සංස්ථාවේ වෙළෙඳ අංශයේ නොහැකියාව සහ නොදැනුවත්කම නිසා අදාළ වියදම හෝ උපයාගත නොහැකි වනු ඇතැයි රූපවාහිනි සේවකයෝ පවසති.
 
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තත්ත්පර 30ක වෙළෙඳ දැන්වීමක් සඳහා අවම මිල රුපියල් එක්ලක්ෂ විසි පන්දහසකට නියම කර ඇති අතර  අවසන් තරගයේ තත්ත්පර 30ක වෙළෙඳ දැන්වීමක් මිල කර ඇත්තේ රුපියල් තුන්ලක්ෂ පනස්දහසක අති විශාල මිලකටය.
 
මෙතරම් විශාල මිලක් මින් කවරදා හෝ නොතිබූ හෙයින් බොහෝ දැන්වීම් නියෝජිත ආයතන සහ අනුග්‍රාහකයන් මේ දක්වා වෙළෙඳ දැන්වීම් මිලදී ගැනීමට කැමැත්ත පළ කර නැත.
 
අදාළ මුදල උපයාගත නොහැකි වනු ඇතැයි බියට පත්ව සිටින රූපවාහිනි සභාපතිවරයා, ප්‍රධාන වෙළෙඳ අංශය දැන්වීම් ලබාදෙන්නැයි රජයේ ආයතනවලට බලපෑම් කරන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
 
මෙම අනවශ්‍ය පීඩනය බොහෝ දැන්වීම් නියෝජිත ආයතන හා අනුග්‍රාහකයන්ගේ නොරිස්සුමට හේතුවී ඇතැයිද වාර්තා වේ.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us