කොටස් වෙළඳපොළ වැ‍ටුනම රට බංකොළොත් වෙනවාද ?

Published in පුවත්
Wednesday, 18 March 2015 21:25

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක සිදුව ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් කොටස් වෙළඳපොළ කඩා වැටී ඇතැයිද ඒ නිසා රටේ ආර්ථිකය අර්බූදයක් කරා යමින් තිබෙන බවද රට දේශපාලන වශයෙන් අස්ථාවර වී ඇතැයිද කියමින් මේ දිනවල විපක්ෂයේ ඇතැම් දේශපාලකයන්, සිරස රූපවාහිනිය හා රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන හා සමාජජාලාවලත් මහා ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

මෙහිදී වැලේ වැල් නැතිව සිටින විපක්ෂය පන් ගහක හෝ එල්ලීම තාර්කිකය. ඒ කියන කතා අල්ලාගෙන අනෙකුත් මාධ්‍ය හා සමාජ ජාලා වල ආණ්ඩු විරෝධයක් කුළු ගැන්වීමට උත්සහ කිරීමත් සාමාන්‍ය තත්වයකි. එහෙත් සිරස ආයතනය මේ අල්ලාගෙන කෑ ගසන්නේ වෙනත් ජඩ වුවමනාවක් වෙනුවෙනි. ඒ අගමැති රනිල් වික්‍රමසිංහට මඩ ගසා කූජිත කර පාච්චල් කර ඔහුව දේශපාලන වශයෙන් විනාශ කිරීමේ කුමන්ත්‍රණය හේතුවෙනි. සිරස කිලී මහරාජා රනිල්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ පසුගිය වතාවේ රනිල් අගමැතිධුරය ලබාගත් කලයේ සිටය. එදා කීලීට තමන්ගේ පදයට රනිල්ව නටවා ගැනීමට නොහැකිවීමය. ඒ වාඩුව ගැනීමට අදත් රනිල්ට මඩ ගැසීම සිදු කරයි.

අයතා ලෙස ආණ්ඩුවේ කොන්ත්‍රාත් කිලීට ලබා දෙනවා වෙනුවට ටෙන්ඩර් දමා ඒවා ලබා ගන්න ලෙස රනිල් කිලීට යෝජනා කිරීම මේ වෛරයට එක හේතුවකි. අනෙක් හේතුව ජාතික ලැයිස්තුවෙන් සිරසේ සේවකයන් තිදෙනෙකුට මන්ත්‍රී කම් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට රනිල් පයින් ගැසීමය.

මේ ආදී හේතු නිසා කිලී පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක්ද ගෙන රනිල්ට මඩ ගැසුවේය. ඔහුව එජාපයේ නායකත්වයෙන් පන්නා කිලීගේ රූකඩයක් වූ සජිත්ව ඒතැනට ගෙන ඒමට වලි කෑවේය. ඒ වෙනුවෙන් ලේකම් තිස්ස අත්තනායකවද යොදා ගත් අතර ඒ උගුලේ වැ‍ටුනු තිස්ස සිය දෙශපාලන ජීවිතයම විනාශ කර ගත්තේය. මරික්කාර් වැනි සිරසේ සේවකයන් එජාපයට රින්ගවා රාජපක්ෂට එරෙහිව කළ මෙහෙයුම් අවුල් කර දැමීමට ඉතා පැහැදිලිවම කිලී මහරාජා එදා මව්බිම මුදලාලි ටිරාන් අලස්වද අල්ලාගෙන කටයුතු කළේය.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේකෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමඟ රාජපක්ෂට පරාජය ස්ථිර බව දැන ගැනීමෙන් ඊට උදව් කරන ප්‍රතිපත්තියකට ඉතා සුක්ෂමව මාරු විය. මෛත්‍රීපාලගේ ජයග්‍රහණයත් සමඟ ජනාධිපතිවරයාව තමට අවශ්‍ය ලෙස නටවා ගැනීම වෙනුවෙන් සිරසේ සේවකයකු වූ ධර්ම ශ්‍රී ඒකනායකව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියා බවට පත් කර ගත්තේය. මේ කුමන්ත්‍රණ සඳහා රනිල් විරෝධී ශිරාල් ලක්තිලක වැන්නවුන්ද උදව් කළ අතර අද ඔහු ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයකු ලෙස සිරස රූපවාහිනියටම පැමිණ රනිල්ව පට්ට පතුරු ගසයි.

අද මේ පිරිස භාන්ඩාගාර බැඳුම් කර ප්‍රශ්නය අල්ලගෙන මෙරට ඉතිහාසයේ වූ දැවැන්තම මූල්‍ය වංචාව මෙන් ඒ හුවා දක්වමින් මහ බැංකු අධිපතිවරයාවත් ඔහුව ඒ තනතුරට පත් කළ අගමැතිවරයාවත් පැන්නිය යුතු බව බොහොම තර්කානු කූල ලීලාවෙන් රටේ ජනතාවට කියා දෙමින් තිබේ. එහෙත් සත්‍ය තත්වය ඊට බොහො වෙනස් ඒ සම්බන්ධ පරීක්ෂණවලින් තහවුරු වනු ඇත. එතෙක් භාන්ඩාගාර බැදුම් කර යනු මොනවාද කොටස් වෙළඳ පොළ යනු මොනවාද යන්න් නොදන්න ජනතාවක් ඉදිරියේ මොවුන් ලොකු වීරයන් වී සිටිනු ඇත.

