විමල්ට එරෙහි ලිපි ගොනු සූදානම්. චෝදනා ඔප්පු වුණොත් වසර 10 වත් හිරගෙදර

Published in පුවත්
Saturday, 01 August 2015 09:24

ව්‍යාජ උපන්දින සහිත උප්පැන්න සහතික සකස් කර රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් වංචාවක් කිරීමත්, වරදක් බව දැන දැන ම එම ලෙඛන පාවිච්චි කිරීමත් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හා ඔහුගේ බිරිඳවන ශෂී වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අවසන් කර එම ලිපි ගොනුව නීතිපතිවරයා එත භර දී තිබේ.

මේ අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයෙහි 454, 455,456,462 වගන්න්ති ප්‍රකාරව එම දෙපලට එරෙහිව නඩු පැවැරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
මේ සඳහා වරදකරු ලෙස ඔප්පු වුව හොත් වසර දහයකට වැඩි කාලයක් සිරගත වීමට සිදුවනු ඇත.


මෙම වරද සඳහා අත් අඩංගුවට ගැනීමකදී ඇප ලබා දිම සිදු නොහැකි බවට අපරාධ නඩු විධිවිධාන සග්‍රහයේ සඳහන්ව පැවැතියත් අත් අඩංගුවට ගැනුන සෂී වීරවංශ මහත්මියට ඇප ලබාදීම විමතියට කරුණක්ද විය.

කෙසේ නමුත් මේ විට නීතිපති දෙපාර්තමේන්තුවතුල පරීක්ෂණ කටයුතු නිල කර නඩු පැවැරීම සඳහා යොමුකළ ලිපි ගොනු රැසක් පවතින බවද හෙළිවේ.


සත්හඬ ඉරිදා පුවත්පත ඇසුරෙණි

Last modified on Saturday, 01 August 2015 09:29

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us