නෙත් FM නාලිකාවට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Published in පුවත්
Friday, 13 February 2015 23:10

පසුගියදා නෙත් එෆ් ගුවන් විදුලි නලිකාවේ 'බැලුම්ගල' නැමැති වැඩ සටහනක් මඟින් සිදුකළ වැලිකඩ මිනිස් සංහාරයට අදාල අපහාසාත්මක හා ජනතාව නොමඟ යවන සුළු වැඩසටහනට එරෙහිව අද දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල පොලිස්පතිවරයාට භාර දී ඇත්තේ නීතිඥ උදුල් ප්‍රේමර්ත්න මහතා විසිනි.

එම පැමිණිල්ල පහත දැක්වේ


පොලිස්පතිතුමා,
පොලිස්මූලස්ථානය,

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවු ගැටුම් පිළිබඳව නෙත් එෆ් එම් නාලිකාව විකාශනය කළ, බැලූම්ගල, වැඩසටහන මගින් හේවාදලූ ගොඩගේ සහන්ශ්‍රී කීර්ති යන අයට සිදුවුහානිය පිළිබඳවයි

2012 වසරේදි වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත්වු අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් රැදවියකු වශයෙන් සිටි හේවාදලූගොඩගේ සහන්ශ්‍රී කීර්ති නැමැති අයට දෙන ලද ව්‍යාජ දුරකථන ඇමතුමක් උපයෝගි කරගෙන 2015-02-09 වනදින විකාශනය කළ,බැලූම්ගල,වැඩසටහන මගින් ඔහුව බරපතල පීඩාවකට පත්කර ඇත.


01. තමා සතුව අපරාධයක් පිළිබඳ සාක්‍ෂි ඇති බව පවසා ඒවා ලබාදීමට කුමක් කළයුතුද යන්න ව්‍යාජ ලෙස විමසමින් සහන්ශ්‍රීට බරපතල වංචාවක් කිරිමට මෙම වැඩසටහන මගින් කටයුතු කර ඇත. (දන්ඩනීති සංග්‍රහය 398)

02.තමා නෙත් එෆ් එම්නාලිකාවෙන් අමතන බව නොපවසා වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිට දුරකථන ඇමතුමක් ලබාදීම මගින් අනෙකෙකු ලෙස පෙනී සිටි මෙන් වංචාකිරිම නැමැති වරදසිදුකර ඇත (දන්ඩනීති සංග්‍රහය 399)

03.සිංහල කොටින් සහ දේශද්‍රෝහීන් ලෙසපදනම් විරහිතව ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කිරිම මගින් කීර්තිනාමයට බරපතල හානියක් සිදුකර ඇත. (දන්ඩනීති සංග්‍රහය 479)

04.සිංහල කොටින් සහ දේශද්‍රෝහීන් ලෙසපදනම් විරහිතව ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ දිගින් දිගටම ප්‍රකාශ කරමින් රටවැසියන් අතර විරුද්ධත්වය හෝ අසමගිය සහ සතුරු භාවය පැතිරවීම මගින් විරුද්ධත්වය ඇවිස්සීමට හෝ ඇවිස්සීමට තැත්කිරිම නැමැති වරද සිදුකිරිම (දන්ඩනීති සංග්‍රහය 120)

මෙමවැරදි ඇතුලූව තවත් බරපතල වැරදි ගණනාවක් මෙතුල සිදුව ඇති බව පෙනීයයි. මෙම අපරාධමය වැරදි පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය යොමුකරනමෙන් හා විමර්ශන කටයුතු සිදුකරනමෙන් ඉල්ලා සිටිමි.

මේ සමග අගතියටපත් හේවාදලූගොඩගේ සහන්ශ්‍රී කීර්තිගේ දිවුරුම් ප්‍රකාශයත් ද ඉදිරිපත් කරමි.


ස්තුතියි,

මෙයටවිශ්වාසි
නීතිඥ උදුල්ප්‍රේමරත්න

 

......................................................

