මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේ මෙන්න මෙහමයි Featured

Published in පුවත්
Tuesday, 21 July 2015 20:47

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරඇත.

එම මාධ්‍ය නිවේදනයේ තැනක මෙසේ සඳහන්වේ


'.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානය සහමුලින්ම පරාජය කළ නායකයාය. කොටින්ට මුදල් හා ආයුධ ලබා දුන්නේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා බව මුලින්ම මතක් කර දිය යුතුය.

තවද කිසිදු ජනාධිපති කොමිසමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි නිර්දේශ කොට නැත. මොනම ජනාධිපති කොමිසමකටවත් කිසිවෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමටද නොහැක.

එවැන්නක් කළ හැක්කේ ජනාධිපති කොමිසමක් විසින් කරන නිරිදේශය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත් පමණි. ඊළඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලැබුනොත් ලැබෙන්නේ එ.ජ.නි.ස.යට මිස එ.ජා.ප.-ජ.වි.පෙ. හවුලට නොවේ...''

 

මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රජා අයිතිය අහොසි කෙරුණු ඇති බවට අනුර දිසානායක කළ ප්‍රකාශයෙන් කෙතරම් අසරණ වී ඇති දැයි මේ පිළිතුරෙන්ම පෙනීයයි. එමෙන්ම ඔහුගේ මාධ්‍ය නඩය ඊටත් වඩා කළබල වී ඇති බව පෙනේ.

එල්ටීටීඊ සංවිධානයට මුදල් හා ආයුධ ලබා දුන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා බව හැබවි. එහෙත් ඔහුගේ ප්‍රජා අයිතිය අහොසි කරන්න්ට හෝ ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙනත් බලයෙන් පහ කරන්නට හෝ හැකි වුණේ නැත. මන්ද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වූ බැවිනි. ජනතාව ඔහුව පන්නා දමන්නට පෙර ඔහු යන්නට ගියේ රතිඥඥා හඬ මැද්දේය.

ඒ පැත්තකින් තියමු. මහින්ද රාජපක්ෂ 'කොටි සහමුලින් පරාජය කරන්නට' ( එහෙත් තවමත් ඔන්න කොටියා එනවෝ යැයි මොර දෙයි) පෙර මහින්ද රාජපක්ෂ බලයට ආවේ එල්ටීටීයට මුදල් ලබා දීමෙන් බව තව දුරටත් රහසක් නොවෙය. අද මහින්ද රාජපක්ෂගේ ජාතික ලැයිස්තුවේ සිටින ටිරාන් අලස් විසින්ම ප්‍රසිද්ධ පුවත් සාකච්ඡාවක් කැඳවා මේ හෙළි කර ඇත. එහි වීඩියෝ පට ද ඕණෑතරම් අන්තර් ජාලයේ සැරිසරමින් තිබේ. රුපියල් කෝටි 19.6 ක රාඩා ආයතනයේ මුදල් වංචාව රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව සිදුවූ තවත් සුනාමි මුදල් වංචාවකි. පළමු එක හෙල්පින් හම්බන්තොටය.

එල්ටීටීඊ සංවිධානය පරාජය කල පළියට එම සංවිධානය පෝෂණය කරන්න්ට මුදල් දුන් කතාව නිෂේධනය වෙන්නේ නැත.

එමෙන්ම තවමත් රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහොසි කළ යුතු බවට ජනාධිපති කොමිසමකින් නිර්දේශ කර නැති බවත් මොනම ජනාධිපති කොමිසමකටවත් ඒ කළ නොහැකි බවටත් පාරම්බෑමක්ද මේ නිවේදනයේ ඇත. ඒ මදිවට ඒක කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෑ බවද ඒ තුනෙන් දෙක ලැබෙන්නේ තමන්ට බවත් රාජපක්ෂ මහතා සිතා සිටීමත් පුදුම ඛේදජනක තත්වයකි.

 

බැසිල් රාජපක්ෂගේ ප්‍රජා අයිතිය

මහින්ද රාජපක්ෂ උන්නැහේට තමන්ගේ මලයා වූ බැසිල් රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අවුරුදු 5 කට අහෝසි වූයේ කෙසේදැයි දැන් මතක නැත.

1984 මුල්කිරිගල අතුරු ඡන්දයේදී ශ්‍රීලනිපයෙන් තරඟ කළ නිරූපමා රාජපක්ෂට එරෙහිව මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී කුණු හරුපයෙන් බැන්න බව අධිකරණයේදී ඔප්පු වීම නිසා අධිකරණය විසින් වසර 5 කට බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කෙළේය.

