මහ මැතිවරණ ජයගෙන මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති අරඹනවා

Published in පුවත්
Sunday, 21 June 2015 10:02

මහ මැතිවරණ ජයගෙන නැවත වතාවක් හැත්තෑ හතේ යුගයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ මහවැලි යුගය, ගම්උදා යුගය වැනි මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති මෙරට ඇතිකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විපක්ෂයට අවශ්‍ය වන්නේ මැතිවරණය කල්දමා ගැනීම බවත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි කියමින් සිටින්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරීමේ සැබෑ අවශ්‍යතාවයක් නිසා නොවන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා..

' විපක්ෂයට ඕන මේක ප්‍රමාද කරන්න, ඒකයි මේ බය, එක්සත් ජාතික පක්ෂයේ අපි ඕන මැතිවරණ ක්‍රමයකට ලෑස්තියි, අලුත් ක්‍රමයට හෝ පරණ ක්‍රමයට මැතිවරණය තියන්න කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා, ඉතාමත් ඉක්මනින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අපට අපේ නායකතුමා කිව්වා, අපි සූදානම් අපට බහුතරයක් ලබාගන්න, අන්න එදායින් පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ අර 77 යුගය නැවත ආරම්භ කරන්න'

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us