 

 

දිවුරුම් ප්‍රකාශයයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ හබරාදුව, හරුමල්ගොඩ, බොරුපන වත්ත අංක 87/සි,පදිංචි හේවා දලූකඩගේ සහන් ශ්‍රී කීර්ති (841773942v) වන මම බෞද්ධාගම්කාරයෙකු වශයෙන් සත්‍ය ලෙසත්, අවංක ලෙසත්, ගාම්භීරතා පුර්වකව ප්‍රතිඥා දී මෙසේ ප්‍රකාශ කර සිටි.

01. ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශක මම වෙමි.

02. මා ප්‍රකාශ කර සිටින්නේ මා 2007.06.25 වන දින හදිසි නීිතිය යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා කොට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද බවයි.

03. මා ප්‍රකාශ කර සිටින්නේ අත්අඩංගුවට ගෙන වසර 08කට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් අනතුරුව මාහට පවරා තිබු නඩුවලසියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදුව 2014-10-31 දින බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි බවයි.

04. මා ප්‍රකාශ කර සිටින්නේ 2012-11-09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වු දරුණු ගැටුම අවස්ථාවේදි මා එම බන්ධනාගාරයේ රැඳවියකු වශයෙන් සිටි බවයි.
05. මා ප්‍රකාශ කර සිටින්නේ එදින බන්ධනාගාරයේ සිදු වු එම සිදුවීම පිළිබඳව මුලූමනින්ම වෙනස් හා අසත්‍ය ප්‍රකාශයන් රටේ මාධ්‍යයන් තුළින් එවකට පැවති ආණ්ඩුව හා ආරක්‍ෂක අංශ වාර්ථා කළ බවයි.

06. නමුත් එවකට රටෙහි පැවති දේශපාලන හා ආරක්ෂක තත්ත්‍වය අනුව මා හට බණ්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි පසුව වුවද එම සිදුවීම පිළිබඳව සත්‍ය තත්ත්‍වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට නොහැකි වු බවයි. ඊට හේතු වු ප්‍රධාන කාරණාවක් වුයේ එකී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු සිද්ධියෙන් අනතුරුව රටේ ආරක්‍ෂක අංශ විශාල වශයෙන් විවිධ අයුරින් බන්ධනාගාරය තුළට මැදිහත් වී සත්‍ය සිදුවීම ඇසින් දුටු රැඳවියන් හා බන්ධනාගාර නිලධාරින් භිය කිරිමට කටයුතු කිරිම මගින් සත්‍ය සිදුවීමෙහි සාක්‍ෂිකරුවෙකු බවට පත්වීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන තත්ත්‍වයක් නිර්මානය කිරිමයි.

07. මා ප්‍රකාශ කර සිටින්නේ ආරක්‍ෂක අංශ පමණක් නොව මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට මුලින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවට පවා කිසිදු අයුරින් ස්වාධීන ලෙස කටයුතු නොකරන ලද අතර එම කමිටුව හමුවට සාක්‍ෂි දීමට පැමිණෙන සාක්‍ෂිකරුවන් බියවද්දා තමන්ට අවශ්‍ය සාක්‍ෂි ඔවුන්ගෙන් ලබාගත් බවයි.

08. මා ප්‍රකාශ කර සිටින්නේ 2015-02-02වන දින සවස 4.10 පමණ බන්ධනාගාර රැඳවියකු යැයි පවසමින් නාදුනන පුද්ගලයෙකු මාගේ අංක 0715423323 දරණ දුරකථනයට 077-3393734 දරන දුරකථනයෙන් කතාකොට වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්‍ෂක අංශ විසින් සිදු කළඝාතන සම්බන්ධව මාහට යමක් පැවසීමට ඇති බව ප්‍රකාශ කරන ලදි. මාගේ දුරකථන අංකය මැගසින් බන්ධනාගාරයේ මාගේ හිතවතෙකු විසින් ඔහුට ලබාදුන් බවත් පවසන ලදි. ඔහු ලබාදෙන තොරතුරුසම්බන්ධව මා විෂ්වසනීයත්වය රකින්නේ නම් හා ඔහුගේ අනන්‍යතාවය බාහිර පුද්ගලයන්ට දැනගැනීමට ඉඩ නොතබන්නේ නම් ඔහු එම තොරතුරු මාහට ලබාදෙන බව ප්‍රකාශ කරන ලදි. එසේම බන්ධනාගාරය තුළ දුරකථන භාවිතා කිරිම අපහසු බැවින් වෙනත් දිනයක අදාල තොරතුරු මාහට හෙලිකරන බව පවසා දුරකථනය විසන්ධි කරන ලදි.