ගාමිණී සමග එජාප වේදිකාවක සිටිමින් තමාගේම ඥාති දියණිය වූ ශ්‍රීලනිපයෙන් තරඟ කළ නිරූපමා රාජපක්ෂට අමු තිත්ත කුණුහරුපෙන් බැන්නේ ඒ කිසිවක් පටිගත නොවනු ඇතැයි සිතාය. ඡන්දයෙන් නිරූපමා පැරදුනු නමුත් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළාය. එහිදී ප්‍රධාන වූයේ බැසිල් රාජපක්ෂගේ කුණුහරුපෙන් බැනිල්ලය. එදා බැසිල් ගේ කතාව පටිගත කළ ශ්‍රී ලංකා කාරයෙක් එය පක්ෂයට ලබා දුන්නේ ය. එම ප්‍රධාන සාක්කිය මත නඩුවේ දී බැසිල් වරද කාරයා වී වසර 5 කට ප්‍රජා අයිතිය අහෝසි කෙළේය. ඉන්පසු බැසිල් රටේ ඉන්නේවත් නැතිව ඇමරිකාවට පලා ගියේ ය.

එ කතාව එසේය මීලඟට මහින්ද රාජපක්ෂ විසින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කරන්න්ට ගත් ක්‍රියා මාර්ගයද මතක නැති වී තිබේ. ඒ කිසිදු සාධාරණ යුක්ති සහගත නෛතික ක්‍රියාවලියක් මඟින් නොවේ.

 

සිරිමාවෝ බන්ඩාරණායකගේ ප්‍රජා අයිතිය

එසේම 1982 දී සිරිමාවෝ බන්ඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වෙනුවෙන් ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථා සංශෝධයක්ද ගෙන ආවේය. ඒ පළමු ව්‍යවස්ථා සංශෝධයයි.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් 1978 අංක 07 දරන පනත අනුව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කෙරිණ. මෙහි වැඩ ආරම්භ කරන විට අධිකරණය ලබාදී තිබුණේ පනත අතීතයට බල නොපාන ආකාරයටය. එම නිසා 1970-77 කාලවල සිදුවූ සිදුවීම් විභාග කිරීමට ප්‍රතිපාදන නොමැති විය. මෙයින් විභාග කළ හැකිව තිබුණේ ඉදිරි කාලයට සිදුවන සිදුවීම් පමණකි. මේ නිසා එවකට පැවැති රජය 1978 නොවැම්බර් 22 වැනි දින විශේෂ විධිවිධාන පනතක් ගෙනැවිත් මෙම තීන්දුව අවලංගු කිරීමට කටයුතු කළ අතර 1978 පළමු ව්‍යවස්ථා සංශෝධනය 1978 නොවැම්බර් ක්‍රියාත්මක වන්නේ මෙම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් හැටියටය.

ඒවගේම ප්‍රජා අයිතිය අහෝසි වීම සම්බන්ධව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89/ඈ වගන්තියෙහි සඳහන් වේ. ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයකු රාජද්‍රෝහී ක්‍රියාවකට සිරගත වුවහොත් ඔහු සිරදඬුවම සම්පූර්ණ කර නිදහස් වුවහොත් පමණක් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිවීම සිදුවේ.

 

මහින්ද රාජපක්ෂ ගේ ප්‍රජා අයිතිය

මේ නිසා මහින්ද රාජපක්ෂ ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඕනෑතරම් නීත්‍යානූකූල හා නිත්‍යානුකූල නොවන ක්‍රම සහ විධි තිබේ. මන්ත්‍රීකම දැරුවාට අගමැතිකම දැරුවා හිටපු ජනාධිපතිවරයකු වූවාට රාජදෝහී , ප්‍රජාතනත්‍ර විරෝධී ක්‍රියාවක නියැලුනු බව ඔප්පු වේ නම් ඊට දඬුවම් ලැබීම නියතයක් විය යුතුය. ප්‍රජා අයිතිය අහෝසි වූ කළ මන්ත්‍රීකම් අගමැතිකම්ද අහෝසීවේ

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කරන්නට රටේ තිබෙන නීති ප්‍රමාණවත්ය. ඊටත් වඩා ඔහු රටට කර තිබෙන හානීය විශාලය. මේ සමාජ පිළිලයකි. ඒ ගලවා දැමිය යුතුමය.

Last modified on Tuesday, 21 July 2015 20:54

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us