ජාතික ආණ්ඩුවකට දැනටමත් සාකච්ඡා

Published in පුවත්
Saturday, 18 July 2015 08:27

එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුමකට එළඹුණු යහපාලනය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් පිරිස සමඟ සන්ධානයේ ප්‍රබලයන් සාකච්ඡා පවත්වන බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව ඉඟියක් ලබා දෙමින් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය දා ප්‍රකාශ කළේ එළැඹෙන මහ මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද මැතිවරණයෙන් පසු ස්ථාපිත කෙරෙන්නේ ජාතික ආණ්ඩුවක් බවයි. මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත දැනට ම පළ වී ඇති බවය.

එමෙන් ම එළඹෙන මහ මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවටම ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් වගකීම් පැවරෙන පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කොට තිබුණි. මේ අතර මැතිවරණය අවසන් වන තෙක් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පක්ෂ අභ්‍යන්තරයෙන් ම මෙහෙයුමක් දියත් වී ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි.

පසුගිය දා ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කැඳවා තිබු මධ්‍යම කාරක සභා රැස්වීමේදී රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අදාළ තීරණය ගැනීමට නියමිතව තිබුණත් අධිකරණ නියෝගයක් මඟින් එම මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කොට තිබිණි. මේ පිළිබඳ අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ කුමන හෝ ප්‍රයත්නයක් මඟින් සිය සාමාජිකත්වය අහෝසි කළත් මැතිවරණයෙන් පසු එය නියත වශයෙන්ම තමන්ට යළි හිමි වන බවයි. ජනාධිපතිවරණයට පෙරත් සිය සාමාජික්තවය අහෝසි කළ බව පැවසු සේනාරත්න මහතා ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රීලනිප සාමාජිකත්වය පමණක් නොව පක්ෂයේ උප සභාපති තනතුර ද තමන්ට හිමි වූ බව සඳහන් කළේය.

silumina

Last modified on Saturday, 18 July 2015 08:30

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us