'දෙමළ අරගලය දිනන්න බැරි පාටයි'

Published in පුවත්
Monday, 27 July 2015 15:34

ශ්‍රී ලංකාව තුළ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ පසගිය(25) දින යාපනය මරුදනාර්මඩම් හි පැවැති දෙමළ ජාතික සන්ධානයේ, යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින්ය.

‘අපගේ අරගලය අතීතය දක්වා දිව යනවා. එයට විසඳුමක් ලැබෙන බව අපි සිතන්නෙමු. එම විසඳුම සාර්ථක වන්නේ අප ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුවහොත් පමණි. එහෙත් වර්තමානයේ මේ අරගලය දිනා ගැනීමේ හැකියාවක් නැත. ඉතා ඉවසීමෙන් හා අවබෝධයෙන් මේ කාලයේ අපට කටයුතු කිරීමට සිදුව ඇත.

පසුගිය වසර 10 පුරා මහින්ද රාජපක්ෂ මහතාගේ මර්දනකාරී පාලනයක් පැවතුණා. මෙරට ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු අල්ප මාත්‍රයක අවධානයක් යොමු කළේ නැත. ඔහුගේ එකම අරමුණ වී තිබුණේ දෙමළ ජනතාව මර්දනය කිරීමත් රටින් පළවා හැරීමත් පමණයි. එහි ප්‍රතිඵලය ලක්ෂ 4කට වැඩි දෙමළ ජනතාවක් රටින් පිටව යාමයි'

රාජපක්ෂ පාලන සමය තුඝ සැළැසුම් සහගතව සිංහල ගම්මාන ඉදිකිරීම, හමුදා පරිපාලනය, ආර්ථිකය විනාශ කිරීම සහ සංස්කෘතිය විනාශ කිරීම යනාදිය මගින් දෙමළ ජනතාව දුර්වල කිරීමට අදහස් කළ බවත් ,ජනතාව තම අත්දැකීම් වලට අනුව, තම ඡන්ද බලයෙන් වෙනසක් ඇති කළ බවත් සදහන් කළේය. මේ හේතුවෙන්, මහජාතික ජනතාව මධ්‍යයේ විශාල වෙනසක් ඇතිවී තිබීම සිදුවුවද එම වෙනස පිළිබඳව පූර්ණ විශ්වාසයක් නොතබන බව ඔහු පවසයි.

''අප අපගේ කටයුතු ඒ ආකාරයෙන්ම අඛණ්ඩව සිදුකල යුතුය. අපගේ ගැටළුව සම්බන්ධයෙන් 2011 වර්ෂයේ ඇමරිකාවට ගොස් සාකච්ඡා කළෙමි. ඒ අනුව, 2012 වර්ෂයේදී ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කලේය. ඉන් අනතුරුව 2013 සහ 2014 යන වර්ෂයන් වලදී ඇමරිකාව යෝජනා ඉදිරිපත් කරන ලදි.

මෙවැනි පසුබිමකදී, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව 2015 වර්ෂයේ මැයි මස ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අවස්ථාවකදී, එය ප්‍රමාද වී, එම වාර්තාව 2015 වර්ෂයේ සැප්තැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිතය. එම යෝජනාවේ සඳහන් කර ඇති කරුණු, මුළුමුලින්ම ක්‍රියාවට නැංවිය යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකිය යුතුය යන ස්ථාවරයක මේ වනවිට සිටියි. එයට හේතු‍ව, මෙරටේ ජීවත්වන ජනවර්ගයක් ඝාතනය කිරීම වේ. අවසන් සටනේදී අහිංසක දෙමළ ජනතාව 70,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත. රෝහල් සහ සුභ සාධන කඳවුරු වෙත ප්‍රහාරයන් එල්ලකර ඇත.

වෛද්‍ය පහසුකම් සහ ආහාර ලබාදීම වලක්වා ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිරීති උල්ලංඝනය කර ඇත. එය අප මෙරට පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කර ඇත්තෙමු. අප ඒ ආකාරයෙන් කතා කල අවස්ථාවේදී, එහි සිටි කිසිඳු පුද්ගලයෙක් විරෝධය දක්වා නොමැත. මෙම දෙමළ ජාති ඝාතනයට යුක්තිය ලැබිය යුතුය. මෙම තත්වය තවදුරටත් සිදුනොවිය යුතුය. අවතැන්වූ ජනතාව ඔවුන්ට අයිති ඉඩම් වල යලිපදිංචි කල යුතුය. මුලතිව්, මන්නාරම, සාම්පූර් සහ වලිගාගම් උතුර යන ප්‍රදේශයන්හි යම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇත.

