කණ්ඩලම වලව්වේ අලි පැටවා අත්අඩංගුවට ගෙන වසරයි. අලි පැටවුන්ට හිමිවූ සාධාරණයක් නෑ.

Published in පුවත්
Thursday, 26 February 2015 12:32

මීරිගම කණ්ඩලම වලව්වේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටියදී අලි පැටවෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර මෙම මස 28 වැනිදාට වසරක කාලයක් සපිරේ. වර්ෂ 2014 පෙබරවාරි 18 වැනිදා සිදුවූ එම වැටලීමෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදී විවිධ ව්‍යාපාරිකයන්, ප්‍රභූන් හා චීවරධාරීන් සන්තකයේ සිටියදී වනාන්තරවලින් නීතිවිරෝධී ලෙස අල්ලාත් බව විශ්වාස කරන අලි පැටවුන් ගණනාවක්ම වනජීවී භාරයට ගැනීමට බලධාරීන් කටයුතු කලද ඒ හැර මේ දක්වාම මේ වනජීවී ජාවාරමට තිත තැබීමට අවශ්‍ය කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව අවධාරණය කල යුතුය.

දිගු කලක සිට ශ්‍රී ලංකාව තුල සිදුවූ මෙම අහස පොළොව නුහුලන අපරාධය මැඩලීම සඳහා වගකිවයුතු පාර්ශව එම ජාවාරමෙන් ජනනය වන රුපියල් කෝටි ගණන් මුදල් වලට යට වීම නිසා කිසිඳු යහපත් බලාපොරොත්තුවක් ඇතිකරගැනීම සිහිනයක් පමණක්ම වී තිබුණු කාලකන්නි යුගය අවසන් වූයේ මීරිගම කණ්ඩලම වලව්වේ රඳවා සිටියදී අප ඉහත කී අලි පැටවා අත්අඩංගුවට ගැනීමට එවකට වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඒ.ඒ.ඩී.යූ. ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් කටයුතු කිරීමත් සමගය. ඒ පිළිබඳව එම නිලධාරීන්ට අපගේ ශීර්ෂ ප්‍රණාමය හිමිවේ.

වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව යටතේ වනජීවී සංරක්ෂණයේ වගකීම පැවරී ඇති නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද මෙරට වනජීවී සංරක්ෂණයේ ප්‍රමුඛ කාර්යක් ලෙස සලකා අලි පැටවුන් ජාවාරම මැඩලීමට ගැසුවද, ඔහුත් පෙරටුකරගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක පෙර කිසි කලෙකත් නොවූ විරූ උනන්දුවකින් අලි පැටවුන් අත්අඩංගුවට ගැනීමේ රාජකාරි වලට තම නිලධාරීන් මෙහෙයවන බව පෙන්වුවද එය ද තවත් ඊනියා මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව මේ වන විට පැහැදිලිවී තිබේ.

ඉස්පාසුවක් නොමැතිව අලි පැටවුන් අත්අඩංගුවට ගත් පමණින් මේ අහස පොළොව නූහුලන ජාවාරම ලක් පොළොවෙන් අතුගා දැමිය හැකියැයි අප විශ්වාස නොකරමු. අලි පැටවුන් අත්අඩංගුවට ගැනීමත් ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් එහි එක් පියවරක් පමණි. ඒ හැරුනුකොට යලි යලිත් මෙම අපරාධය අපගේ මාතෘභූමිය තුල සිදුවීම වැලැක්වීම උදෙසා මෙම හොර අලි පැටවුන් වෙනුවෙන් ව්‍යාජ දිවුරුම් ප්‍රකාශ හා ව්‍යාජ ලේඛන මත පදනම්ව බලපත්‍ර ලබා දීමට කටයුතු කල වනජීවී ප්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සුපිලිපන්න භාවය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම, හා මෙම ජාවාරම් කරුවන් නියෝජනය කරන සමාජ තලයන්ගේ ආකල්පමය ශෝධනයන් සිදුකිරීම සිදුකල යුතු වුවද මේ දක්වා ඒ කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් අපොහොසත්වී ඇති බව කණගාටුවෙන් ප්‍රකාශ කල යුතුය.

මෙම අලි පැටවුන් ජාවාරම පිටුපස සිටින දුෂිත නිලධාරීන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගලවාගැනීමටද මේ සටහන තබන මොහොත දක්වා ආණ්ඩුව කටයුතු කර නැත. විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සිටි ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන් ඉවත්කර නව නිලධාරීන් පත්කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කල ආකාරයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද පවිත්‍ර කරනු ඇතයි පරිසරයට ලැදි බොහෝ දෙනා බලා සිටියහ. නමුත් වර්තමාන ආණ්ඩුව එම කටයුත්ත අතපසු කර ඇත්තේ එය අප්‍රධාන කාර්යක් ලෙස ඔවුන් විසින් ලඝු කරණු ලැබ ඇති නිසා දැයි කීමට නොදනිමු.

හීලෑ අලි ලඟ තබා ගැනීමෙන් තම පුහු මාන්‍යය ලෝකයාට විදහා දැක්විය හැකිය යන දුර්මතය මෙම ජාවාරම්කරුවන් නියෝජනය කරන සමාජ තලයන්ගෙන් මුලිනුපුටා දැමීමද කාලීන අවශ්‍යතාවයකි.

ඒ ගැන අදාල සමාජ තලයන්ගේ කතිකාවතක් ඇති කල යුතුය. උදාහරණයක් වශයෙන් මෙම අලි ජාවාරම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරකුද චෝදනා ලබා සිටින පසුබිමක නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ආයතන තුල ඒ පිළිබඳව කතිකාවතක් ඇතිවිය යුතුය. සමාජයේ මහා යතිවරුන් ලෙස පෙනී සිටින චීවරධාරීන් මෙම ජාවාරමේ අසූචි තවරාගෙන සිටින තත්වයක් තුල බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් අරගල කරන පාර්ශව මෙවැනි මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් බුදුදහම ආරක්ෂා කර ගැනීමට මැදිහත් විය යුතුය.

ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකල යුතුය. අති ගෞරවනීය මහානායක ස්වාමීන්වහන්සේට පවා මේ සම්බන්ධයෙන් වගකීමක් පැවරී ඇති බව අපගේ වැටහීමයි. ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතුය. අද දවසේ අලි ඇතුන් මුහුණ දෙමින් සිටින වේදනාබර අත්දැකීම් නිමාවට පත්කිරීමට හැකි වන්නේ එවිටය.
මීරිගම කණ්ඩලම වලව්වේදී අලි පැටවකු අත්අඩංගුවට ගැනීමේ පළමු වර්ෂ පූර්ණ දිනයේදී වත් මේ පිළිබඳව සියළු පාර්ශව වල අවධානය යොමු වේවායි පතමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us