රාජපක්ෂලාට පක්ෂපාතී ජනාධිපති ආරක්ෂක සේනාව විසිරුවා හරී

Published in පුවත්
Friday, 08 May 2015 12:52

රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට බිහි කරන ලද රාජපක්ෂ වරුන්ට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ යුද හමුදාවේ ජනාධිපති ආරක්ෂක සේනාව පසුගිය 30 වෙනිදා සිට විසිරුවා හැර තිබේ.

චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය දක්වාම ජනාධිපති වරයාගේ ආරක්ෂාව භාරව කටයුතු කරන ලද්දේ පොලිසියට අනුබද්ධ ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් පී.එස්.ඩීය විසින් වුවද හමුදා මානසිකත්වයෙන් පෙළුනු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව යුද හමුදාවේ සහ අනෙකුත් හමුදාවල සිටි පක්ෂපාතී පිරිස් එකතු කර ජනාධිපති ආරක්ෂක සේනාව නමින් සේනාවක් ගොඩ නගන ලද්දේය. පළමුවෙන් 400 කගෙන් පමණ සමන්විත වූ එය පසුගිය 30 වෙනිසා විසිරුවා හරින අවස්ථාව වන විට යුද හමුදාවේ අය පමණක් 1200 කගෙන් සමන්විත විය. පසුව බඳවා ගත් පිරිස අතරට රාජපක්ෂලගේ ගම් පළාතේ චන්ඩි ද යුද හමුදා මේජර් පට්ටම් ගසා ගනිමින් ජනාධිපති ආරක්ෂක සේනාවට අනුයුක්තව සිටියහ. මේ අයගේ අණ දෙන නිලධාරියා වූයේ රාජපක්ෂවරුන්ගේ හෙංචයියෙක් වූ යුද හමුදා ඇඳුම පිටින්ම දේශපාලනයේ යෙදුනු මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ ය. නියෝජ්‍ය අණදෙන නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් රවිප්‍රිය ය.

බ්‍රිගේඩියර් රවිප්‍රියගේ අත්සනින් යුත් මෙහි දැක්වෙන යුද හමුදා නියෝගයේ සඳහන් වන්නේ එකී ජනාධිපති ආරක්ෂක සේනාවේ නාවික හා ගුවන් හමුදාවන්ට අනුයුක්ත සෙබලුන් හැර යුද හමුදාවේ සෙබලුන් තම තමන් අයත් මව් රෙජිමේන්තු හා ඒකකයන් වෙත මුදා හැර ඇති බවයි. මින්පසුව ජනාධිපති ආරක්ෂක සේනාව නමින් ලිපි ගනුදෙනුවක් හෝ නොපවත්වන ලෙසද යුද හමුදා නියෝගයේ දැක්වේ.

මෙම තීරණයට බලපා ඇත්තේ පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ හම්බන්තොට අඟුණකොල පැලැස්සේ රැස්වීමකට ඉහත කී ජනාධිපති ආරක්ෂක සේනාවට අයත් දැනටත් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින කොමාන්ඩෝ කෝප්‍රල්වරයෙක් වූ සේනක කුමාර නමැත්තා උණ්ඩ පුරවල ලද මි.මී.9 යේ ස්වයංක්‍රීය පිස්තෝලයක් වතුර බෝතලයක් යැයි කියා සඟවා ගනිමින් මෛත්‍රීට අනතුරක් සිදුකිරීමට හැකි සීමාව තුලට ගමන් කිරීමේදී හසුවීමයි.