09. එසේම මා ප්‍රකාශ කර සිටින්නේ එම දුරකථන අංකය නොහඳුනන එකක් වු බැවින් මාගේ ආරක්‍ෂාව පිණිස එම දුරකතන අංකයෙන් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීය පටිගත කිරිමක් සඳහා යොමුකළ බවයි.

10 මා ප්‍රකාශ කර සිටින්නේ 2015.02.08 වන දින සවස 3.08 ට පමණ නැවත ඔහු මාහට දුරකථන ඇමතුමක් ලබාගෙන, පසුගිය දින වල රූපවාහිනි මාධ්‍ය මගින් වැලිකඩ බන්ධනාගාරයේ සිදු වු ඝාතනයන් සම්බන්ධවහෙලිදරව් කරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡා ඔහු දුටු බවත් එම මාධ්‍ය සාකච්ඡා වලදි පෙන්වු ඡායාරූප වලටම අදාල තවත් තොරතුරු සහ සාක්‍ෂි තමන් සතුව පවතින බවත් ඒවා රහසිගතව හා විස්වාසනීය ලෙස සහ ඔහුව හෙලිදරවු නොවන ආකාරයට අදාල සාක්‍ෂි නීතිය හමුවට ඉදිරිපත් කිරිම අවශ්‍ය බවත් ඒ සඳහා තමන් හට උදව් කරන ලෙසත්, ප්‍රකාශ කරන ලදි.

11. ඉන් අනතුරුව මා ප්‍රකාශ කර සිටියේ ඔහු රැඳවියකු වශයෙන් බන්ධනාගාරය තුළසිටින නිසා ඔහුටද ප්‍රශ්නයක් නොවන ආකාරය අදාල සාක්‍ෂිය නීතිය හමුවට ඉදිරිපත් කිරිමට මා එක`ග බවත් අධිකරණ අමාත්‍යවරයා මගින් පත්කොට ඇති කමිටුවටද මේ පිළිබඳව දැනුම්දීමට හැකි බවත් මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරනනීතිඥ මහතෙකු මාර්ගයෙන් ඒවා ලබාගැනීම සහ නීතිය හමුවට ඉදිරිපත් කිරිමට මැදිහත් වීමට මාහට හැකි බවයි.

12. එම රැදවියා යැයි කියාගත් පුද්ගලයා දිගින් දිගටම ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධව ගැටලූ ඇති විය හැකි බව ප්‍රකාශ කළ බැවින් මා කියා සිටියේ නීතිඥ මහතකු මාර්ගයෙන් ඔහු ල`ග ඇතැයි පවසන විඩියෝ පටය (Memory Chip) ලබාගැනීමට කටයුතු කළ හැකි බවයි. එහිදි ඔහු එයට එක`ග නොවු බැවින් මා පැමිණ එය ලබාගැනීමට හැකි ආකාරයක් සම්බන්ධවද මා ප්‍රකාශ කරන ලදි. එහිදි ඔහු එය සිදුකළ හැකි ආකාරය නුදුරු දිනයක් දැනුම් දෙන බවද පවසන ලදි. එසේම ඔහු,මෙම විඩියෝ පටය ලබාදීම වෙනුවෙන් ඔහු වෙනුවෙන් යමක් කළ හැකිදැයි මාගෙන් විමසන ලදි. එහිදි මා ප්‍රකාශකර සිටියේ එසේ විශේෂ යමක් මාහට සිදු කළ නොහැකි නමුත් මෙම හෙලිදරව් කිරිම නිසා ඔහුට දැනට පවතින නඩුවලට හෝ බන්ධනාගාරය තුළ ජීවත්වීමේදි යම් බාධාවක් ඇතිවුවහොත් මැදිහත් විය හැකි බවයි.

