අප්‍රේල් මස 23 වැනිදායින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව මේ වන විට තහවුරු වී තිබීම නිසා වෙනත් නව බලවේගයක් නිර්මාණය කරමින් යළි දේශපාලනයට පිවිසීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා පක්ෂයක් සහ ලාංඡනයක් මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.
කෙසේවෙතත් මේ පිළිබඳව නිල නිවේදනය වත්මන් ආණ්ඩුව විසින් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිකුත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.
දේශපාලනික වශයෙන් අනාතභාවයට පත්ව තිබෙන ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, නව වාමාංශික පෙරමුණ,ඊ.පී.ඩී.පී.පක්ෂය, යන පක්ෂ හාඋදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙකුත් මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.