නීතිය බල්ලට - පරිසර නීති වළපල්ලට - යහපාලනය බුදි

Published in පුවත්
Tuesday, 11 August 2015 10:45

ඌව පළාත් හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගල සිද්ත්‍රික්කයේ සෙල්ලකතරගම ගෙරිකටුවැව ගොඩකර එහි විශාල හෝටලයක් ඉදි කරමින් සිටී. 2010 වසරේ මෙම හෝටලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබූ අතර, 2015 ජනවාරි 08 වැනි දින ආණ්ඩු බලය මාරුවීමත් සමග තාවකාලිකව එහි ඉදිකිරීම් කටයුතු නතර කර තිබිණි. මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග යළිත් මේ හෝටලය ඉදිකිරීමේ කටයුතු කරගෙන යනු ලබයි.

දිනකට පෙදරේරුවන් ඇතුළු සේවකයන් 150කට අධික පිරිසක් මෙහි සේවයේ යෙදි සිටිති. කුඹුරු අක්කර දෙදහසකට පණ දෙන ගෙරිකටුවැවේ ප්‍රමාණය අක්කර විස්සකි. ඉන් අක්කර දහයක් ශෂීන්ද්‍ර සිය හෝටල් ව්‍යාපෘතිය සදහා පවරාගෙන ඇත.

මෙම වැව ගොඩකිරීමෙන් දැඩි පාරිසරික හානියක් සිදු වන අතර, ගොවිතැනට අවශ්‍ය ජලය සපයා ගැනීමද දුෂ්කර වී තිබේ. හෝටලය සදහා සංචාරකයන් ගෙන්වා ගැනීමට සීප්ලේන් යොදාගැනීම සදහා සැලසුම් කර ඇති අතර, හෝටලයේ ඉදිකිරීම් අවසන් වනතෙන් වැව් බැම්මේ කොටසක් කපා ඉවත් කර අතිරික්ත ජලය බැසයාමට සලස්වා තිබේ. ඉදිකිරීම් අවසන් වූ පසුව වැවේ ජලය පිරවීමට සූදානම් කර තිබේ. ජලය පිරවීමෙන් පසු මෙහි ඉදි කර ඇති කබානා ජලය මතුපිට සිටින සේ පෙනීමට සැලසුම් කර ඇත. එනම් කොන්ක්‍රීට් කණු මත එම කබානා ඉදි කරමින් සිටී.
වැවට අයත් අක්කර දහයක රක්ෂිතය කටු කම්බි, දැල් සහ තාප්ප යොදා ආවරණය කර තිබේ. ඉදිකිරීම් භූමියට කිසිවකුට ඇතුළු වීමට අවසර නොදෙන නිසාම සාමාන්‍ය ජනතාවට එම ප්‍රදේශය තහනම් කලාපයකි.

ගෙරිකටුවැව 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට ජල පහසුව ලබා දී ඇත්තේ එවකට අගමැති වු රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු අගමැතිධූරය දරන මේ යහපාලන ආණ්ඩු සමයේ පරිසර නීති සියල්ල උල්ලංඝනය කරමින් ගෙරිකටුවැවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ හෝටලයක් ඉදි කිරීම පුදුම සහගතය.

lankanewsweb.net

gerikatuwawa 2

Last modified on Tuesday, 11 August 2015 12:27

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us