පාතාල කල්ලිත් ඡන්ද වැඩට යොදා ගැනීමේ සැලසුමක්

Published in පුවත්
Thursday, 09 July 2015 10:34

මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රබල දේශපාලනඥයන් පිරිසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා නමගිය පාතාල කල්ලි පහක සහාය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.බස්‌නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්‌ඩත්වය වපුරුවා මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම මොවුන්ගේ අරමුණවී ඇතැයි නවරත්න මහතා පැවැසීය.

කෙසේ වෙතත් මෙම පාතාල කල්ලි පහේ සාමාජිකයන් පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා ඇති බවද නවරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

පසුගිය මැතිවරණවලදීද මෙම පාතාල කල්ලි විසින් දේශපාලනඥයන් ජයග්‍රහණය කරවීම සඳහා සක්‍රීයව දායකත්වය ලබා දී තිබෙන බව හෙළිවී ඇත.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොබියව කටයුතු කරන ලෙස සියලුම පොලිස්‌ ස්‌ථාන වෙත මේ වනවිටත් දැනුම්දී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියි.

ජනවරම අහිමි බව දන්නා දේශපාලනඥයින් මැර බලය යොද‍ා ගනිමින් හෝ බලයට ඒමට නොපසුබට බව නොරහසකි.පසුගිය ජනවාරි 08 වනදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂ සිදුකළ කුමන්ත්‍රණය මෙරට ජනතාවට අමතක නැත. කවර හෝ උපක්‍රමයකින් බලයට පැමිණීමට සිහින මැවූ රාජපක්ෂ පරපුරට ජනතාව ඉගැන්වූ පාඩම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ නොමැකෙන සලකුණක් වීය.

බලලෝභය නම් ආශාවේ අවදි නොවන සිහිනයක ගිලී සිටින මෙම කල්ලිය මෙවරද කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ සිය අරමුණ ඉටුකර ගැනීමට කටයුතු කරනු නියතය. කෙසේ නමුත් යහපාලනයේ ජනතා අභිලාෂ යම් තරමක් කඩවූ බවද කිව යුතුය. එනමුත් අප සිතා බැලිය යුත්තේ මැර බලය සිය ජීවිතයේ කොටසක් කර ගත්,රටම සිය පවුල් පාලනයේ ග්‍රහනයට නතු කළ ජනතා දේපල කොල්ල කෑ දේශපාලකයන් යයි කියා ගන්නා දේශපාලුවන් අතුගා දමන ආකාරයයි.එසේ නොවුණහොත් යළිත් උදාවන්නේ නිදහස අහමිවූ පීඩිත යුගයක්මය.

අවශ්‍ය වන්නේ ජනතාවට නිදහසේ ජීවත් වීමට සුදුසු වටපිටාවක් තනා ගැනීම උදෙසා වන පාලනයක් ගෙන ඒමය.ආශ්චර්ය කියමින් සිදු කළ ජනතා දේපල මංකොල්ලය,වටිනා මනුෂ්‍ය ජීවිත බිලි ගැනීම සිදු කල පිරිසට නාමයෙ‍ා්ජනා හිමිවීමද ප්‍රශ්නයකි.නමුත් ජනවරම අයුතු ලෙස පාවිච්චි කිරීමට අර අදින්නේ නම් එයට ඇති ඉඩකඩ වලකා ලිය යුතුමය.මැර බලයට වඩා ජනබලය ප්‍රභල බව පසුගිය ජනවාරි 08 දා ප්‍රදර්ශනය වූයේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us