රටම වනසන කුඩු කෙළිය මෙන්න….

Published in පුවත්
Tuesday, 07 July 2015 10:33

මේ වන විටත් කුඩු යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙන හෙරොයින් මෙන්ම නොයෙකුත් මත්පෙති වර්ග හරහාද ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය දිය වෙමින් පවතින බව නොරහසකි.

එහි බරපතල කම වටහා ගැනීමට ලේසිම ආකාරය වන්නේ ගණිතමය විශ්ලේෂණයකි. දිනකට කිලෝ 3ක් බැගින් වසරකට කුඩු මෙට්‍රික් ටොන් 1කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල භාවිත වන බව ඔබ දන්නවාද? එහෙත් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නේ වසරකට කිලෝ 30ක් වැනි සුළු ප්‍රමාණයකි. ඊට හේතුව එක්කෝ කුඩු ජාවාරම්කරුවන්ගේ සූක්ෂම වැඩපිලිවෙල බුද්ධි අංශවලට වඩා ඉදිරියෙන් පැවතීමයි. එසේ නැතහොත් ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වයේ ඇති දුර්වල තත්ත්වයයි.

කෙසේ වෙතත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබද තොරතුරු රැසක් අප වෙත ලැබි තිබේ. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නන් අතර මාළු සමන්, දෙමටගොඩ මර්වින් ඇතුලු 28 දෙනෙක් ප්‍රධාන වශයෙන් සිටී. ඔවුන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ ඉඩම් අලෙවිකරුවන්, මෝටර් රථ අලෙවිකරුවන්, හෝටල් හිමියන් ආදී වශයෙනි.

ජනප්‍රිය නිලියක් කුඩු ජාවාරමේ

සාමාන්‍යෙයන් යමෙකුට අදහාගත නොහැකි පුවතක් ද මේ පිලිබඳව කරුනු සෙවීමේදී අපට දැනගත හැකි විය. ඒ ටෙලිනාට්‍ය දෙක තුනක පමණක් රඟපෑව ද සිය සිරුර ප්‍රදර්ශනය කරමින් ජනප්‍රියත්වයට පත්ව ඇති රූමත් නිලියක් ද මත් පෙති ප්‍රවාහනය සඳහා ඍජුව දායක වී සිටීමයි. ඇයට කිසිදු ව්‍යාපාරයක් නොමැති වුවද අතිසුඛෝපභෝගී ජිවිතයක් ගත කරයි. ඇය කට හැකර දේශපාලනඥයෙකුගේ පුතෙකු සමග නිරන්තරයෙන් සබඳතා පවත්වන අතර කුඩු ප්‍රවාහනය සඳහා ඇයට අතිවිශාල මුදලක් ලැබෙන බව වාර්තා වේ. ඇය නිරන්තරයෙන් හොංකොං, රුසියාව, මැලේසියාව ඇතුළු රටවල සංචාරය කරමින් මෙරටට කුඩු රැගෙන එන බවට තොරතුරු ලැබී තිබේ.

මීට අමතරව, මන්නාරම, උඩප්පුව, දෙවුන්දර ඇතුළු මුහුදු තිරයේ බහුදින යාත්‍රවල මාළු අස්සේ සඟවාගෙන මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවද අනාවරණය වී ඇත. මේ සියල්ල පසුපස සිටින්නේ ‘සෙල්වම්‘ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ ආචාර්ය මුජිඩීන් මොහොමඩ් නමැත්තෙකි. ඔහු 2013 වසරේ මෙරටට එවන ලද කුඩු කන්ටේනරයක් රේගුව මගින් අත්අඩංගුවට ගත් නමුත් එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ඇතැම් ප්‍රබලයින්ගේ බලපෑම් නිසා නඩු ඇසීම යට ගසා තිබිණි. එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතාද මෙම යට ගැසීමට සම්බන්ධ විය.
මහින්ද පාලන සමයේදී හලාවත වෙරළ තීරයේදී කුඩු ප්‍රවාහනය කරමින් තිබූ රථයක් අත්අඩංගුවට ගත් අතර එය දුමින්ද සිල්වාට අයත් ප්‍රාඩෝ රථයක් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අනවරණය කරති. ඒ පිළිබඳ පරීක්ෂණ යට ගසා ඇති බව ද එම නිලධාරීන් පවසන අතර යලි එම පරීක්ෂණ ඇරඹීමට සූදානම් වන බව අපට වාර්තා වේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පවසන්නේ, මත්ද්‍රව්‍ය වැටලීම සඳහා සිය කාර්යංශයට අවශ්‍ය තරම් නිලධාරීන් සහ නවීන උපකරණවල දැඩි අවශ්‍යතාවක් පවතින බවයි. තමන්ට GPS වැනි නවීන උපකරණ ලබා දෙන්නේ නම් සිය කටයුතු වඩාත් පුළුල්ව සහ විධිමත්ව කළ හැකි බව ඔවුන් පෙන්වා දෙති.

ආචාර්ය මුජිඩීන් මොහොමඩ්ගේ හොඳම ගෝලයින් වන සිද්ධික් සහ වෙලේ සුදා මේවන විට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන්ගේ නඩු විභාගය ජූලි 10 වනදා පැවැත්වීමට නියමිතය.

