නේපාලයේ රැදි සිටින ශ්‍රිලංකික මාධ්‍යවේදින් මෙරටට ගෙන්වා ගැනිමට ජනපතිතුමා සහ අගමැතිතුමා වහා මැදිහත්විය යුතුයි - PWJA

Published in පුවත්
Monday, 27 April 2015 16:37

රාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිතය අනතුරට ලක්ව ඇත.

රික්ටර් මාපාංක ඒකක 7.9ක අගයක් ගනිමින් ඊයේ දිනයේදී නේපාලයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් මෙම මාධ්‍යවේදීන් නවාතැන් ගෙන සිටි නිවාස වලටද බරපතල හානි සිදුව ඇති  අතර ඔවුන් ගේ ජිවිත බේරී ඇත්තේ අනු නමයෙනි.

‘පතුල’ වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල මහතා හා ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවියේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරන කුමී විජේවර්ධන මහත්මියත්, එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශය විසින් පවත්වාගෙන ගිය ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ශාන්ත විජේසුරිය මහතාත් මෙසේ ජිවිත අවධානමට ලක්ව සිටිති. :

මේ අතර නේපාලයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට පහසුකම් සපයන බවට ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ දැනුම් දී සිටි අතර, ඒ අනුව සහනාධාර රැගෙන අද අළුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය සී 130 දරන යානයෙන් අව්‍යශ නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව ද අවධාරණය කර තිබිණ.

ඒ අනුව දේශපාලන රැකවරණ ලබාසිටින මාධ්‍යවේදීන් තිදෙනා ශ්‍රී ලංකාව ඒමට කත්මන්ඩු ගුවන් තොටුපලට පැමිණ ඇතත්, එම ගුවන් යානයෙන් ඔවුන් රැගෙන එම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන්ට ගුවන් ගමන් බලපත්‍රයක් නොමැතිවීම නිසා යියි කියමිණි..
එහෙත් 

දේශපාලන රැකවරණ ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් බලපත්‍රය මෙන්ම  කල් ඉකුත්වු විදෙස් ගමන් බලපත්‍රයද ඔවුන් සතුය.
මේ වන විට සරණාගත කොමිසම පවත්වගෙන ගිය කාර්යලද විනාශව ඇති බැවින්  තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදෙන ලෙස මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා කල බැගපත් ඉල්ලීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රතිෂේප කර ඇතැයි අපට දැනගන්නට ඇත.

එමෙන්ම 2015 අප්‍රෙල් 26 වනදා  ලංකාව බලා ඒමේ බලාපොරාත්තුෙවන් තමන් සතුව තිබු දැ නේපාලයේ සරණගතව සිටින අය හා බෙදාගෙන ඇති ඔවුන් මේ වන විට කත්මණ්ඩු නුවර පන්සල රැකවරණ ලැබ සිටින්නේ ඇදිවත පමණක්ද සමගිනි.

මේ අවසානාවන්ත තත්වය ගැන කිසිදු මානෂික පදනමින් කටයුතු කරන්නට අපොෙහාසත්ව සිටින නේපාලයේ ශ්‍රිලංකා තානාපතිවරයා හා එහි කාර්ය මණ්ඩලය ට අවැසි නියෝගයන් ලබාදෙමින් මේ මාධ්‍යවේදින් මෙරටට ගෙන්වා ගැනිමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ සහ  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩිනම් අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරමු.

නේපාලයේ සිටින ශ්‍රි ලාංකික මාධ්‍යවේදින් ගේනවා ගැනිම සම්බන්ධයෙන් විදේශ ඇමති මංගල සමරවීර මහතා දැනටමත් දි ඇති පොරොන්දුව එලෙසින්ම කඩිනමින් ඉටුවනු ඇතැයි අප බලාසිටින්නෙමු.

පැවැති දුර්දාන්ත පාලනයට එරෙහිව සිය මාධ්‍ය මෙහෙවර නොබියව ඉටුකළ මේ මාධ්‍යවේදින්ගේ ජිවිත රැක දිමේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් භාරගනු ඇතැයි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විශ්වාස කරමු.

මෙයට 

කැදවුම්කරු 
ප්‍රෙඩි ගමගේ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us