මහින්දට එරෙහි පරීක්ෂණ ‍රැසක් ක්‍රියාත්මකයි

Published in පුවත්
Wednesday, 22 July 2015 13:57

මහින්ද රාජපක්ෂ සමයේදි සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති හරහා වූ දැවැන්ත මුල්‍ය අක්‍රමිකතා ‍රැසක් පිළිබඳව පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශකයක් නිකුත් කරමින් පවසයි.

ඒ අතර යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකෙරුණු පිහිනුම් තටාක දෙකක් සඳහා බිලියන 2.5 ක මුදලක් වැය වීම, චීන සමාගමකින් ලබාගත් බිලියන 1.8ක කොමිස් මුදල, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ලබාගත් බිලියන 15ක කොමිස් මුදල, අධිවේග මාර්ග ඉදිකිරීමේදී ලබාගත් බිලියන 1.8ක මුදලක්, සමෘධි අරමුදලෙන් ලබාගත් බිලියන 6.5ක මුදල, මිත්‍රයෙකු හරහා ලංකාපුත්‍ර බැංකුවට ලබාදුන් බිලියන 16ක මුදල සම්බන්ධ පරීක්ෂණ කටයුතු තවමත් පැවැත්වෙන බව ඇමතිවරයා අනාවරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි විභාග කිරීම නියමිත පරිදි සිදු කරන බවත් පරීක්ෂණ කටයුතු නවතා දැමීමට කිසි ලෙසකින්වත් කටයුතු නොකරන බවත් ඔහු අවධාරණය කරයි.

තම රජයට මහින්ද රාජපක්ෂ රජය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට විරුද්ධව කටයුතු කළ ආකාරයට කටයුතු කල නොහැකි බව ඔහු පේනවා දෙයි. එම දිනවල පැවතියේ කැළෑ නීතිය බව එම පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. පසුගිය කාලය තුල සිදු වූ වංචා සහ දුෂණ පිළිබඳ සොයා බැලීමේදී මහින්ද ඇතුළු පවුලේ උදවිය සම්බන්ධව තොරතුරු රැසක් හෙළිවන බව ඒ මහතා පෙන්වා දෙයි.

කොටස් වෙළඳපොල හරහා සිදු වූ මහාපරිමාණ අවිධිමත් ගනුදෙනු, ව්‍යාජ හැදුනුම්පත් යොදාගෙන පවත්වාගෙන ගිය බැංකු ගිණුම්, රාජ්‍ය දේපල අවභාවිතය, රජයේ ඉඩම් පැහැරගැනීම් මේ අතරට අයත්වන බව පැවසේ. මීට අමතරව කොළඹ ආශ්‍රිතව පැවති ඉතා වටිනා දේපළ තම හිතමිත්‍රාදීන් අතර බෙදාදීමේදී සිදු වූ වංචනික ගනුදෙනු සහ රජයේ ව්‍යපාර ආයතන හිත මිත්‍රාදීන්ට පැවරීම පිළිබඳ පරික්ෂණ කටයුතු මේවනවිට සිදු කරමින් පවතින බව පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.


මහින්ද රාජපක්ෂ දැන් සුචරිතවාදී ස්වරුපයක් රඟ දැක්වීමට උත්සහ ගනිමින් සිටින්නේ එම වංචා දුෂණ රටේ සියලු දෙනාගෙන් සැඟවීමේ අරමුණෙන් බව ඇමතිවරයාගේ අදහසයි. මහින්ද දැන් උත්සහ ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුවේ ඉහලම ධුරය ලබාගෙන ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට එරෙහිව සිදුවන පරීක්ෂණ කටයුතු නැවත්වීමට උත්සහ ගැනීම බව රංගේ බණ්ඩාර ඇමතිවරයා පවසයි.

නමුත් මහින්ද රාජපක්ෂට මාධ්‍ය ප්‍රකාශ හෝ ප්‍රසිධියේ කතා පවත්වා මහා පරිමාණ වංචා සම්බන්ධව වගකීම වලින් ගැලවිය නොහැකි බව පවසන ඇමතිවරයා මහින්ද තමන්ට සහ තම සහචරයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල බරපතල බව දන්නා හෙයින් මේ ආකාරයට වියරුවෙන් හැසිරෙන බව පෙන්වා දී තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us