රාජපක්ෂලාගේ හෙංචයියන් ජනාධිපති මාධ්‍ය අංශයටත් ?

Published in පුවත්
Thursday, 05 March 2015 21:10

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බැසිල් සහ නාමල් රාජපක්ෂවරුන්ගේත් කුළුපග හිතවතෙකු මෙන්ම විවිධ ව්‍යාපාර සඳහා කුප්‍රකට ඩීල්කරුවකු ජනාධිපති මාධ්‍ය අංශ තුල රිංගා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී.

මොහු නමින් සුවී විජේරත්න වන අතර රාජපක්ෂවරු වෙනුවෙන් පෝර්ට් සිටි, හම්බන්තොට ආයෝජන හා ප්‍රවර්ධන කලාප, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර ආදී ව්‍යාපාර සඳහා මැදිහත්කරුවකු හෙවත් ඩීල්කරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

මොහු මේ සඳහා අටවා ගත් කල්පිත ව්‍යාපාරයක් සහ ඊට අදාල වෙබ් අඩවියක් පවත්වාගෙන යනු ලබයි. මේ ඒ සඳහා පවත්වාගෙන යනු ලබන www.blizagency.com යන වෙබ් අඩවියයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් උනන්දු කොට ඔවුන්ව රාජපක්ෂවරුන් සමග සම්බන්ධීකරණය කිරීම ඔහුට එකළ බැසිල් සහ නාමල් භාර දී තිබූ කර්තව්‍ය විය. මොහු එලෙස නාමල්ට සහ බැසිල්ටත් ඇතැම් විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් එලෙස ආයෝජනය සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන්, විවිධ ජාවාරම්කරුවන්ගෙන් ගාස්තු අයකරගෙන ඔවුන්ට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ඇතැයි හෙළිව තිබේ.


සූවී මෛත්‍රී පාලනයක් උදෙසා රිංගන අයුරු

ඉතා වැදගත් ඇඳුමකින් සැරසී වැදගත් පුදගලයෙකු ලෙස හැසිරෙන මොහු ඕනෑම පුදගලයෙකුගේ ඉතා කෙටි කාලයක් තුළ අන්ඳවා ගැනීමට හැකි සහජ කුසළතාවයකින් හෙබි පුද්ගලයෙකි. මොහු තම සහජ කුසළතාවය උපයෝගී කරගනිමින් ඉතා උපක්‍රමිකව පසු ගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සම්බන්ධ වන අතර මුදල් අතගවසමින් දින කීපයක් තුළ එම මැතිවරණ කාර්යාලයේ බොහෝ පිරිසක් තම දැලේ දමා ගැනීමට සමත් වෙයි.

මොහුගේ මෙම නාමික ව්‍යාපාර වලට අමතරව වෙබ් අඩවි ප්‍රවර්ධකවරයෙකු ලෙස හඳුන්වා ගන්නා මොහු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය භාවිතා කළ වෙබ් අඩවියක් සකසාදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් කෑම සහ මෛත්‍රීපාලගෙන් හොරා කෑ සැටි

කෙසේ නමුත් මොහු මෙම කාලය තුලදී රාජපක්ෂවරුන්ට ඔත්තු දීමෙන් පමණක් නොනැවතී ඉතා දුෂ්කර, ආර්ථික අපහසුතාවලින් යුතු මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කටයුතු සඳහා ලැබුණු මිලියන 1.5 කට අධික මුදලක් පිල්ලි ගැසූ බවට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය දින 50 තුළද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති කාර්යාලයේ ද ගැවසෙන මොහු එහි සිදු වන දෑ සහ එහි සිටින පුද්ගලයින් පිළිබඳව නාමල් රාජපක්ෂට තොරතුරු වාර්තා කරමින් සිටින බවට සැකයක්ද ඇති වී තිබේ.

මෛත්‍රී වෙනුවෙන් සැකී සහ සූවී මඩ අනපු හැටිත්, මඩ ගැසූ සැටිත්

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එදා රාජපක්ෂ රෙජීමයෙන් සමාජ ජාල හරහා පවත්වාගෙන ගිය බොහෝ මඩ පිටු සම්පාදන කටයුතු භාරව ක්‍රියාකරනු ලැබුයේ රාජපක්ෂවරුන්ගේ කුප්‍රකට සහචරයෙකු ලෙස කටයුතු කරන ඩිජිටල් මාධ්‍ය ඒකකයේ දත්ත ඇතුල්කිරීමේ ක්‍රියාකරුවෙකු වන සැකී අහමඩ් රියාල් නැමැත්තා විසිනි.

සූවී විජේරත්න විසින් ඔහුට අවශ්‍ය තොරතුරු සහ සහය ලබාදී ඇති බවටද මේ වන විට බරපතල සැකයක් ඇතිවී තිබේ. මන්ද 'උකුස්සා' නමින් පවත්වගෙන ගිය මඩ පි‍ටුවේ හා සමාජ ජාලාවල ප්‍රචාරය වූ ඇතැම් තොරතුරු ඒවාට ලැබුණේ කෙසේ දැයි ගැටලුවක් එවකට පැන නැඟී තිබිණි. එම ගැටලුව දැන් නිරාකරණය වී ඇත.

ආණ්ඩුව වෙනස් වූවාට රාජ්‍යය වෙනස් වී නැත

කෙසේ මොවුන් දෙදෙනාම මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයෙකු අන්දවමින් ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශ තුළට රිංගා ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටී. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සිදුකළ අතිවිශාල මඩ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ වැඩි වැඩ කොටසක් සිදුකළ පුද්ගලයා වන්නේ මෙම සැකී අහමඩ් රියාල්ය.

මොවුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සිදුකළ එම මඩ ප්‍රචාරවලට අදාළ සියලූ තහවුරු කරගත් සාක්ෂි සහ කරුණු අප සතුව ඇති බවට වගකීමෙන් සහ අවධාරණයෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තෙමු.

කිසිඳු පසුවිපරමක් සිදු නොකොට මෙවැනි රාජපක්ෂවරුන්ගේ ඒජන්තයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය උදෙසා යන ගමනට සම්බන්ධ කරගැනීම රටේත්, ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේත් ඉදිරිගමනට දැඩි අවදානමක් වනු ඇත.

එනිසා මෙවැනි අයවලුන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ සහ ජනාධිපති ආරක්ෂක අංශ මීට වඩා දැඩි අවධානකින් කටයුතු කළ යුතුව ඇතැයි අප විශ්වාස කරමු. මන්දයත් තවමත් රාජපක්ෂවරුන් බලය සඳහා බලලෝභයෙන් දඟලන අවස්ථාවක ඔවුන් වෙනුවෙන් වැඩකළ සහ තවමත් ගනුදෙනු කරන අයවලුන් ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය, දර්ශනය සහ යහපාලනය ජනතාව අතර ගෙනයෑමට යොදාගැනීම කෙතරම් ප්‍රායෝගික දැයි ජනාධිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් තීරණය කළ යුතුව ඇත.

අද දින ඇමැති රාජිත සේනාරත්න මහතාද මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූවේ ආණ්ඩුව වෙනස් වූවාට රාජ්‍යය වෙනස් වී නැති බවත් රාජ්‍ය අංශය රාජපක්ෂලාගේ හෙංචයියන් පාලනය කරන්න බවත්ය.

 

ලංකා නිව්ස් වෙබ් ඇසුරෙණි

 

 

Last modified on Thursday, 05 March 2015 21:29

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us