විදුලි බල මණ්ඩල, ජල සම්පාදන, බැංකු මෙන්ම තවත් රාජ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගය දියත් වූයේය. මහ බැංකුව තුල මෑන් පවර් සේවකයින්ට එරෙහිව පාලනාධිකාරිය විසින් ගන්නා ලද මෙම ක‍්‍රියාමාර්ගයට එරෙහිව හා තම ඉල්ලීම් ලබාදෙන තුරු අඛණ්ඩ උපවාසයක් දියත් කර ඇති බවත් සියළු සේවකයින් නැවත සේවයට බඳවාගන්නා තුරු ක‍්‍රියාමාර්ග දියත් කරන බවද මෑන් පවර් සේවකයින් ස්ථිර කරගැනීමේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.