මහනුවර පළමු කුඹල් පෙරහර අද

Published in පුවත්
Friday, 01 August 2014 11:30

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (01) දින සුබ මොහොතින් වීදී සංචාරය කරයි. 

අද පස්වරු 5 පසුවී විනාඩි 45ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව සිරිත් පරිදි දන්ත ධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණේ.. එය සංවිධානය කර තිබුණේ රංජිත් අළුවිහාරේ මහතාය.

පසුව රාත්‍රී 7 පසුවී විනාඩි 50ට දකුණු  දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ පන්සල පාර දිගේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) යටිනුවර වීදිය රජ වීදිය දිගේ ඉහළට විත් ගෙවදීම සිදුකරයි.

පැරණි රජ දවස සිට පැවත ආ චාරිත්‍ර යළි සිහිගන්වමින් මෙවර කුඹල් පෙරහරේදී විචිත්‍ර වර්ණ ගැන්වූ ඇඳුම් ආයිත්තම් වෙනුවට සුදු හා රන් වර්ණය පමණක් යෙදා නිම කළ ඇඳුම් ආයිත්තම් ශිල්පීන් හා අලි ඇතුන් සඳහා භාවිත කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us