ජල බද්ද හා මහින්ද Featured

Published in පුවත්
Thursday, 06 August 2015 12:32

වත්මන් ආණුඩුව ජලය සඳහා බද්දක් අය කිරීමට සැලසුම් කරමින් සිටින බව අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබාගෙන ඇති බවයි.

1985 වසරේ පටන් ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය දියත් වූ අතර ජලකළමනාකරණ පනත කරළියට එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි 2007 වසරේ වයඹ පළාත් සභාවෙනි. 2009 හා2011 වසරවලදීත් මහින්දගේ සොයුරු බැසිල් රාජපක්ෂගේ ගමනැඟුම ව්‍යාපෘතිය යටතේද එය නැවත ඉදිරියට ගැනීමට තැත්කළ අයුරු අපට මතකය. ඒ ඒ අවස්ථාවේ දැඩිව නැඟුණු මහජන විරෝධය නිසා ඔවුන්ට ජල අයිතිය පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ සිය වුවමනාව ඉටුකරගත නොහැකි විය. මේ මහින්දගේ කිඹුල් කඳුළු එදා තමුන් තැත් දැරූ ජල බද්ද එජාපයෙන් අය කරන්නට යෑම ගැනය.

2009 වසරේ ගෙන එනු ලැබූ පානීය ජලය පිළිබද ජාතික ප්‍රත්පත්තිය මගින් ජලය වෙළද භාණඩයක් කර ගොවියන්ගෙන් හා ජනතාවගෙන් මුදල් අය කිරීම සඳහා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව බත්තරමුල්ලේ පිහිටි IWMI (International Water Management Institute )ආයතනය සමග හොර රහසේ මගින් ගිවිසුම් ගහන ලද්දේ ඉහත කී රාජපක්ෂ පවුලය.

ජාතික භෞතික සැලැස්මෙන් හා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කලා වැව පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් විකිණීමට මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද කටයුතු කලේය.

එජාපයට ද කියන්නට ඇත්තේ මෙතෙක් මහින්දට කරගත නොහැකිවූ ජල බද්ද අපමත පැටවීමට එජාපය උත්සාහ දරයි නම් එය කෙළවර වනු ඇත්තේ බරපතළ ආණ්ඩු විරෝධයකින් බවය.

කෙසේවෙතත් පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කළ වැලිවේරිය වැසියන්ට මහදවල් වෙඩි තබා ඝාතනය කළ මහින්දලාට දැන් ජලය මතක්වීම ගිලෙන්නට යන එකා පිදුරු ගහේ එල්ලීමක් වැනිය.

කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඇති ජල කළමනාකරණ පනතේ ඉතිහාසය පහතින්

1985 දී ජල අයිතිය පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලින් ආරම්භ කිරීම.


1994 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජලසම්පත් පෞද්ගලිකකරණය සඳහා යෝජනා ඉදිරිපත් වීම.


1996 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ජල සම්පත් පනත ගෙන ඒම, ජල සම්පත් සභාවක් පිහිටුවීම, ජල සම්පත් ලේකම්කාර්යාලයක් පිහිටුවීම සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ද, නෙදර්ලන්තයේ ද,ආධාර ඇතිව ව්‍යාපෘතින් යෝජනා වීම.


2000 මාර්තු 28 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රතිපත්තිය’ සම්මත කරවීම.


2001 නොවැම්බර් 26 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් එකී ප්‍රතිපත්තිය යටතේ ජල අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ විනිශ්චයසභාවක් ස්ථාපිත කිරීම.


2002 දෙසැම්බර් 16 රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවතත් ‘ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තියක්’ සඳහා යෝජනා ගෙන ඒම.


2003 ඔක්තෝබර් 13 රනිල් වික්‍රමසිංහ මහතා විසින් පානීය නළ ජලය වාණිජමය සේවාවක් කරනු වස් ජල සේවා ප‍්‍රතිසංස්කරන පනතගෙන ඒම.


2004 ජුනි 22 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින්, මෙතෙක් වාණිජ්‍ය පදනමකින් ගෙන තිබූ ජල සම්පත් කළමනාකරණ පිළිවෙත, දේශීයජල සම්පත් පරිහරණය, සංරක්ෂණය සහ සංවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය වශයෙන් සැලැසුම් කිරීම සඳහා අනුර දිසානායකගේ මූලිකත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම සහ ජල සම්පත් ප‍්‍රතිපත්තිය සංශෝධන කිරීම.


2005 අපේ‍්‍රල් 18 මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය’ සඳහා ලෝක බැංකු අනුමැතිය ලබාගැනීම.


2006 දී උතුරුමැද පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය වීම සහ පසුව වයඹ පළාත් සභාවට ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය ඉදිරිපත්කිරීම.


2007 දී වයඹ පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය වීම.


2008 දී පානීය ජලය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ගෙන ඒම.


2011 දී ගම නැඟුම ව්‍යාපෘතියේ යටතේ නිකුත්කළ වාර්තාවක “ජල සම්පාදන සේවා සඳහා පෞදිගලික අංශයේ ආයෝජන ඉහළ නංවනු ඇත“යන අන්දෝලනාත්මක අදහසක් අන්තර්ගත වීම.


2012 දී ජල කළමනාකරණ පනත පිළිබඳව අමාත්‍යාංශ ලේකම්ගේ කට වැරැදීමකින් යැයි කියමින් නැවත වරක් පළාත් සභාවලට ගෙන ඒම.

Last modified on Thursday, 06 August 2015 13:14

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us