මත්රකුසා පාසල් දරුවන් විනාශ කරමින් සිටී

ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් රු. ලක්ෂ 10-12 වැනි අධික මුදලක් අය කරන අතර කුඩු ජාවාරම්කරුවන්ට එය සුළු මුදලකි. හෙරෙයින් ග්‍රෑම් 1ක් රු. 9000කට අලෙවි වන අතර දැන් භාවිත වන Ecstasy නමැති මත් පෙත්තක් රු. 5000ක් පමණ වේ. මෙම මත්පෙති පාසල් වයසේ ලමුන් අතර බෙහෙවින් ව්‍යාප්ත වී ඇති අතර මත්ද්‍රව්‍යවලට බෙහෙවින් ඇබ්බැහි සිටින්නේ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ය. ඔවුන්ට සිය දෙමාපියන් විසින් ලබා දී ඇති අසීමාන්තික නිදහස නිසා රාත්‍රී සමාජ ශාලාවලට ගොස් එම මත්පෙති භාවිත කරන බවට තොරතුරු හෙළිවී ඇත. එම පෙති භාවිත කල පසු අධික පිපාසයක් ඇතිවන අතර වතුර විශාල ලෙස පානය කර මත් ස්වභාවය පහ වන තුරු අඳුරේ නැටීම ඔවුන්ගේ එකම විනෝදාංශයයි.

එවැනි සමාජ ශාලාවක් කොළඹ ආර්.ඒ. ද මෙල් මාවතේ තිබේ. වයස අවු: 14, 17,18,19 හැවිරිදි එවැනි ළමුන් 4 දෙනෙකු ප්‍රධාන රෝහල්2කදී මිය ගියේ මොළය ඉදිමීමෙනි. ඒ බව ඔවුන්ගේ දෙමාපියන් සමාජයෙන් වසන් කරගෙන සිටිති.

මරණ දඬුවම

හෙරොයින් ජාවාරම්කරන්නෙකු 1984 සංශෝධිත අන්තරයකර ඖෂධ පනත අනුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම, අනුබල දීම යන ඕනෑම චෝදනාවක් යටතේ මරණ දඬුවමට ලක් කිරීමට හෝ ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දීමට හෝ ප්‍රතිපාදන පවතී. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවස්ථා ගණනකදී නොයෙකුත් ප්‍රකාශයන් කලත් ඇතැම් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියාගන්නා සංවිධාන මරණ දඩුවමට එරෙහි වෙමින් සිටී. රට වනසන ජාවාරම්කරුවන්ගේ මානව හිමිකම් ගැන හිතන ඔවුන්ට අහිංසක පාසල් සිසුන්ගේ මානව හිමිකම් ගැන අමතක වී ඇත්තේ, කුඩු ජාවාරම්කරුවන්ගේ මුදලට යටවීමෙන්දැයි අපට සාධාරණ සැකයක් ඇතිවේ.

ව්‍යවස්ථාවෙන් ම මරණ දඩුවම අනුමත කර ඇති වට පිටාවක් තුළ ඔවුන්ට මරණ දඩුවම ලබා දීමට නොහැකි තරම් මෙරට දේශපාලනයේ කොන්ද කැඩී තිබීම ඛේදවාචකයකි.

පුනරුත්ථාපනය වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු ඔහුගේ අත්දැකීම් අපට පැවසුවේ මෙසේය.

“මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනේ වයස අවුරුදු 18දී. ඊට පස්සෙ මම හොරකමට පුරුදු වුණා. මුලින් ගෙදර වටින බඩු හොරකම් කලා. ඊට පස්සෙ අහල පහල ගෙවල්වල බඩුත් හොරකම් කරල මත්ද්‍රව්‍ය ගත්තා. මට ඒ කාලෙ පෙම්වතියක් හිටිය. එයාගේ හැමදේමත් මම වියදම් කලා. අවුරුදු 5ක් ඇබ්බැහි වෙලා හිටිය මාව සහෝදරයෙක් පුනරුත්ථාපන ආයතනයකට භාර දුන්නා. ඊට පස්සෙ මම ටිකෙන් ටික ඒකෙන් මිදුණා. මට පස්සෙ හිතුණ මගේ ජීවිතය කොච්චර විනාශ වුනාද කියලා. දැන් මට හරියට වැඩක් කරගන්න බෑ. මං ගොඩක් දුර්වලයි. මම ඉල්ලන්නේ රටම වනසන මේ ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දෙන්න කියලයි.“

මරණ දඩුවම ක්‍රියාත්මක කලහොත් කුඩු ජාවාරම්කරුවන් යම් ආකාරයකට බිය වන බවත් ඒ හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්, ගබඩා කරන්නන් අවම කරගත හැකි වනු ඇති බව සමාජ විද්‍යාඥයින්ගේ අදහස වී තිබේ.

මේ පිළිබඳව නිසි විසදුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී බුදුන් වැඩිය ශ්‍රී ලංකාව කුඩු පුරයක් බවට පත්වීම කිසිදු ජගතෙකුට නවතාලිය නොහැකි වනු ඇත.

සැලකිය යුතුයි:

ඔබ ඡන්දය භාවිත කිරීමට පෙර ඔබේ දරුවා ගැන සිතන්න. ජාවාරම්කරුවන්ගේ මුදලින් ඡන්දය දිනා ජාවාරම්කරුවන් ආරක්ෂා කළ දේශපාලකයින් ගැන ඔබ දැනටමත් දන්නවා ඇත. ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම යනු ඔබේ දරුවාට ඔබම හෙරොයින් පුරුදු කලා වැනි පාපකර්මයකි. එය මිනිස් ඝාතනයකට වඩා පාපකර්මයකි. සිතන්න…. ඔබේ දරුවාට කුඩු රජකරන සමාජයක් විවර කරනවාද එසේ නැතහොත් ශ්‍රී ලංකාව කුඩු උවදුරෙන් බේරා ගැනීම සඳහා ඔබේ ඡන්දය භාවිත කරනවා ද?

mujideen1

lankaleaks

 

Last modified on Tuesday, 07 July 2015 13:33

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us