නමුත්, එහි ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් කල යුතුය. ජනතාවට නිවාස පහසුකම් සහ ජීවනෝපාය සඳහා වන උපකාර පූර්ණ ලෙස ලැබිය යුතුය. ආණ්ඩු පෙරළියෙන් පසු, අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් රජයට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් තිබුණේ නොමැත. නමුත්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, මෙම තත්වය තවදුරටත් නොතිබිය යුතුය. අප පාරම්පරිකව ජීවත්වූ දෙමළ ඊළාම් මාතෘ භූමියේ ස්වයං නිර්ණය අයිතිය මූලික කරගත් දේශපාලන විසඳුමක් දෙමළ ජනතාව පිළිගනු ලබයි. එය අපගේ මැතිවරණ ප්‍රථිපත්ති ප්‍රකාශණයෙද සඳහන් කර ඇත.

අප සුවිශේෂි ජනවර්ගයක් යන එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇත. එම ගිවිසුම මගින් අපගේ කලා සංස්කෘතිය, භාෂාව සහ ස්වාධිනව ජීවත්වීමේ ප්‍රදේශයක් ඇති ජනවර්ගයක් ලෙස අපට ස්වයං නිර්ණය අයිතියක් ඇති බව පිළිගෙන ඇත. ඒ මගින්, සෑම අංශයකින්ම තමන්ව තමන් විසින් පාලනය කිරීමට හැකි බලතල සහිතව, අපගේ ස්වාධීනත්වය මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් අවශ්‍යය. එය දෙමළ ජනතාවගේ අයිතියකි. එය කිසිඳු පුද්ගලයෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය. මෙවැනි පසුබිමකදී, ඒකීය පාලන ක්‍රමයක් යටතේ බලය බෙදාහැරිය යුතු බව ප්‍රකාශ කරන පුද්ගලයන්ව, දෙමළ ජනතාව වන අප ප්‍රතික්ෂේප කල යුතුය.

එය අප සියළුදෙනාගේ යුතුකමකි. ඒකීය පාලන ක්‍රමයක් යටතේ බලය බෙදාහැරිය යුතු බව ප්‍රකාශ කර එක් සේශපාලන පක්‍ෂයක් මෙවර මැතිවරණයට තරඟ කරනු ඇත. නමුත්, ඔවුන් මෙවර ‘බුලත් කොළය’ යන සළකුණ අතහැරදමා ‘වීනාව’ යන සළකුණින් තරඟ කරනු ඇත. දෙමළ ජනතාවගේ නිවාස විනාශ කල අවද්ථාවේදී, මහින්ද රාජපක්‍ෂ සමග සම්බන්ධ වී සිටි පුද්ගලයන්, මේ වන විට අපගේ ජනතාවගේ ඡන්දය ඉල්ලමින් සිටියි. මේ ආකාරයෙන්ම තවත් දේශපාලන පක්‍ෂයක් මෙවර මැතිවරණයට තරඟ කරනු ඇත. එක් ස්ථානයකදී එක්සත් ලංකා ද්‍රවිඩ කොංග්‍රසය බව ප්‍රකාශ කරමිනුත්, තවත් ස්ථානයකදී දෙමළ ජාතික ජනතා පෙරමුණ බව ප්‍රකාශ කරමින් සිටියි. ඇත්ත වශයෙන්ම මෙම දේශපාලන පක්‍ෂයේ නම කුමක්ද? ඔවුන්ගේ මෙම පක්‍ෂය ආම්භයේදී ඒකීය පාලන ක්‍රමය පිළිගෙන තිබුණි. ඒ.එම්.සේනානායකගේ කාලයේදී, අමාත්‍ය ධූර ලබාගෙන සිටි මෙම පුද්ගලයන්, ‘එක් දේශයක්, රජයන් දෙකක්’ බව මේ වනවිට ප්‍රකාශ කරමින් සිටියි.

අප සුවිශේෂි ජනවර්ගයකි. ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිඳු විකල්ප අදහසක් නොමැත. එකම රටක් තුල විසඳුමක් දැකීමට අප අපේක්‍ෂා කරන්නෙමු. ඒ හැර, අපගේ මාතෘ භූමිය විදේශීය වශයෙනුත්, දේශීය වශයෙනුත් පිළිගත යුතුය. විදේශිය රටවල සිට මෙරටට පැමිණෙන දේශපාලන බලවතුන්, දේශපාලණික වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කරනු ඇත. නමුත්, අනෙකුත් කිසිඳු දෙමළ දේශපාලන පක්‍ෂයක් සමග ඔවුන් සාකච්ඡා නොකරනු ඇත.

එබැවින්, පාර්ලිමේන්තු ආසන 07ක් දෙමළ ජාතික සන්ධානයට ලබාදෙන්න. අනෙකුත් දේශපාලන පක්‍ෂ වල සහයෝගයද අපට ලබාදෙන්න. ඒ මගින් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගත හැකිය''

ලංකාව තුළ දෙවන ප්‍රජාවක් ලෙස අප ජීවත්වීමට සූදානම් නොමැති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

Last modified on Monday, 27 July 2015 15:37

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us