ජනමාධ්‍යවේදීන්ගේ සිහින සැබෑ කිරීම මගේ සිහිනයයි- ගයන්ත කරුණාතිලක

Published in පුවත්
Wednesday, 18 February 2015 16:03

නව රජය යටතේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම සියළුම මාධ්‍යවේදීන්ට කිසිවෙකුට ගැති නොවී නොබියව සතුටින් තම වෘත්තිහේ නියැළීමට හැකි වාතාවරණය උදා කිරීම තමාගේ වගකීමක් බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේය.ඔහු මේ අදහස් පළ කළේ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ එම සංවත්සර උත්සව අවස්ථාවට ඊයේ (17) සහභාගී වෙමිනි.

ප‍්‍රවෘත්තිමය සංසිද්ධියක සත්‍ය නිවැරදිව හා ස්වාධීනව වාර්තා කිරීම මාධ්‍යවේදියාගේ යුතුකමක් හා වගකීමක් බවත් දේශපාලඥයා කුමන ආකාරයකින් අර්ථකතන ඉදිරිපත් කළත් විවිධ මාධ්‍ය ආයතන දේශපාලන න්‍යාය පත‍්‍ර වලට අනුව කි‍්‍රයාකළත් ජනතාව සිටින්නේ ඒ සියල්ලටම ඉදිරියෙන් බව අමාත්‍යවරයා පැවසුවේය. ගල් පිළිමයේ හා බොල් පිළිමයේ වෙනස ජනතාව හොඳින්ම දන්නා බැවින් ජනවාරි 08 වෙනිදා රට තුළ දැවැන්ත පරිවර්ථනයක් සිදු කළේ යැයි ඔහු පැවසුවේය.

වර්ෂ 1990 දී ආරම්භ වූ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙතෙක් ආ ගමනේදී නොයෙක් අභියෝග හා තර්ජන වලට මුහුණ දීමට සිදු වූ බව ප‍්‍රකට කරුණක් බවත්
නීතාවිරෝධීව කරගෙන ගිය වැලි ගොඩදැමීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී වික්ටර් මහතාට පහරදී තුවාල සිදු කර ඔහුගේ කැමරා උපකරණ විනාශ කළ අවස්ථාවේදී අසරණ වූ මාධ්‍යවේදියා තනි නොකළ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊට විරෝධයපාමින් අභීතව ක‍්‍රියාකළා පමණක් නොව ඔහුගේ විනාශ කළ කැමරා උපකරණ වෙනුවට අළුතින් කැමරාවක් ලබා දෙන්නත් කටයුතු කළේ කැට මුදල් එකතු කිරීමෙන් බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒ අවස්ථාවේදී තම සංගමයේ ශක්තිය පෙන්නුම් කළා පමණක් නොව, මෙවැනි සංගමයකින් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ලැබෙන රුකවරණය හා පිහිට පිළිබඳව සෙසු පුද්ගලයන්ටත් පණිවිඩයක් ලබා දුන් බවත් මෙවැනි සංගමයක් ආරම්භ කර ක‍්‍රියා කළ යුතු ආකාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ස්වාධීන මාධ්‍යවේදියා ලොකු සම්පතක්, විශාල ශක්තියක්, වංචාදූෂණ වලින් පිරුණු රටක ඒවා හෙළි නොකරණ මාධ්‍යවේදියා නිවටයෙකු ලෙස හැඳින්වීම නිවැරදියි යනුවෙන්ද පැවසුවේය.

එහිදී ඔහු මෙසේද පැවසුවේය

'එක්තරා රුසියානු ලේඛකයෙක් ප‍්‍රකාශකර තිබුණේ යමෙකුගේ නැති ගුණ වර්ණනා කරන යම් ලේඛකයෙකු හමුවුවහොත් ඔහුගේ මූණට කෙළ ගැසීමට තමා පසුබට නොවන බවයි.
පසුගිය කාලේ ආණ්ඩුවට ප‍්‍රශස්ති කියන්න, ප‍්‍රතිරූප පුම්බන්නන මාධ්‍යවේදීන්ටත් සමහර දේශපාලනඥයින්ටත් සිදු වූ බව නොරහසක්. ඒත් පිම්බීමෙන් ඵලක් වුනාද, ජනතාව සිටින්නේ මේ සියල්ලටම වඩා ඉදිරියෙන්. ජනතාව උදාකර දුන්නේ මෛත‍්‍රී පාලනයක්, මාධ්‍ය නිදහස සුරකින රජයක්. ඒ නිසා මාධ්‍යවේදීන්ට නිදහසේ වෘත්තියේ නියැළීමට හැකි පසුබිම නිර්මාණය කරනවා. උතුම් මාධ්‍ය කලාවේ ගෞරවය ආරක්ෂා වන පරිදි ඔබට කටයුතු කළ හැකියි.
දේශපාලන පක්ෂයක දස වසරක් අඛණ්ඩව මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ නිසා මාධ්‍යවේදීනාගේ ගැටළු, ප‍්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසායි මේ අමාත්‍යධූරයේ රාජකාරී භාරගත් දින මම ප‍්‍රකාශ කළේ ජනමාධ්‍යවේදීන්ගේ සිහින සැබෑ කිරීම මගේත් සිහිනය බව.''


වයඹ පළාත් විපක්ෂ නායක ජේ. සී. අලවතුවල, සංගමයේ සභාපති ජනූර් කිව්ලාන්, යාපනයේ ජනමාධ්‍ය සංගම් සභාපති ආර්. දයාබරන්, මාධ්‍ය ජාතික එකමුතුවේ අජන්ත බණ්ඩාර, මඩකලපුව මාධ්‍ය සංගමයේ ඒ. පී. මදන් යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.
ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සමන් වගආරච්චි, වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ, ධර්මරත්න ලංකිපේලි යන අයද විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

wayaba-media

wayaba-media1

wayaba-media2

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us