මෙම තර්ජනය පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට එල්ල වෙමින් පවතින බවත් ඔහුට එරෙහිව පොලිසිය කටයුතු කර ගංගොඩවිල අධිකරණයට කරුණු වාර්තා කළ ද සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී මෙම තර්ජන කිරීම කරන බවද සිරිවර්ධන මහතා පැවසීය. සමන් දිසානායක විසින් චන්දි රණතුංග කලා ශිල්පිනියට අතවර කිරීමේ සිද්ධියකට අදාළව තමා මැදිහත් වී සාධාරණය ඉටු කිරීමට කටයුතු කිරීම නිසා මෙම තර්ජන කිරීම් සිදුවන බව ද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවය.
සැබැඳි පුවත් ; මහින්දගේ කලා උපදේශකයා අත් අඩංගුවට
ස්ත්රී දූෂණ චෝදනා ලැබූ සමන්ට, මහින්දගේ කලා රැස්වීම් බාරදෙයි