කෝප්‍රල් සේනක කුමාර මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අතර පරාජිත රාජපක්ෂ සේනක කුමාර වෙනුවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබිණ. තමාගේ ආරක්ෂක සෙබලෙක් වුව ප්‍රභූ ආරක්ෂණ නීති හිතා මතා කඩකර ඇති නම් තවමත් ප්‍රභූ ආරක්ෂාව යටතේ සිටින මහින්ද රාජපක්ෂ එහිදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සහ අධිකරණයට චෝදනා කිරීමෙන්ම මෛත්‍රී ජනාධිපතිවරයා ඝාතන කිරීමට සෙබලා යැවුවේ මහින්ද රාජපක්ෂ දැනුවත්වය යන සැකය වඩ වඩාත් තහවුරු වේ. ලංකා ඊ නිව්ස් විසින් මහින්ද රාජපක්ෂ මෙම සිදුවීමට පෙර ප්‍රංශ පුවත් සේවයට කරන ලද ප්‍රකාශයද සැකය වඩාත් තහවුරු කරන්නක් බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වූ හමුදා සෙබලෙක් මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස එදින රැස්වීමට සහභාගී වීමද බරපතල සැක උපදවන්නකි. මන්ද යත් සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් පමණක් වන නාමල් රාජපක්ෂට ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබා ගැනීමට නීතිමය අයිතියක් නැති බැවිනි.

මේ සිදුවීමෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිලිබඳ තත්ත්වය සියළු දෙනාගේ ඇස් හැරුණු අතර කෝප්‍රල් සේනක කුමාර අනුයුක්තව සිටි මහින්ද රාජපක්ෂගේ කොමාන්ඩෝ ආරක්ෂක ඒකකයේ ප්‍රධානී කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(07) පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.

මේ අතර මෛත්‍රීට ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන පොලිසියේ ජනාධිපති ආරක්ෂක අංශයේ (පීඑස්ඩියේ) ප්‍රධානියා වන ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ විසින් තමා වගකිව යුතු ප්‍රභූ වරයාගේ ආරක්ෂාව බරපතල ආකාරයෙන් බිඳ වැටීමට ඉඩ දී අසාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති ඉලංගකෝන් වෙත අද සපයා ඇත. පොලිසියේ බහුතරයක් පවසන්නේ මේතරම් බරපතල සිදුවීමක් වී තිබියදී පරීක්ෂණ පැවැත්වීමට පෙර එස්.එම්. වික්‍රමසිංහගේ වැඩ තහනම් කර පරීක්ෂණ පැවැත්විය යුතුව තිබූ බවයි.

ජ්‍යෙ.නි.පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියාව වසර 18 ක කාලයක් ගත කළ අයෙක් වන අතර ඒ කාලයේදී මහින්ද රාජපක්ෂ සහභාගී වන රැස්වීම් වල යකඩ කනු සවි කිරීම, වේදිකා සවි කිරීම, හට් සවි කිරීම ආදියේ කොන්ත්‍රාත් බාර ගෙන ඇත. ඒ වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති තුඩුවේවත්ත සහ සහකාර පොලිස් අධිකාරී කුලරත්න නමැති තවත් දෙදෙනකු සමග පුද්ගලික සමාගමක් ආරම්භ කර ඇති ජ්‍යෙ.නි.පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ එම සමාගමට ලබා ගන්නා කොන්ත්‍රාත් තවත් සමාගමකට උප කොන්ත්‍රාත්තු ලෙස ලබා දී තිබේ. (රාජ්‍ය සේවයේ හිඳිමින් ව්‍යාපාර කිරීම නීති විරෝධී ක්‍රියාවකි) කෙසේ වෙතත් එක් රැස්වීමකින් පමණක් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 10 ක ශුද්ධ ලාබයක් තිබී ඇත. මහින්ද රාජපක්ෂ සාමාන්‍යයෙන් මහජන රැස්වීම් විශාල වශයෙන් සංවිධානය කිරීමට කැමැත්තක් දැක්වූවෙක් වන අතර ඒ කාලයේදී එස්.එම්.වික්‍රමසිංහලා මහා විශාල මුදල් කන්දරාවක් හරි හම්බ කරගෙන තිබේ. එවන් මුදලක් අහිමි වී අද මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක ප්‍රධානියාව සිටියදී ඔහුගේ පක්ෂපාතීත්වය තිබෙන්නේ කාටද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ.

කෙසේ වෙතත් පොලිස්පති වරයා රටේ නායකයාගේ ආරක්ෂාව බිඳ වැටීම වැනි බරපතල ප්‍රශ්නයකදී ඉතාමත් දියාරු පිලිවෙතකින් ක්‍රියා කරන බව පෙනේ.

(ලංකා ඊ නිව්ස් )

Armyandmahinda1 600px 15 05

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us