මානව හිමිකම් සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටු කරන්න - කැෆේ

Published in පුවත්
Monday, 23 February 2015 16:36

මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් එම පොරොන්දු වහාම ඉටු කළ යුතු බවත් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකොන් පැවසීය.



අතුරුදහන්වූවන්, දේශපාලන සිරකරුවන්, අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූවන්, මර්දනය නිසා විදේශගතවූවන් ඇතුළු පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය විසින් පීඩාවට පත්වුවන් පිළිබද පැහැදිළි කිරීමට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙයේදී සදුදා (23) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන් මෙසේද පැවසීය.

මැතිවරණ සමයේදී ආණ්ඩුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් පොරොන්දු රැසක් ලබාදුන්නා. ආණ්ඩුව පිහිටුවා දින පනහකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් මෙසේ ලබාදුන් පොරොන්දු නිසි ආකාරයෙන් ඉටු කර නැහැ.

පසුගිය කාලයේදී අතුරුදහන්වූ පුද්ගලයින්, නීති විරෝධී ආකාරයට සිදුවූ ඝාතන, පැහැරගෙනයාම්, විවිධ හේතූන් මත රදවාගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන බවට වත්මන් ආණ්ඩුව මැතිවරණ කාලයේදී පොරොන්දු වූවා. අතුරුදහන්වූ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු ලබාදුන්නා. ඒත් ලලිත් කුගන් වැනි අතුරුදහන්වූ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා තබා ඒ සම්බන්ධයෙන් වන මූලික පියවරවත් ගෙන නැහැ.

මේ වන විට වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාල පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ හැරෙන්නට වෙනත් කිසිවක් කර නැහැ.
දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින ජයකුමාරි තවමත් සිරගෙන සිටින්නේ. ඇයගේ ළමුන් තවම බූස්ස කදවුරේ රැදවුම් නිවාසයක රදවා තිබෙනවා.

දේශපාලනය කිරීමට ඉල්ලා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට ඒ සදහා අවස්ථාව ලබාදෙන්නේ නෑ. ඔහු ඉල්ලා සිටින්නේ දේශපාලනය කිරීමේ අයිතිය ලබාදෙන්න කියලයි.

පසුගිය කාලයේදී තර්ජන නිසා රට හැරගිය මාධ්‍යෙව්දීන්ට නැවත පැමිණෙන්නැයි ආණ්ඩුව ඉල්ලා තිබෙනවා. ඒත් මේ වන තෙක් ඔවුන් පැමිණ නැහැ. ඔවුන්ට ලංකාවට පැමිණීමට අවශ්‍ය පරිසරය තවම නිර්මාණය වී නැහැ.

සැබවින්ම ජීවිත තර්ජන නිසා ලංකාවෙන් ගිය අය අතරින් පැමිණ සිටින්නේ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පමණයි. ඔවුන් නැවත පැමිණ තිබෙන්නේත් තමන්ගේ රැකියාවලට නැවත එක්වීමටයි.

අතුරුදහන්වූවන්, පැහැරගෙනයාමට ලක්වූවන් සහ දේශපාලනය කිරීමට අයිතිය ඉල්ලා සිටින පුද්ලගයින් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු වහාම ඉටු කළ යුතුයි.

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ


කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවෙන් ගියේ ඔහුට ලංකාවේ සිටීමට නොහැකි තරම් තර්ජන පැවති නිසයි. ඔහු ලංකාවෙන් ගියේ තමන්ගේ ජීවිතයට මතුව තිබූ අවදානම නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. දැන් ඔහු ලංකාවට පැමිණ සිටිනවා. ඔහුට දේශපාලනය කිරීමේ අයිතිය ඉල්ලා අපි අධිකරණය ගියා. අධිකරණය පැවසුවේ මෙය අධිකරණ සීමාවේ පවතින දෙයක් නොව විධායකයේ සීමාවේ පවතින දෙයක් බවයි. විධායකයේ බල සීමාවේ පවතින දෙයකට ඇගිලි ගැසීමට සූදානම් නැති බව අධිකරණය පැවසුවා.