13. තවද ඔහු කුඩුකාරයන් හා පාතාල සාමාජිකයන් වැනි අය මෙම සිද්ධියේදි ඝාතනය වු හෙයින් එවා හෙලිදරවු කිරිම සුදුසු ක්‍රියාවක්ද යන්න මාගෙන් විමසා සිටින ලදී. මා ඔහුට ප්‍රකාශ කර සිටියේ බන්ධනාගාර වල සිටින රැඳවියන් කුමන ආකාරයේ අපරාදකරුවන් වුවත් ඔවුන් සිටින්නේ අධිකරණය භාරයේ හෝ බන්ධනාගාරය භාරයේ බැවින් ඔවුන්ට දඩුවම් කිරිමට හැකියාව ඇත්තේ නීතියට අනුව මිස වෙනත් ආකාරයකින් සිදු කරන පහරදීමක් හෝ ඝාතනය කිරිම මගින් හෝ නොවන බවත් යම් හෙයකින් එසේ සිදු කිරිම බරපතල සාපරාධී ක්‍රියාවක් බවත්අපරාධකරුවෙක් වු පමණින් එම මරාදැමීමට ලක් වු රැදවියන්ගේ බිරින්දෑවරුන්ට, දරුවන්ටතම සැමියා, පියා,නොවටිනා පුද්ගලයෙකු නොවන බවත්, ඔවුන්ව මෙලෙස මරා දැමීම තවත් අපරාධයක් බවත්ය. ඉදිරි දිනයකදී වැලිකඩ ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන්ගේ වීඩියෝ දර්ශන සහිත මෙමරි කාඞ් පතක්ද මාහට ලබාදීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඔහු දුරකතන සංවාදය අවසාන කරන ලදි.

14. මා ප්‍රකාශ කර සිටින්නේ 2015-02-09 වන දින දහවල් මාගේ මිතුරකු මාර්ගයෙන්් දැනගන්නේ නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ බැලූම්ගල නැමැති වැඩසටහනින් මා බන්ධනාගාරගත කිරිමට හේතු වු චෝදනාව පාදක කරගනිමින් ,සිංහල කොටින්, යන අන්වර්තනාමයකින් මාත් අප නඩුවේ සිටි අනිකුත් පුද්ගලයනුත් හඳුන්වමින් සහ වැලිකඩ ඝාතනය පිළිබඳ සත්‍ය තොරතුරු අප ප්‍රකාශ කිරිමට උත්සහ කිරිම දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස හුවා දක්වමින් ඉතා ද්වේශසහගත වැඩසටහනක් විකාශනය කළ බවයි.

15. පසුව මා Youtube තාක්ෂණය ඔස්සේ එයට සවන් දුන් අතර එහිදි මාහට වැටහී ගියේ 2015.02.02 දින හා 2015-02-08 වන දින මාහට වැලිකඩ බන්ධනාගාරයේ සිදු වු ඝාතනයන් පිළිබඳ තමා සතු සාක්‍ෂි නීතිය හමුවටපැමිණිවීමට උදවු ඉල්ලූ පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුමෙහි ඇතැම් කොටස් යොදාගනිමින් ඉතා ද්වේශ සහගත අයුරින් හා මා පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ඇති වන අයුරින් එම වැඩසටහන මෙහෙයවු පුද්ගලයින් දෙදෙනා කටයුතු කරන බවයි. ඔවුන් කෙතරම් ද්වේශසහගත ලෙස කටයුතු කළේද යත් මා හට ලබාදුන් ව්‍යාජ දුරකථන ඇමතුම උපයෝගි කරගෙන ඔවුන් වැඩසටහන තුල ප්‍රකාශ කළේ , අපි කොටියෙක් අල්ල ගත්තා,ඔහුගේ හඩට ඇහුම්කන් දෙන්න ,ලෙසයි.

