පුරාවිද්‍යාඥ පැටි‍්‍රක් රොබර්ට්ස් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මේ බව සනාථ කරගෙන ඇත්තේ විවිධ විෂයන්හි පුරාවිද්‍යාඥයන් 26 දෙනකු විසින් වෙන වෙනම ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සහ මෙම දත පිළිබඳ කරන ලද පරීක්ෂණවලින් අනතුරුවය.
පුරාවිද්‍යාඥ පැටි‍්‍රක් රෝබර්ට්ස් පවසන පරිදි මානවයා නිවර්තන කලාපීය වනාන්තර ආශ‍්‍රිතව යැපුණු බවට ලද පැරැණිතම සාක්ෂිය වන්නේ ද මෙයයි.
ශ‍්‍රී ලංකාවේ සබරගමුව පළාතේ, කුරුවිට ප‍්‍රදේශයේ පිහිටා ඇති බටෙදාඹලෙන ගල් ගුහාව, බුදුන් සමයේදී බුදුන්වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවක විවේක ගන්නා ලද ස්ථානය බවට කියැවෙන ‘දිවා ගුහාව’ ලෙස ද සැලකේ.
නිවර්තන කලාපීය වනාන්තර ආශ‍්‍රිතව ආදි මානවයාගේ ජීවන රටා පිළිබඳ මීට පෙර සාක්ෂි හමුවී ඇත්තේ වසර 12,000කට පෙර වුවද මීට පෙර එම වනාන්තර කලාපය ආශ‍්‍රිත ආදි මානවයන්ගේ සාක්ෂි හමුවී ඇත්තේ වසර 8000කට පෙර බැවින් මෙම දත ද එවැනි කාල පරාසයක එකක් බව මීට පෙර සලකනු ලැබිණ.
මෙම දතෙහි එනැමලයේ සාම්පල ලබාගත් විද්‍යාඥයන් විසින් මෙය හඳුනාගැනීම සඳහා දියමන්ති තුඩකින් කරන ලද විශේෂ පරීක්ෂණයකින් හා වර්ණාවලිමානයක ආධාරයෙන් ද පරීක්ෂණ කර ඇතැයි පැවසේ. කාබන් හා ඔක්සිජන් සමස්ථානික කි‍්‍රයාවලියකට බඳුන් කෙරුණු මෙම දත පිළිබඳ තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකින් අලූතෙන් සාම්පල ලබාගැනීමට ද විද්‍යාඥයන්ට සිදුවිය. මේ අනුව මෙමගින් අනාවරණය කරගත් වැදගත්ම කරුණ වන්නේ මස් පමණක් අමුවෙන් ආහාරයට ගත් බව කියන ආදි මානවයා ගස්වැල් ආශ‍්‍රිතව ද සිය ආහාර ලබාගත් බවට සාක්ෂි සහිතව තහවුරු වීමයි.
ආදි මානවයන් විවිධ පාරිසරික තත්ත්වයන්ට අනුව අනුගත වී ජීවත් වීමට හැකියාව ලැබූවන් බවත්, අතීත මුතුන් මිත්තන් වැසි වනාන්තර ආශ‍්‍රිතව දිවි ගෙවූ ආකාරය හා ආහාර සපයාගත් ආකාරය පිළිබඳ මෙමගින් වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කරගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි
රිවිර