එක්නැලිගොඩ ඝාතනය කළ බවට තොරතුරු

Published in පුවත්
Wednesday, 26 August 2015 08:42

අභිරහස් ලෙස අතුරුදන්ව සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සැලසුම් සහගත ලෙස පැහැර ගැනීමකට ලක්ව ඉන් අනතුරුව ඝාතනයට ලක්වී ඇතැයි සැක කළ හැකි තොරතුරු රැසක් හෙළිකර ගැනීමට රහස් පොලිසියට හැකි වී තිබේ.

සැලසුම් සහගතව ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කෙළේ නම් එම සැලසුම පිටුපස සිටින්නේ කවුද? එය සිදු කළේ කුමන අරමුණක් සඳහාද? එය සිදු කෙළේ කවදාද? කොතනකදීද? යන ගැටලුවලට නිවැරැදි තොරතුරු හෙළිකර ගැනීම සඳහා තවදුරටත් මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු වෙයි.

මේ වන විට ඒ සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු අනාවරණය වී තිබේ.

යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙක්, මාණ්ඩලික සැරයන්වරයෙක්, කෝප්‍රල්වරයෙක්, විශ්‍රාමික සැරයන්වරයෙක් සහ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් දෙදෙනෙක් මෙසේ රහස් පොලිසිය ‍මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

2010 වසරේ ජනවාරි 14 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී තිබුණි. එතැන් සිට වසර පහක කාලයක් තිස්සේ එම අතුරුදන්වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ සිදු කර තිබුණද ඒ සම්බන්ධව කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට සිදු වූ දේ සම්බන්ධව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ අංශවලට හැකිවූයේ නැත.

මේ අභිරහස් අතුරුදන්වීම සම්බන්ධව රහස් පොලිසිය යළි පරීක්ෂණ ආරම්භ කළේ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත මීට මාස දෙකකට පමණ පෙර වෙයි. එම කාලය තුළ රහස් පොලිසිය එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව තොරතුරු රැසක් හෙළිකර ගැනීමට සමත් වී තිබේ. එහිදී වඩාත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වූයේ එක්නැලිගොඩ මහතා පාවිච්චි කර ඇති දුරකථන අංකය හා සම්බන්ධ වී ඇති තවත් දුරකථන අංක විශාල ප්‍රමාණයක් අදාළ කරගෙනය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශ රටක ජීවත්ව සිටින බවට පසුගිය වසර පහ පුරාම විවිධ පුද්ගලයින් විසින් ප්‍රචාරය කර තිබුණි.

එක්තරා දේශපාලනඥයෙක් විදෙස් රටකදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා දුටු බවට ප්‍රචාරය කළ අතර ප්‍රගීත් විදේශ රටක සරණාගත තත්ත්වයෙන් ජීවත්වන බවට ‍තමාට තොරතුරු ලැබී ඇති බවට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ මානව හිමිකම් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණි.

මේ ප්‍රකාශ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කෙළේ නම් ඔහු විදෙස් රටක ජීවත්වන බවට සිදු කර ඇති ප්‍රකාශ කෙළේ සැලසුම්සහගතවද යන්න පිළිබඳවද පරීක්ෂණ අංශවල අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ එම අභිරහස් අතුරුදන්වීම සම්බන්ධව රහස් පොලිසිය හෙළිකරගත් තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිතව ඇත.

එහිදී ප්‍රගීත්ගේ අතුරුදන්වීමේ සුලමුල සහ ඊට සම්බන්ධ සියලු තොරතුරු දිග හැරෙනු ඇති අතර ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ද අධිකරණ අවසරය මත අත්අඩංගුවට පත්වනු ඇතිබව රහස් පොලිස් ආරංචි මාර්ගවල සඳහන් වෙයි.

 

dinamina

Last modified on Wednesday, 26 August 2015 08:51

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us