16. මා ප්‍රකාශ කර සිටින්නේ අධිකරණය ක්‍රියාමාර්ගයකින් අනතුරුව සියලූ චෝදනා වලින් සහ එම නඩුවෙන් මුලූමනින්ම නිදොස් කොට නිදහස්් කරණු ලැබ සිටි මා ත්‍රස්ත්‍රවාදියෙකු බවත්, අපරාධකරුවකු බවත්, සිංහල කොටියකු බවත්, පවසමින් මහජනයා කුපිත කරවන ආකාරයෙන් හා සත්‍ය විකෘති කරමින් ප්‍රසිද්දියේ ප්‍රකාශ කොට හිතාමතාම මා හා මාගේ ඥාතීන්ගේ ජීවිත බරපතල අනාරක්‍ෂිත තත්ත්‍වයකට පත්කරන ලද බවයි.

17. මාහට ව්‍යාජ දුරකතන ඇමතුමක් ලබාදෙමින් බරපතල හා සැගවුණු අපරාධයකට සම්බන්ධ ඉතා වැදගත් සාක්‍ෂියක් තමන් සතුව ඇති බවත්, එම සාක්‍ෂිය නීතිය හමුවට ගෙනඒමට තමන් සිටින ස්ථානය අනුව නොහැකි බවත් ප්‍රකාශ කරමින් බන්ධනාගාරයේ රැඳවියකු ලෙස මාහට කථාකළවිට වගකීමක් සහිත පුරවැසියෙකු වශයෙන් එම සාක්‍ෂි විනාශ වීමට නොදි යථා පරිදි පොලිසිය වෙත බාරදිම සඳහා උත්සහ කිරිම සහ ඒ බව ඔහුට දැනුම්දීම මහා කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වමින් වැඩසටහන මෙහෙයවීම මගින් රටක ඕනෑම පුරවැසියකු සතු යුතුකමකට එහා ගිය වගකීමක්ද වන යම් අපරාධයක් සම්බන්ධ තමා දන්නා හා දැනගැනීමට ලැබෙන්නාවු තොරතුරු නීතිය හමුවට ගෙන ඒමකළයුතු වීම වැරදි ක්‍රියාවක් ලෙස හුවා දැක්වීම මගින් රටේ නීතිය හා පුරවැසියාගේ වගකීම හෑල්ලූවට ලක් කිරිම.

18. මා වැඩිදුරටත් ප්‍රකාශ සිටින්නේ මෙම වැඩසටහන මගින් වැලිකඩ ඝාතනය සම්බන්ධව නව කොමිසමක් පත්කර ඇති අවස්ථාවක එහි සාක්‍ෂි ලබාදීමට සිටින පුද්ගලයන්ට බරපතල බලපෑමක් වන සිදු වන බව හා එම සාක්‍ෂිකරුවන්ගේ ජීවිත පවා බරපතල අනාරක්‍ෂිත තත්ත්‍වයකට පත්කර එම සාක්‍ෂි ඉදිරිපත් වීම වළකා මෙම අපරාධය යටගැසීම මගින් අපරාධකරුවන්ට රුකුලක් වන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

19. මා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජාතීන් අතර වෛරයක් ඇති කොට ජාතික අසමගිය ඇතිවන ආකාරයෙන් මෙම වැඩසටහන මෙහෙයවීමට කටයුතු කර ඇති බවයි.

20. මා ප්‍රකාශ කර සිටින්නේ මේ අයුරින් මා පිළිබඳ බරපතල වැරදිසහගත ප්‍රතිරූපයක් සමාජය තුල ඇති කිරිම මගින් මාගේ සමාජීය ජීවිතයට ද ජීවන වෘත්තියකට පවා යෑමට නොහැකි වන අයුරින් කටයුතු කර ඇති හෙයින් මාගේ ආර්ථික ජීවිතයටද බරපතල හානියක් සිදුව ඇති බවයි.

 

ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශය කියවා තේරුම් කර දීමෙන් අනතුරුව වර්ෂ 2015 ක් වු පෙබරවාරිමස 13 වන දින ප්‍රතිඥා දි කොළඹ දී අත්සන් තබන ලදි.

 

 සැබැඳි පුවත්: 

නෙත් FM ජඩමාධ්‍ය කෙරුවාවට උදුල්ගෙන් උත්තරක් (VIDEO) 

 

 

 

Last modified on Friday, 13 February 2015 23:11

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us