එජාපය දේශපාලන දඩයමක්‌ අරඹලා - දිනේෂ් විහිළු සපයන්නෙක් වෙලා

Published in පුවත්
Thursday, 26 February 2015 07:42

ජනතාවට ලබාදුන් දින සියයේ පොරොන්දුව පිටුපස තබාගෙන දේශපාලන දඩයමක වත්මන් ආණ්‌ඩුව නිරතව සිටින බව මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කර තිබිණි.


'යහපාලන ආණ්‌ඩුව රාජ්‍ය සේවයේ යහපාලනය උල්ලංඝණය කරලා. රාජ්‍ය යාන්ත්‍රණයේ බුද්ධිමතුන්ට, උගතුන්ට අපහාසයක්‌ වෙලා. කිසිදු වැඩපිළිවෙළක්‌, අවබෝධයක්‌ නැහැ. ඉපැරණි කරුණකට විමල් වීරවංශ හා එම මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා. තිස්‌ස අත්තනායක හිර කළා. ඇප දිය හැකි චෝදනාවලට ඇප නොදී හිරකරලා. '


මහින්ද රාජපක්ෂ යුගයේදී දඩයම් බල්ලන් රටේ සියළු පිරවැසියන් පි‍ටුපස හඹා ගිය අයුරු දිනේෂ් ගුණවර්ධන මහතාට අමතකව තිබීම කණගා‍ටුදායකය.

ලසන්ත වික්‍රමතුංගලගේ ඝාතනයේ සිට මාධ්‍යවේදීන් විසි ගනනක් ඝාතයටත් තවත් පිරිසක් අතුරුදහන් කරවීමත් සිදුකෙරුණු බව සුදු වෑන් කල්ලිවලින් සියයගනනක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කෙරුණ බව සරත් ෆොන්සේකාට හා ඔහුගේ ආධාරකරුවන්ට දුන් දස වද මේවා දිනේෂ්ලාට අද අමතකව තිබේ.

යම් හෙයකින් මහින්ද රාජපක්ෂ යළි බලයට පත් වූවා නම් දිනෙශ් ගුණවර්ධනලා ට කියන්නේ වන්නේ අපි යළි දඩයම් යුගයක් ආරම්බ කළ බවය. රාජපක්ෂලා බලයට පැමිණ වූයේ නම් මෙරට ලේවිලක් වීම කිසිසේත්ම වැලැවිය හැකි නොවණු ඇත. දිනේෂ්ලා සත්‍ය ගරුක දේශපාලකයන් නම් වියයුත්තේ රාජපක්ෂලා ගේ පළිගැනීමේ දේශපාලනය අවසන් කර වරද කරුවන්ට නිසි නෛතික ක්‍රමවේදයන් අනුව දඬුවම් කිරීමට වත්මන් පාලනය පියවරගැනීම ගැන ස්තූති කිරීමය.

එහෙත් ජාතියේ අවාසානාවට මේ ජේෂ්ඨ දේශපාලඥයා ජාතියට විහිළු සපයන්නෙක් බවට පත්ව තිබේ.

ඔහු මෙලෙස කවර කතා දෙඩූවද මීළඟ මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලනීපය හා වන සන්ධානයකින් තරග කිරෙම සඳහා මේවන විට එකඟ තාවයක සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ දිනෙෂ්ගේ තවත් කතා,

පොලිසිය පිටුපස දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වෙනවා. කැටගොඩ මන්ත්‍රීවරයාගේ නිවසට ආණ්‌ඩුවේ මැර පිරිස්‌ යොදවා තර්ජන කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අනතුරු අඟවලා. ප්‍රොඩාකාරී අයවැයෙන් ජනතාවට ලැබුණු දෙයක්‌ නැහැ. සහල් මිල වැඩි වෙලා. වත්මන් අගමැතිවරයා එදා පොළවල් ගානේ පත්‍රිකා බෙදුවා. අද එහෙම යන්න බැරි නම් වෙන කෙනෙක්‌ යවලා වෙළෙඳ පොළේ තත්ත්වය බලන්න. ජනතාවට සෙතක්‌ වූ සතොසේ අද තත්ත්වය කණගාටුදායකයි. රාජ්‍ය/සංස්‌ථා/පුද්ගලික ආදායම් තත්ත්වය බරපතල ලෙස පහත වැටිලා.

මහින්ද රාජපක්‍ෂ මහතා මාතෘභූමියේ හා රටේ ඒකීයත්වය වෙනුවෙන් කළ සේවය අමතක කරන්න බැහැ. අවුරුදු ගණනක්‌ තිස්‌සේ පැරදුණු රනිල්ට පුළුවන් නම් ඡන්ද ඉල්ලන්න ඇයි එක පාරක්‌ පැරදුණු මහින්දට ඉල්ලන්න බැරි? සන්ධානයට අවශ්‍ය නැහැ එජාපය සමග කරට අතදාගෙන යන්න. ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීම අනිවාර්යයි.

Last modified on Thursday, 26 February 2015 07:45

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us