මේ ප්‍රශ්නය නිසා කොටස් වෙළඳ පොළ කඩා වැටී ඇති බවත් දැන් ලංකාවේ ආර්ථිකය ඉවරයි.. යනුවෙන් කරන බයංකර ප්‍රකාශ කිසිවක කිසිදු සත්‍යක් ඇත්තේ නැත. මේ ගෙන යන්නේ තනිකර බොරුවකි.

ලංකාවේ කොටස් වෙළඳ පොළ යනු මෙරටේ ආර්ථිකයට දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ එලවළු මිළ ගනන වෙනස් වීම නිසා රටේ ආර්ථිකයට වන බලපෑම තරම්වත් බලපෑමක් ඇති තැනක් නොවේ.

මෙම කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත සමාගම් සිය ගනනක් ඇතත් එහි දවසේ පිරිවැ‍ටුමට බලපාන්නේ ප්‍රධාන සමාගම් විස්සක පමණ ගනු දෙනුය. කොටින්ම කොටස් වෙළඳ පොලේ කටයුතු කෙරෙහි සත්‍ය ලෙසම බලපෑමක් කරන්නේ මේ සමාගම් 20 අතරෙනුත් සමාගම් කිහිපයක් පමණි. ඒ පිරිස ගැන කෙටියෙන් හඳුන්වන්නේ නම් පසුගිය කාලයේ ඔවුන්ව හැඳින්වූයේ 'කොටස් වෙළඳ පොළ මා‍ෆියාව' යනුවෙනි. රටේ මූල්‍ය වෙළඳපොළ තමන්ගේ සමාගම් ගිනුම් තර කර ගැනීම වෙනුවෙන් ඔවුන් යොදා ගත්හ. පසුගිය කාලයේ රජයේ මුදල් පවා මෙම සමගම් ගිනුම් තර කිරීමට ඇද ගැනීමට තරම් මේ මා‍ෆියාව බලවත් විය. 'සේවක අර්ථ සාධක අරමුදල්"මේ සමාගම් තර කිරීමට ඉඩ ලැබුණේ එවකට සිටි මුදල් ඇමැතිත් මහ බෑංකු අධිපතිත් එකතුවෙනි. එහෙත් ඒ දුෂිත ගනු දෙනු ගැන සිරසවත් අද මහ බැංකුව ඉදිරිපිට පිකට් කරන කිසිවකුත් හෝ 'හ්ම්'කීවේ නැත.අද කොටස් වෙළඳ පොළේ සෙල්ලම් දමා රටේ ආර්ථිකය කඩා වැටී බවට මවා පාන්නේ මේ මා‍ෆියාව විසින්ය. ඊට හේතුව රාජපක්ෂලා යුගයේදී ඔවුන් ලැබූ අයතා ප්‍රතිලාබ වලට දැන් වැට බැඳී ඇති බැවිනි.


කෙසේ නමුත් එදා මේ කොටස් වෙලඳ පොළ ගනු දෙනු අඩු වැඩී වීම මෙරට පොදු ජනතාවගේ ආර්ථිකයට කිසිදු අයුරකින් බලපැවේ නැත. ඒ සමාගම් කාරයන් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නයක් පමනක් විය. අදද තත්වය එසේමය.

අනෙක් කරුණ කොටස් වෙළඳපොළ කියන්නේ සූදු පොළකි. සූදුවකට මුදල් යෙදෙව්වොත් ඒ නැවත ලැබීම අවිනිශ්චිත මෙන්ම කොටස් වෙළඳ පොළේ ආයොජනය කිරීමෙන් ලාබ ලැබීම අවිනිශ්චිත කරුණකි. එසේම ඊට කොටස් වෙළඳපොළ ගනුදෙනු කඩා වැටීම හෝ ඉහළ යාමේ බලපෑම දේඅකාරය. කඩා වැටීම නිසා ලාබ ලබන්නද මේ වෙළඳ පොළේ අඩුවක් නැත. ඒ වගේම කොටස් වෙළඳපොළ ගනු දෙනු ඉහළ යාමෙන් පාඩු ලබන්නන් ද විරළ නොවේ.

එම නිසා මේ සමාගම් කරයන් කිහිප දෙනෙකු තම ප්‍රාග්ධන ගොඩ නඟා ගැනීමේ ක්‍රියාවලිය සිදුවන මේ සූදු පොළේ ජය පරාජයන් ගනන්ගත යුතු තරම් නොවේ.

 

- djp

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us