ලංකාව මත් පුරයක් කරන්නන්ට එරෙහි වීමට හොදම කාලයයි

Published in පුවත්
Thursday, 09 July 2015 09:10

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 ) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරීමට නියමිතය.

ජාඇල නගර සභා ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයට සමගාමීව අද දිනයේ දිවයිනේ සියලු පාසල්වල ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩය ප්‍රකාශ කෙරේ.

මෙසේ සිදුවන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවලෙ සාර්ථක අන්දමින් ප්‍රතිඵල උදා කර දීම උදෙසා ප්‍රමාණවත්ද යන්න මේ මොහොතේ දී අවධානයට යොමුකර බැලීම වැදගත් කරුණකි.මේ වන විටත් කුඩු යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙන හෙරොයින් මෙන්ම නොයෙකුත් මත්පෙති වර්ග හරහාද ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය දිය වෙමින් පවතින බව නොරහසකි.

1984 සංශෝධිත අන්තරයකර ඖෂධ පනත අනුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම, අනුබල දීම යන ඕනෑම චෝදනාවක් යටතේ මරණ දඬුවමට ලක් කිරීමට හෝ ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දීමට හෝ ප්‍රතිපාදන පවතී. මෙබදු දැඩි දඩුවම් ඔස්සේ මත්දව්‍ය ජාවාරම් කරුවන් යම් ආකාරයකට බිය වැද්දීම කළ යුතු බව සමාජවිද්‍යාඥයින්ගේ ද මතය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවස්ථා ගණනකදී නොයෙකුත් ප්‍රකාශයන් සිදු කළ බව අපට මතකය. නමුත් එ්වා ප්‍රකාශයන්ට පමණක් සීමා වී ලත් තැනම ලොප් වූවා විය හැකිය. ඇතැම් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියාගන්නා සංවිධාන මරණ දඩුවමට එරෙහි වෙමින් සිටී. රට වනසන ව්‍යසනයක්ම කැන්දන ජාවාරම්කරුවන්ගේ මානව හිමිකම් ගැන හිතන්නන්ට සුවහසක් දරුවන්ගේ මානව හිමිකම් ගැන අමතක වී ඇති සෙයකි. මානව හිමිකම් යන්න කතා කළ යුත්තේ අනෙකාගේ ද මානව හිමිකම් උල්ලංඝනය වන වටපිටාවක නම් එයින් වඩා සාධාරණ කුමක්ද යන්න සිතා බැලීමක් නැත්තේ කුඩු ජාවාරම්කරුවන්ගේ මුදලට යටවීමෙන්දැයි අපට සැකයක් ජනිතවේ.

ව්‍යවස්ථාවෙන් ම මරණ දඩුවම අනුමත කර ඇති වට පිටාවක් තුළ ඔවුන්ට මරණ දඩුවම ලබා දීමට නොහැකි තරම් මෙරට දේශපාලනයේ පවතින්නේ ඛේදවාචකයකි.අනෙක් අතට කුඩු ජාවාරමේ ඉහළ පුරුක් තවමත් නිදැල්ලේ කටයුතු කරගෙන යන වටපිටාවක ඔවුන්ට විරුද්ධව පවතින චෝදනා පවා යට ගැසී සැගවීයමින් පවතී. අවසානයේ සියල්ල නිස්නාර කතාවක් බදුව අමතක කර දැමීමට ඉඩදිය යුතු නැත.

කෙසේ වූවත් අද දිනයේ සිට ජනාධිපති කාර්යාලය,පොලිස් දොපර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් පැමිණිලි ලබා ගැනිම සදහා වැටලිම් සිදු කිරිම සදහා විශේෂ වැඩපිලිවෙලක් දියත් කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව මගින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ මහජනතාවට පැමිණිලි යොමු කිරිම සදහා පහත සදහන් දුරකථන අංක ලබා දී ඇත.

එම දුරකථන අංක වනුයේ 011- 3024825, 011- 3024826 , 070- 3117117 , 070- 3118118 , 070- 3119119 සහ ෆැක්ස් අංක 011-2333496 යන අංකවලට දැනුම් දිය හැකිය.

එමෙන්ම විද්‍යුත් තෑපෑලඃ- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.දැනුම් දීමක් ද සිදු කළ හැකිය.


කෙසේ වෙතත් මත්දව්‍ය නිවාරණය පිළිබඳව නිසි විසදුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව මත් පුරයක් යන අවාසනාවන්ත ඉරණමේ ගොදුරක් වනු නොඅනුමානය. ඉදිරියේ එළඹෙන කාලසීමාව තුළ මෙරට ජනතාවටද මේ පිළිබද සුවිශාල වගකීමක් පැවරේ. ඔවුන්ට ලැබෙන ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන ඡන්දබලය පාවිච්චිකළ යුත්තේ රටට විනයක් වූවන් පැරදවීමටය.ඔවුන් අතුගා දැමීමටය.

මෙහිදී සැලකිය යුතු කාරණයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන සහ ජාවාරම්කරුවන් ආරක්ෂා කළ දේශපාලකයින් යෙහෙන් වැජඹෙන සමාජයක අප ජීවත් වීමයි. එවැනි දේශපාලකයින් මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව ජනතාව දන්නේ නම් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ පාපකර්මය සිදු නොකළ යුතුය. ඔවුන් නොයෙක් වාසි සලසමින් ජනතාව දිනා ගැනීමට උත්සාහ දරන අවස්ථා එමටය. නමුත් ඒ සුළු තාවකාලික සහනය හෝ උපකාරය වෙනුවෙන් රටට වින කරන පුද්ගලයින්ට අවස්ථා සැලසීමෙන් වළකින්න.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us