පෙත්සම ප්‍රතික්ෂේපවේ - ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට අවසරයි

Published in පුවත්
Wednesday, 18 February 2015 15:29

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා රටින් පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා එම පක්ෂය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(19) යළි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පුද්ගලයා රටින් පිටුවහල් කිරීමට හැකි බව දැනුම්දී තිබේ.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර යන විනිසුරුවන් හමුවේ පෙත්සම විභාගයට ගත් බවත්, එහිදී මෙම නියෝගය ලබාදුන්නේය.

කුමාර් ගුණරත්නම් දේශපාලන හේතුමත රටින් පිටුවහල් කිරීමට යන බව පවසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනු කළේය.

එය සලකා බැලූ අධිකරණය කුමාර් ගුණරත්නම් මහතා ලබන 13 වන දින තෙක් පිටුවහල් නොකරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබුණි.

අනතුරුව එම පෙත්සම සලකා බැලූ අධිකරණය ඔහු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස යළිත් දැනුම්දෙමින් නියෝගයක් නිකුත් කරන ලදී.

ජනතා විමුක්‌ති පෙරමුණෙන් කැඩීගොස්‌ පිහිටුවා ගත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රබලයකු බව කියන කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවත්, ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවත්, නියෝජ්‍ය සොලිස්‌ටර ජනරාල් විරා දයාරත්න මහතා අදාළ පෙත්සම සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා දක්‌වන ප්‍රතිචාරය පැහැදිලි කරමින් පසුගිය 13 වැනිදා අධිකරණය හමුවේදී පවසා තිබිණ.


ඔහු ඕස්‌ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍රයකින් බවත්, එම බලපත්‍රය වලංගු කාලසීමාව ඉකුත් ජනවාරි 31 දා අවසන් බවත්, ඔහු සඳහන් කරන ලදී.


මේ නිසා ඔහු රටින් පිට විය යුතු බවත්, නැතිනම් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ යුතු යෑයිද නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා පවසා තිබිණ.


ඔහු ශ්‍රී ලංකාවේ ඉපිද සෑහෙන කලක්‌ මව්පියන් සෙවණේ හැදී වැඩී පාසල් අධ්‍යාපන ලැබූ අයෙකු බව කුමාර් ගුණරත්නම්ගේ නීතිඥවරයා වන නුවන් බෝපගේ මහතා මගින් ගොනු කර ඇති පෙත්සමෙන් සඳහන් කර තිබුණි.


ජනතා විමුක්‌ති පෙරමුණේ ඇතිවූ අභ්‍යන්තර අර්බුද නිසා සහ තවත් හේතූන් මත ජීවිතයට හානියක්‌ වේයෑයි බියෙන් හෙතෙම ඕස්‌ට්‍රේලියාවට ගිය බවත්, එහිදී නොයෙල් මුදලිගේ යන නමින් පුරවැසිභාවය ලබාගත් බවත්, එමගින් දක්වා තිබුණි.


එසේම තමා එසේ කළේ ඕස්‌ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබූ වහාම ශ්‍රී ලංකාවේ පුරවැසිකම තමන්ට ඉබේම අහිමි වන බව නොදැන බවත්, කෙසේ වුවද එරට පුරවැසිකම අත්හැර ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන දිගටම පදිංචිව සිටීම තමාගේ අපේක්‍ෂාව බවත්, එතෙක්‌ තමා රටින් පිටුවහල් කිරීම වළක්‌වන ලෙස ඉල්ලා සිටින බවත්, පෙත්සමෙන් සඳහන් කර තිබිණ.


තවද තමා ශ්‍රී ලංකාවේ උප්පත්තිය ලැබූ අයෙකු නිසා කවර හේතුවක්‌ උඩ හෝ තම මව්බිමට, තමාට ඇති අයිතිය කිසිවකුට අහිමි කළ නොහැකි බවද, එසේ කිරීම නීතියට සහ සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි බවද, පෙත්සම්කරු අවධාරණය කර තිබුණි.


කෙසේ වුවද එලෙස ඉදිරිපත් වු කරුණු සලකාබැලු අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළේ පෙත්සම්කරු ඉදිරිපත් කරන කරුණු තුළින් මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවු බව තහවුරු නොවන බවයි.මේ නිසා අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල එම පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.

RUK 7312

RUK 7314

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us