ගෝඨාට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නීතියට පිටින් ගිහිල්ලා - අගමැති Featured

Published in පුවත්
Saturday, 16 May 2015 07:37

අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් නියෝගයක් නිකුත් කරන්නේ නම් විනිශ්චයකාරවරුන් තිදෙනකු විනිසුරු මඬුල්ලේ සි‍ටිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට නොගන්නා ලෙස විනිසුරුවරුන් දෙදෙනෙ කු දී ඇති නියෝගය පිළිබඳව ගැටලුවක් පවතින බව නීතීඥයින් තමන්ට දැනුම් දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

යාපනයේ පළමු වතාවට පැවැත්විමට නියමිත බෞද්ධ සම්මේලනය පිළිබඳව දැනුම් දීම සඳහා අරලිය ගහ මන්දිරයේ දි ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය‍වේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිව‍රයා මේ බව පැවසිය .

තවදුරටත් අගමැතිව‍රයා මෙසේද පැවසිය .

මෙම තහනම් නියෝගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිකුත් වී නොමැති නම් එය ක්‍රියාත්මක කළ යුතු ද යන්න පිළිබඳව ‍ නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට පොලිසිය ක්‍රියා කරමින්ඇතැයි මා විශ්වාස කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පිටපතක් මට පෙරේදා (14) හවස ලැබුණා. එහි පිටු 600ක් තිබෙනවා. එය කියවා බැලිමට මගේ නිතීඥයින්ට ලබා දුන්නා.පෙත්සමේ පිටපතක් ලැබුණ ද අධිකරණය නිකුත් කැර ඇතැයි මාධ්‍යය මඟින් දැනගන්නට ලැබුණු නියෝගයේ පිටපතක් ලැබුණේ නැ. මා දන්නා පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය තවමත් නියෝගයක් නිකුත් කර නැ. ප්‍රමාදයක් පවතින්නේ නමි යුක්තිය පමා වේ නම් යුක්තිය ප්‍රතික්ශේප වේ යැයි නීතී සිද්ධාන්තයක් පවතින වා. පිළිතුරු දීමේ අවස්ථාව ඔක්තෝම්බර් දක්වා කල් යන්නේ නම් පිළිතුරු දිමට සිදු වන්නේ නව කැබිනට් මණ්ඩලයට යි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කටයුතු විනිසුරුවරුන් තිදෙ‍නකුට නොඅඩු සංඛ්‍යාවක් මඟින් ක්‍රියාත්මක විය යුතුයි.

126(2)ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් සහනයක් ඉල්ලා සිටි අවස්ථාවකදී පෙත්සමට අවසර දීම හෝ ප්‍රතික්ශේප කිරිම විනිසුරුවරුන් දෙදෙනකුට නොඅඩු සංඛ්‍යාවකට කළ හැකි වුවත් තහනම් නියෝගයක් නිකුත් කරන්නේ නම් විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතුයි. නීතිඥයින් මගේ අවධානයට යොමු කළා. ඒ අනුව විනිසුරුවරුන් දෙ‍දෙනකු දී ඇති නියෝගය පිළිබඳව ගැටලුවක් පවතිනවා. මේ සම්බන්ධයෙන් නීතීඥයින්ට අගමැති අතිරේක ලේකම්වරිය සහ නීතීපතිවරයා සමඟ සාකච්ජා කර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස මා දැනුම් දුන්නා.

නියෝගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් නිකුත් කර ඇති නම් එය පොලිසියට බලපාන්නේද යන්න පිළිබඳව නිතීපතිවරයා සමඟ සාකච්ජා කර පියවරක් ගන්නවා.

 

divaina

Last modified on Saturday, 16 May 2015 07:40

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us