අරලියගහ මන්දිරය ඡන්ද වැඩට අරගෙන - ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල්

Published in පුවත්
Saturday, 18 July 2015 08:20

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලට යොදා ගනිමින් විවිධ රැස්‌වීම් සහ හමුවීම් පවත්වන බව ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය යටතේ ක්‍රියාත්මක පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විඡේතුංග මහතා මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර ඇත.

එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ අනෙකුත් දේශපාලන පාර්ශ්වයන් සමඟ සම්මුතියකට එළැඹීමේ උත්සවයද අරලියගහ මැඳුරේ පවත්වමින් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කළ අයුරු දක්‌නට ලැබූ බවද ඉදිරියේදීත් අරලියගහ මන්දිරය යම් යම් දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ සූදානමක්‌ පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඊයේ (17 දා) පැවති මාධ්‍ය හමුවකදී ශාන් විඡේතුංග මහතා කීවේය.

මැතිවරණ සමයේදී රාජ්‍ය දේපළ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවට පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහන වෙත මේ වනවිට පැමිණිලි රැසක්‌ ලැබී ඇතැයි කී විඡේතුංග මහතා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය සම සමව මෙම මැතිවරණ නීති උල්ලංඝනය කර ඇතැයිද කීවේය.

ලැබූ පැමිණිලි අතරින් සාක්‌ෂි සහිතව පැමිණිලි සියයට අසූවක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ඉදිරිපත් කළ බවද හෙතෙම කීවේය.

එක්‌සත් ජාතිත පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු, විපක්‍ෂයේ පළාත් සභා මැති ඇමැතිවරුන්, රාජ්‍ය සේවකයන්, නිල නිවාස සහ නිල වාහන අයථා ලෙස පරිහරණය කරමින් සිටින බව ද කී හෙතෙම නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙක්‌ සහ රියෑදුරෙක්‌ සුදු පැහැති වෑන් රථයක්‌ සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්‌වීම සංවිධානය කිරීම සඳහා හම්බන්තොටට රැගෙන ගොස්‌ ඇතැයි කීය. එම පිරිසට නවාතැන් පහසුකම් සපයා ඇත්තේද හම්බන්තොට ලුණු ලේවායට අයත් නිල නිවසක බව කී ශාන් විඡේතුංග මහතා රාජ්‍ය ඇමැතිවරයකු වන දිලිප් වෙදආරච්චි මහතා ද සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ධීවර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ සේවකයෙක්‌ යොදාගෙන සිටින බවද ඡායාරූප පෙන්වමින් පැවැසීය.

බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ඒකකයද මේ වන විට ඒ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගනිමින් සිටින බවද මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පීන් ඊට අයත් වෑන් රථයකින් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සැරිසරන බවද කී හෙතෙම වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ කාර්ය මණ්‌ඩල නිලධාරීන්ද, මහ ඇමැති කාර්යාලයේ සිට දුරකථන 25 ක්‌ යොදා ගනිමින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය පුරා සිටින ඡන්දදායකයන්ට ඇමතුම් ලබාදෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.

නුවරඑළිය එජනිස අපේක්‌ෂක ආරුමුගම් තොන්ඩමන් මහතාද පොදු දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්නා අයුරු සාක්‌ෂි සහිතව ලැබී ඇතැයි කී විඡේතුංග මහතා වයඹ පළාත් සභාවේ සිටින සිය ඥාති පුත්‍ර සුමල් පෙරේරා මහතාට ලැබුණු රුපියල් ලක්‍ෂ සීයක්‌ වටිනා සෙවිලි තහඩු තොගයක්‌ නියෝජ්‍ය ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා විසින් ප්‍රදේශයේ ජනතාවට බෙදා දෙමින් සිටින බවට සාක්‌ෂි ලැබී ඇතැයි කීය.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයට තරග වදින එජනිස අපේක්‌ෂිකා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ඇහැලියගොඩ පිහිටි පැරණි දුම්රිය ස්‌ථානය පක්‍ෂ කාර්යාලය බවට පත්කරගෙන ඇතැයි කී හෙතෙම මහනුවර දිස්‌ත්‍රිsක්‌ ලේකම් කාර්යාල ගොඩනැගිල්ල තුළ පිහිටි පොල් සංවර්ධන මණ්‌ඩල කාර්යාලය ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පක්‍ෂ කාර්යාලයක්‌ බවට පත්කර ගෙන ඇතැයි කීය.

රජයේ මුද්‍රණාලය තුළද ජාතික සේවක සංගමයේ 'ශාඛාව' විසින් මැතිවණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින බවට පැමිණිලි ලැබී තිබෙන බව කී ශාන් විඡේතුංග මහතා මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා මැතිවරණයට තරග නොකළත් එජනිස අපේක්‌ෂකයන් මහ ඇමැති නිල නිවස මැතිවරණ කටයුතුවලට යොදා ගනිමින් සිටින බවද කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ නායක ආර්. සම්පන්දන් මහතා ත්‍රිකුණාමල නගර සභාවේ සම්මන්ත්‍රණ ශාලාව දේශපාලන රැස්‌වීමක්‌ සඳහා යොදා ගෙන ඇති බවටද සාක්‍ෂි සහිතව පැමිණිලි ලැබී ඇතැයි කී හෙතෙම එම රැස්‌වීමට නැඟෙනහිර පළාත් මන්ත්‍රීවරු පැමිණ ඇත්තේ රජයේ නිල රථවලින් බව කීය.

ජනතා විමුක්‌ති පෙරමුණේ ලාංඡනය ප්‍රසිද්ධ කරමින් ඇතැම් ප්‍රදේශවල මහා මාර්ගය මත ප්‍රචාරක දැන්වීම් සටහන් කර ඇතැයිද කී හෙතෙම ආණ්‌ඩු පක්‍ෂයේ හා එජනිස මැති ඇමැතිවරුන් ලංගම බස්‌ රථවල සිය ප්‍රචාරක පෝස්‌ටර් ප්‍රදර්ශනය කරමින් සිටින බව කීය.

ගතවූ පැය විසිහතරක කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොදු දේපළ යොදා ගැනීම් වැඩිවී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ට්‍රාන්ස්‌පේරන්ස්‌ ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකරුවන් සහ සම්බන්ධීකාරකවරුන් වන නීතිඥ ජගත් ලියනාරච්චි, ශෂීද මැල්, නවෝල් නිමලරත්න යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

 

divaina

Last modified on Saturday, 18 July 2015 08:27

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us