එසේනම් මේ අවස්ථාවේදී කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතුයි. එය ලබාදිය යුත්තේ විධායකයයි.
මේක අධිකරණයේ ප්‍රශ්ණයක් නොවෙයි. දේශපාලන ප්‍රශ්ණයක්. මේ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරිමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතුයි.

කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරීමට අයිතිය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වූවා. පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කරපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා වගේම විපක්ෂය වෙනුවෙන් කතා කරපු වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාත් පැවසුවේ කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කිරීමේ අවස්ථාව ලබාදීමට විරුද්ධ නැති බවයි. පාර්ලිමේන්තුවේදී සාන්තුවරු වගේ කතා කරලා එළියට ඇවිත් වෙනත් ස්ථාවරයක් ප්‍රකාශ කරනවා.

අපගේ පක්ෂ කාර්යාලය පරීක්ෂා කිරීමට පොලීසිය පැමිණියා. ආයුධ සන්නද්ධව පොලිස් නිල ඇදුමින් සැරසුණු පුද්ගලයින් පැමිණ කාර්යාලය පරීක්ෂා කළා. ඒත් පක්ෂ කාර්යාලය පරීක්ෂා කිරීමට පොලීසිය පැමිණියේ නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසා තිබෙනවා. එසේනම් පොලිස් නිල ඇදුම් ඇදගෙන ආයුද සන්නද්ධව පැමිණි කණ්ඩායම කවුරුන්ද. මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. ඒක බරපතල තත්වයක්.



මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි


ජීවිත තර්ජන නිසා රට හැරගිය මාධ්‍යෙව්දීන්ට නැවත රටට එන්නැයි ආණ්ඩුව ආරාධනා කළා. ඒත් එම මාධ්‍යෙව්දීන් ලංකාවට ගෙන්වාගැනිමට අවශ්‍ය තත්වයන් ආණ්ඩුව විසින් සකස් කර නැහැ. පෝද්දල ජයන්තගේ කකුල් කඩපු, තමන්ම ඒ පහරදීමට සම්බන්ධ බව පැවසූ හිටපු ඇමති මර්වින් සිල්වා කිසිදු ගැටලුවක් නැතිව පාරේ යනවා.

විවිධ තර්ජන නිසා රට හැරගිය මාධ්‍යෙව්දීන් ඇතැම් රටවල දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඔවුන්ට නැවත ලංකාවට පැමිණීමේදී දඩ මුදල් ගෙවීමට සිදුවෙනවා. මේ දඩ මුදල් ගෙවීමට නොහැකි මාධ්‍යෙව්දීන් සිටිනවා. රට හැර ගිය මාධ්‍යෙව්දීන් නැවත ලංකාවට ගෙන්වාගැනිමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබෙනවානම් ඒ ගැන ආණ්ඩුව පැහැදිළි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්


මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව පොරොන්දු දුන්නා. මේ පොරාන්දු ආණ්ඩුව දැන් ඉටු කළ යුතුයි. මානව හිමිකම් ආරක්ෂා කරනවා කියලා ආණ්ඩුව වචනයෙන් පමණක් කීම ප්‍රමාණවත් නෑ. ආණ්ඩුව භාවිතයෙන් එය පෙන්වා දිය යුතුයි.

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික


අලුත් ආණ්ඩුව බලයට පත්වුනේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒත් මේ වන විට අධ්‍යාපනය පුද්ගලීකරණය කරන වැඩපිළිවෙල මේ ආණ්ඩුව විසින් යළිත් ආරම්භ කර තිබෙනවා.

කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවෙන් ගියේ ජීවිත තර්ජන නිසා. ඔහු දැන් ලංකාවට ඇවිත් දේශපාලනය කිරීමේ සූදානමින් සිටිනවා. දේශපාලන ක්‍රියාකාරීන්ට සලකන ආකාරය බලලා තමයි අනෙක් අය ලංකාවට පැමිණෙන්නේ.

මේ ආණ්ඩුව විසින් තවත් මාස එකහමාරක් මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටිනවා. මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටින අවස්ථාවකදී දේශපාලන ක්‍රියාකාරීන්ට දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබාදෙන්නේ නැතිනම් ඉදිරියේදී ඇතිවිය හැකි මර්දනය කෙසේදැයි අපිට සිතාගත හැකියි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.


Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us